live@8, news1st මේ මොන දීනකමක්ද?

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
මචන් , ඔක දීන කමක් නම් ඊට වඩා කොච්චර නම් දීන කම් අපේ රටෙ වෙනවද...
ඉස්සල්ල ඒවා හදා ගත්තොත් නරකද..:nerd:
අනික.. news වල කියන්නේ ඈත්තද/බොරුද , කාට හරි කඩේ යනවද/ නෑත්ද කියන එකයි වෑදගත් එහෙම නෑතුව ඒකෙ නම නෙවෙයි... :no:
 

yaka007

Member
Apr 6, 2010
1,589
316
0
yatiyantota
එහෙනම් ස්වාදීන රූපවාහිනි කියල නම දාන්නේ නැතුව ITN කියල දාල තියෙන්නේ.
ඒක ලොකු වැරද්දක් නේද මචෝ
 

chinthakaruksha

Active member
  • May 14, 2009
    222
    31
    28
    අද තියන සමාජ තත්වෙත් එක්ක මේකෙ වැරද්දක් කියන්න බෑ. එත් ඔහොම පොඩි පොඩි දේවල් ගණන් ගන්නේ නැතුව ඉස්සරහට ගිය නිසා තමයි ලංකාවට කියල වෙනමම දෙයක් අද හොයාගන්න අමාරු. අනිත් ගොඩක් රටවල්වල එයාලටම කියල භාෂාවක්, සංස්කෘතියක් තියනවා. එත් ලංකාවේ තව ටික කාලයක් යනකොට ඔය දෙකම නැති වෙනවා. මොකද ඔය දෙකම වෙන සංස්කෘත හා වෙන භාෂා වලින් ආක්‍රමණය කරලා දැන් ගොඩක් සහ අපේ අය ඕව කතා කරන්න ගියාම සලකන්නේ සලකන්නේ හණමිටි අදහස් විදියට. මං දන්නවා මේක දැම්මම ගොඩක් අය එහෙම නෑ කියාගෙන එයි. එත් එයාලම හිතල බැලුවොත් ඇත්ත ඒක තමයි.
     
    Last edited:

    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    සිංහල භාෂාව ප‍්‍රධාන භාෂාව වූ රටක ඉංග‍්‍රිසියෙන් ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශය හැඳින්වීම මහා නිවටකමක්, දීනකමක් බව ප‍්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි. සමහර මාධ්‍ය ආයතන සිංහල ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශයන්ටද භාවිතා කරන්නේ ඉංග‍්‍රීසි ශීර්ෂයක් යටතේ බව සහ live@8, news1st ඒ සඳහා උදාහරණ ලෙස ඔහු දැක්වීය. ඒ මහතා මේ අදහස් පල කලේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මාසික ප‍්‍රකාශණය වන මුරගල සඟරාවේ ප‍්‍රධාන ආරාධිත දෙසුම කොළඹ සව්සිරිපායේදී පවත්වමිනි.
    තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
    ඊනියා නිදහසින් වසර 63ක් ගෙවී අප අද මේ අත් විඳින නිදසහ ඇල්ජීරියාවේ හෝ ඉන්දියාවේ මෙන් අරගල කොට ලබා ගත් නිදහසක් නෙමෙයි. ලෝකය පුරා අධිරාජ්‍යවාදී ප‍්‍රාසාද කඩා වැටීමේ පථිපලයක් ලෙස තෝන් ලණුව අතේ තියාගෙන අපටද දිගේලි කල නිදහසක් දෙන්නට සිදු වුනා. කෙසේ වෙතත් ඒ අසම්පූර්ණ නිදහස යටතේත් අප ජාතියක් ලෙස අත්පත් කරගත් ජයග‍්‍රහණ බොහෝමයි. උදාහරණක් ලෙස 1935 වසරේදී අපේ රටේ ළදරු මරණ අනුපාතය 1000කට 250ක් වුණු අතර 2010 වසර වන විට එය 1000ට 11ක් දක්වා අඩු වී තිබෙනවා. එය දියුණු ධෛර්යවන්ත ජාතියක ලක්‍ෂණයක්. තවත් කිවුවොත් අපේ රටේ දරිද්‍රතා මට්ටම සැසඳීමේදී එය ඉවසිය හැකි එකක් මිස කර්කෂ එකක් නෙමෙයි. මෙරට පාලනය කල සියළු නායකයන්ට එහි ගෞරවය හිමිවිය යුතුයි. විශේෂයෙන් වාමාංශික නායකයන්ට.
    ඒත් කණගාටුවට කාරණාව අපේ රටේ මිනිස්සුන්ට අවුරුදු 63කට පස්සෙත් කිරිපිටි සමාගම් ආදී බහුජාතික සමාගම්වල ග‍්‍රහණයෙන් මිදීමට නොහැකිවීම ඛේදවාචකයක්. බහුජාතික සමාගම් අපේ රටේ ආණ්ඩු ප‍්‍රාණ ඇපයට තබා ගෙන ඉන්නවා අපිට අපේ රටේ අපට අවශ්‍ය කිරි ප‍්‍රමාණය නිෂ්පාදනය කරන්න පුළුවන් කම තිබියදී.
    ඉන්දියාවට අද අවශ්‍ය වෙලා තියෙනවා මුළු දකුණු ආසියාවම තමන්ගේ අණසක යටතට ගන්න. මේ වන විටත් අප‍්‍රිකාව අධිරාජ්‍යවාදීන්ගේ අළුත්ම දඩබිම බවට පත්වී හමාර බවට එම කලාපයෙන් අපට ඇහෙන විලාපය සාක්‍ෂි දරනවා. ධනවාදය එහෙම තමයි. ලෝකය තම අණසකට ගැනීමට නම් ගැටුම් අවුළුවාලිය යුතුයි. භේද කල යුතුයි. රටවල් බෙදා වෙන් කල යුතුයි. ඔවුන් ලංකාවේ දෙමළ ජනයාගේ ප‍්‍රශ්ණයට කඳුළු සලන්නේ ඔවුන්ට ආදරේ නිසා නෙමෙයි.
    අපේ රටේ ජනමාධ්‍ය මේ තිත්ත ඇත්ත රටට කියන්නේ නැහැ. ඔවුන් තාරුණ්‍ය තරු හීනවල අතරමං කරනවා. මේ රටේ අති බහුතරයක් සිංහල. එත් කියන්න කණගාටුයි සමහර සිංහල රූපවාහිනී යයි කියාගන්නා නාලිකා තමන්ගේ ප‍්‍රධාන පුවත් විකාශණය හඳුන්වන්නේ ඉංග‍්‍රීසියෙන්. live@8, news1st, chat & music, rythem chat ආදිය ඉන් කිහිපයක්. මං දන්නෙ නැහැ මට කියාදෙන්න. ඇයි මෙහෙම කරන්න කියලා. ඉංග‍්‍රිසි හෙඩිම දැම්මම සුද්දො සිංහල ප‍්‍රවෘත්ති බලනවද. නැතිනම් අපි සුද්දො වෙනවද. නෑ... මේක තමයි නිවටකම. දීන කම. අපේ රටේ අපේ භාෂාවෙන් කථාකරන්න තරම් කොන්දක් අපේ රටේ මාධ්‍ය ආයතන වලට නෑ. අධිරාජ්‍යවාදයාට උන්ගේ ඊළඟ මෙහෙයුමට අවශ්‍ය නිවට මනස ශ‍්‍රී ලාංකිකයා ඇතුලේ හදන්නේ මොවුන්.

