LOLC ජපන් අයිතිය ලංකාවට

Deleted

Well-known member
  • Aug 7, 2016
    9,034
    6,462
    113
    LOLC ජපන් අයිතිය ලංකාවට

    LOLC ජපන් අයිතිය රුපියල් බිලියන 12.8 කට ඉෂාර අත්පත් කර ගනී

    IsharaCNanayakkara-508x313.jpg​


    අද (28) පෙරවරුවේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 13 සීමාව ඉක්මවා ගියේය.

    මේ සඳහා හේතුවූයේ ලංකා ඔරික්ස් ලීසිං කම්පැනි (LOLC) පීඑල්සී සමාගමේ කොටස් ගනුදෙනුවකි.

    ලංකා ඔරික්ස් ලීසිං කම්පැනි හි ප්‍රමුඛතම කොටස්කරුවකු වූ ජපානයේ Orix Corporation ට අයත් වූ කොටස් 142,458,490 ක් මෙහිදී ගනුදෙනු වී තිබේ. මෙය සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 29.97% කි.

    මෙම ගනුදෙනුව සිදුව ඇත්තේ එක් කොටසක් රු. 90.00 බැගිනි. මෙම ගනුදෙනුවෙන් පමණක් ජනනය වූ පිරිවැටුම රුපියල් බිලියන 12.8 කි. (12,821,264,100.00)

    වාර්තා වන අන්දමට මෙම කොටස් මිල දී ගැනීම සිදු කර තිබෙන්නේ සමාගමේ විශාලතම කොටස් හිමියා වූ LOLC සමාගමේ උපසභාපති ඉෂාර නානායක්කාර මහතා විසිනි. ඔහු විසින් පූර්ණ හිමිකාරීත්වය දරනු ලබන LOLC හෝල්ඩිංග්ස් (පුද්) සමාගම හරහා මෙම කොටස් මිල දී ගැනීම සිදුකර තිබේ.

    මෙම ගනුදෙනුවත් සමඟම LOLC සමාගමේ ඉෂාර නානායක්කාර මහතාගේ හිමිකාරීත්වය 78.88% ක් දක්වා වැඩි වී තිබේ.

    Adaderana BIZ
     
    • Like
    Reactions: EvilEye

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,073
    6,999
    113
    Nawala
    LOFC , CLC වගේ LOLC එකට සම්බන්ද ආයතන වල කොටස් කොටස් වෙලදපොලේදි අද හෙට ඉහලයන්න පුළුවන් !!:yes: