love එක කැඩුනම...

Sucre

Member
Jun 22, 2010
54
3
0
මුලින්ම සමාව ඉල්ලනවා මගේ ඇත්තම එකවුන්ට් එකෙන් එන්නේ නැතුව මෙහෙම වෙන එකකින් එනවට. මේකට උදව් කරේ මගේ එලකිරියේ පරනම යාලුවෙක් . එයාගේ පාවිච්චි කරන්නේ නැති එකවුන්ට් එකෙන් මේක දාන්න දීලා.. මෙහෙම එන්නේ මේක ගොඩක් පෞද්ගලික දෙයක් නිසා. මේක දාන්න ඇත්තටම හිතුවෙ 081828 සහෝ දාලා තිබ්බ love එකෙන් ගොඩ එන්න sup එකක් කියන ත්‍රෙඩ් එක දැකලා. එහෙනම් මෙහෙමයි විස්තරේ. මේක බොරුවක්වත් අසහනයක්වත් නෙමෙයි, හිතේ තියෙන කාටවත් කියන්න බැරිදේ මෙහෙම එලියට දාන්න හදනවා විතරයි.
මම බැඳලා, මට ලමයෙක් ඉන්නවා,මම මීට අවුරුදු 4කට කලින් ජොබ් එකකට ආවා, මම එතන ටිකක් වගකිවයුතු නිලයක් දැරුවේ, මම එතනට ඇවිල්ලා මාසයක් විතර වෙද්දි මට කෝල් එකක් ආවා, මට හිතාගන්න බැරි උනා කවුද කියලා, පස්සේ බලද්දි මගේ ඔෆිස් එකේම ගෑනු ලමයෙක්, එයා මගේ නම්බර් එක හොයාගෙන කතා කලා, මට පුදුමත් හිතුනා මොකද ඒ වෙද්දි මගේ නම්බර් එක ගොඩ දෙනෙක් ගාව තිබ්බේ නැහැ,
මුලින්ම සාමාන්‍ය දේවල් කතාකලා, පස්සේ පස්සේ එයා මට එයාගේ පවුල් ජීවිතේ ගැන කියන්න ගත්තා, එයාගේ මහත්තයගේ වැරදි කියන්න ගත්තා. ඔහොම යන කොට නිකම්ම අපේ අතරෙ සම්බන්ධයක් පටන් ගත්තා. පොඩියට පටන් ගත්ත දේ ලොකුවටම ගියා, මට එයාව නැතුව බැරි උනා, එයාටත් එහෙමයි, එයත් මට ගොඩක් ආදරය කරා,
එයාගෙයි මහත්තයගෙයි ප්‍රශ්න දිගටම තිබුනා. පහුගිය අවුරුදු 4ට එයාට මහත්තයා ගහලා 3 පාරක් ඉස්පිරිතාලේ නැවැත්තුවා, කීප පාරක්ම එයා අම්මලගේ ගෙදරත් ගියා ලමයා එක්ක, ආයේ මසෙකින් දෙකකින් ගෙදර ගියා, මහත්තයා එක්ක ඉන්නේ එයාගේ ගෙදරක, මහත්තයට කියලා මුකුත් නැහැ, මම බලන්නත් ගියා ඉස්පිරිතාලේ ඉද්දි, හොඳටම ගහලා ඇහැකට ලේ බහින්න ගහලා තිබ්බා, ඒ තුවාල එක්ක ඔෆිස් ආවා, මම හැමදේකදිම එයා ලගින් හිටියා,
දැන් මාස 6කට විතර කලින් ආපහු මහත්තයා එයාට ගහලා තිබ්බා, ඊට පස්සේ එයා අම්මලගේ ගෙදර ගියා දරුවා එක්ක, එයා තීරණය කරා මහත්තයගෙන් වෙන් වෙන්න, ඒකට ලෝයර් කෙනෙක් හම්බවෙලා නඩුවකුත් දැම්මා, මිනිහට මෙයාව එපා වෙන්න කියලා එක එක දේවලුත් කරා දේවාල ගානේ ගිහිල්ලා.
මේ අතරේ මුලදි එයාගේ මහත්තයා ඔෆිස් එකට කතා කරාම කතා කරන්නේ නැතුව ෆෝන් එක කට් කරා,දැන් මාස2ක විතර ඉදන් මේ දේවල් ටික ටික වෙනස් උනා.