    oya deshakayata news kiyanna kiwwoth kawuruwath balanne na....eka creative widiyata denna one me gon thadinta eka therenne na...
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    කතාවෙ ඇත්තක් තියෙනව.
    West Indies vs Sri Lanka මැච් එකෙත් commentate කරන්නෙ ඉංග්‍රීසියෙන් විතරයි.70%ට වැඩිය සිංහල කතා කරන මිනිස්සු ඉන්න රටක ඒක joke වැඩක්.ඒ මැච් එක පෙන්නන්නෙත් ලංකාවෙ විතරයිනෙ:dull:.
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    thats true

    කතාවෙ ඇත්තක් තියෙනව.
    West Indies vs Sri Lanka මැච් එකෙත් commentate කරන්නෙ ඉංග්‍රීසියෙන් විතරයි.70%ට වැඩිය සිංහල කතා කරන මිනිස්සු ඉන්න රටක ඒක joke වැඩක්.ඒ මැච් එක පෙන්නන්නෙත් ලංකාවෙ විතරයිනෙ:dull:.
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    හොඳ උදාහරනයක් තමයි පිලිපීනය. අද වෙනකොට උන්ගෙ භාෂාවෙ (තගලොග් ) අකුරුවත් උන් දන්නෙ නැහැ. උන් පාවිච්චි කරන්නෙ ඉන්ග්‍රීසි අකුරු. මැලේසියාවෙත් එහෙමයි. ඒ අය ආර්ථික අතින් දියුනු ඇති. නමුත් උන්ගෙන් එහුවාම උන්ගෙ සංස්කෘතිය ගැන, උන් ගොඩාක් දුක් වෙනවා. මට තවමත් ලන්කාවෙ සංස්කෘතිය ගැන අඩම්බරයි. අපි මේක අරක්ෂා කරගත යුතුමයි..!
    අද තියන සමාජ තත්වෙත් එක්ක මේකෙ වැරද්දක් කියන්න බෑ. එත් ඔහොම පොඩි පොඩි දේවල් ගණන් ගන්නේ නැතුව ඉස්සරහට ගිය නිසා තමයි ලංකාවට කියල වෙනමම දෙයක් අද හොයාගන්න අමාරු. අනිත් ගොඩක් රටවල්වල එයාලටම කියල භාෂාවක්, සංස්කෘතියක් තියනවා. එත් ලංකාවේ තව ටික කාලයක් යනකොට ඔය දෙකම නැති වෙනවා. මොකද ඔය දෙකම වෙන සංස්කෘත හා වෙන භාෂා වලින් ආක්‍රමණය කරලා දැන් ගොඩක් සහ අපේ අය ඕව කතා කරන්න ගියාම සලකන්නේ සලකන්නේ හණමිටි අදහස් විදියට. මං දන්නවා මේක දැම්මම ගොඩක් අය එහෙම නෑ කියාගෙන එයි. එත් එයාලම හිතල බැලුවොත් ඇත්ත ඒක තමයි.
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    අද දෙරණ කියන නම කොච්චර ශ්‍රි ලාංකිකයිද ?
     
    Last edited:

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ඒකත් අපේ එවුන්ගෙ දීන කම තමයි.
    එහෙනම් ස්වාදීන රූපවාහිනි කියල නම දාන්නේ නැතුව ITN කියල දාල තියෙන්නේ.
    ඒක ලොකු වැරද්දක් නේද මචෝ