දැන් තමයි කතාව පටන් ගන්නේ, මට තේරුනා මෙයා ආයේ මහත්තයා එක්ක කතා කරනවා කියලා, මොකද මෙයාගේ වෙනසක් මට තේරුනා, දැන් මාසෙකට විතර කලින් එයා මට මෙහෙම කිව්වා, එයා ඉන්නේ අම්මලගේ ගෙදර, අම්ම එක්ක ඉන්න බැහැ රන්ඩු කරනවා කියලා නිතරම කියනව, ඒක නම් ඇත්ත ඒ අම්මා එක්ක ඉන්න අමාරුයි, එයාගේ දරුවට බනිනවා ගහනවා කිව්වා, එයාට එහේ ඉන්න එක එපාවෙලා තියෙන්නේ කිව්වා.
හිතාගන්න බැරි දෙයක් ඊට පස්සේ කිව්වා, එයා ආයේ එයාගේ මහත්තයා එක්ක යනවා කිව්වා, එයාට හොඳ කෙනෙක් වෙන්න ඕන කිව්වා, ලමයයි මහත්තයි එක්ක හොඳ ජීවිතයක් ගත කරනන් ඕන කිව්වා, මේ ආදරේ නතර කරමු කියලා කිව්වා, එයා ලගදි මෙහෙන් අස් වෙනවා කිව්වා. ඉතිං මට එකපාරටම හිතාගන්න බැරි උනා, මොකද මම බලාපොරොත්තු උන දෙයක් නෙමෙයි මේක, මට ලොකු ශොක් එකක් උනා, නමුත් මම ඒක පෙන්නුවෙ නැහැ.
මම කිව්වා හරි ඔයා යන්නේ ඔයාගේ පවුලේ සහ දරුවගේ යහපතටනේ, ඒක නිසා කමක් නැහැ හොඳින් ඉන්න කියලා, මම ඊට පස්සේ කෝල් කරන එක චැට් කරන එක ගොඩක් සීමා කරා, ඔෆිස් දේවල් වලට විතරක් තියාගත්තා.
අදටත් එයා වැඩ කරන්නෙ අපේ ඔෆිස් එකේ, මේක ලියන වෙලාවෙත් මට එයාව පේනවා, මම පිරිමියෙක් නිසා මම හිත හයිය කරගෙන වැඩ කරනවා, ඒත් පහුගිය අවුරුදු 4 කරපුව එක පාරෙන් අමතක කරන්න බැහැ, එයාට නම් ඒක ගොඩක් ලේසි වගේ, මොකද එයා ඔෆිස් එකේ අනිත් අයත් එක්ක හරි සැහැල්ලුවෙන් ඉන්නවා,
මම කිසිම දුකක් පෙන්නන්නේ නැහැ, ඒත් මට හිතාගන්න බැහැ මෙහෙම ගෑනුන්ට වෙනස් වෙන්න පුළුවන්ද කියලා. එයාගේ මහත්තයා ගැන එයා කියපු කතා එකක් ආයේ ගිහිලා පවුල් කන්නේ කොහොමද කියලා මට පුදුමයි, මට එයා කියපු දේවල් මතක් වෙනවා.. මම නැතිඋනොත් මැරෙයි, දාලායන්න එපා, මගේ හුස්ම, මේ වගේ ගොඩක් දෙවල්.
හැමදාම දකිනකොට තමයි ටිකක් මතක් වෙන්නේ, එයා යන නිසා ඒකත් අඩුවෙයි කියලා හිතනවා..
මට එකදෙයක් ගැන සතුටුයි, මොකද මම එයාට යන්න දෙන එකෙන් තව පවුලක් හොඳින් තියන්න මම කැපකිරීමක් කරාකියන සතුට තියෙනවා, අනික මම මගේ පවුලට කරපු වංචාව නිකම්ම නතර කරන්න පුළුවන් උනා, ඒකත් වටිනවා..
මම කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි මේක දැම්මේ, මගේ හිතේ හිරකරන්න ඉන්නවට වඩා මෙහෙම එලියට දාන එක සහනයක් නිසා..
හිතාගෙන ඉන්නේ ආයේ මෙහෙම සම්බන්ධවල පැටලෙන්නේ නැහැ කියලා..
මම කරපු දේ හරි නේද? යන කෙනා ඇයි බලෙන් තියාගන්නේ,, අනික ඒ පවුල හොඳින් ඉදීනේ..
මෙහම හරි වැරදි හදාගන්න ලැබුන එක ගැන සතුටු වෙනවා

 
  • Like
Reactions: madusha.stranger

akila0000

Member
Aug 14, 2007
499
18
0
WARADI HADAGANNA A1 HODA WADAKK.... AYE OYA WARADDA KARANNA EPA ... MOKADDA NATE TAN JIVITA KIYAK WINASA WEII DA OYA DEWAL PAULA DANAGATTOTH ... ELA BROOOO !!!!!!
 

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    උබ වැරදියි සහෝ
    මනුස්සකමට උදව් කරට කමක් නැහැ නමුත්
    බැදපු ගැනියෙක් එක්ක සම්බන්දයක් ඇති කරගැනීම හරි දෙයක්ද???
    අනික උබට ලං වෙලා තියෙන්නේ උබට ආදරේට නෙවේ.
    වැරදි හදාගෙන ජිවත් වෙයන්
    තෙරුවන් සරණයි
     
    Last edited:

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Anunnge prasna wisadanna gihilla thamange Jewithe Loku prasneka Dagan nathiwa beruna 1 gana sathutu wenna
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දැන් හරි ජීවිතේ තේරුම ගත්ත එක ලොකු දෙයක්..
    ටික කාලයක් යද්දි අමතක වෙයි..
    කාලය ඕන තුවාලයක් සුව කරනවනේ..
    අනික එයාගේ හබියා එක්ක ආයේ කචල් දාගත්තොත් ආයේ වෙන එකෙක් එක්ක එල්ලෙයි..
    උඹ බේරුනා කියලා හිතා ගනින්,
     

    toga boy

    Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    ma seen eka wela thiyanna mathath ofz eka girl kenak eya badinna hitiya kolla inna kota math ekka yaluwona.dan e kolla dannawa math ekka yalu wela inna kiyala.
    e kolla dan kellawa maga arinawa.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මට නම මචන් එක දෙයයි කියන්න තියෙන්නේ.....උඹ මේ දුක්වෙන්නේ ළමයෙක් ඉන්න බැදපු වෙන ගැණියෙක් ගැන ..එත් මේ මොනවත් නොදන්න අහිංසක ගැනියෙක් උඹගේ ගෙදර උඹට ආදරෙන් ඉන්නවා ..කවදාහරි උඹේ ගැනිත් මෙහෙම අනියම් සම්බන්ධයක් පටන් අරගෙන උබට වඩා ඒ මිනිහට ආදරේ කලොත් ..?
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අපිට ඕනි තරම් අවස්ථා ලැබෙනවා වැරදි මාර්ගයේ යන්න ...ඒවගේ යන්න ලේසි ..ගිහිල්ලා අමාරුවේ වැටුනම ගැලවෙන්න අමාරුයි ...ඔෆිස් වලදී ඕවා වෙනවා ..මාත් උබ වගේ රස්සාවක් කළා ..මගේ යටතේ ලස්සන පොඩි කෙල්ලෝ වැඩ කළා ..අන්ටිලත් වැඩ කළා ..එක දවසක් එක කෙල්ලෙක් මට පෙන්නම පිටිපස්ස හරවල මොකද්ද ගන්න නැමුනා ..ජොකා එහෙම හොදට පෙන්නම නැමුනා...එත් මම නොදැක්කා වගේ හිටියා ...

    .මචන් උඹ වගකිවයුතු තනතුරක් දරනවා නම් එකේ ගරුත්වය තියාගෙන ඉදපන් ....නැත්තන් එකේ ගැණු පෙරේතයෙක් කියලා ප්‍රසිද්ධ උනොත් උබට තියෙන ගෞරවය නැති වෙන එක කියන්න දෙයක් නෑනේ..
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    වැරදි කලේ උබ නෙමෙයි. අර ගෑනු කෙනයි.
    ඒ ගෑනි සෙල්ෆිෂ් විදිහට උබව පාවිච්චි කරා අවශ්‍ය වෙලාවට. ඊටපස්සේ උබව අනවශ්‍ය නිසා කපල දැම්ම. ගේමක් වත් නෑ නේද?
    හුඟක් ගෑනු ඔය විදිහෙට හැසිරෙනව. මම කියන්නේ මිනිහ ගහන්න ඕනේ නැහැ.. හුඟක් කෙල්ලෝ ඉන්නවා සෙල්ෆිෂ් කෙල්ලෝ. (වැඩි පුරම ඉන්නේ සෙල්ෆිෂ් ජාතිය. මට හම්බෙලා තියෙන එවුන්ගේනුත් හැම කෙල්ලම පට්ටම සෙල්ෆිෂ්) පරාර්තකාමිව හිතන්න පුළුවන් කෙල්ලෝ පට්ට අඩුයි. නැති තරම්.

    උඹට හිතන්න තියෙන්නේ කොහෙවත් යන චාටර් කෙල්ලෝ නිසා මම පරාජිතයෙක් විදිහට හිතන එක නෙමෙයි, පාඩමක් ඉගෙනගෙන ආයේ ඔය වගේ ගොන් වැඩ කරන්නෙ නැතුව එල කොල්ලෙක් වගේ ඉන්න එක.

    ඔය වගේ දේවල් වලදී හුඟක් වෙලාවට ගොඩක් එවුන් කරන්නේ අවස්ථාවාදී විදිහට හිතල ඒකිට අනින්න යන එක. එක හරි වැඩක් නෙමෙයි කියල උබට තේරෙනවනෙ. උබ පාඩුවේ ඒවගේ දේවල් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් උනානම් උබ එල decent මිනිහෙක්.
     
    Last edited:

    USBEE

    Banned
    Sep 26, 2015
    74
    13
    0
    HTML:
    <video width="520" height="370" controls preload="metadata">  <source src="http://alien-ufo-research.com/ufo_videos/russian-migs-ufo-sighting.mp4" type="video/mp4">  <source src="http://alien-ufo-research.com/ufo_videos/russian-migs-ufo-sighting.webm" type="video/webm">Your browser does not support this type of video. Try another browser!</video><br><a href="http://alien-ufo-research.com/ufo_videos/" target="_blank">http://alien-ufo-research.com/ufo_videos/</a><br>
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    වැරදි කලේ උබ නෙමෙයි. අර ගෑනු කෙනයි.
    ඒ ගෑනි සෙල්ෆිෂ් විදිහට උබව පාවිච්චි කරා අවශ්‍ය වෙලාවට. ඊටපස්සේ උබව අනවශ්‍ය නිසා කපල දැම්ම. ගේමක් වත් නෑ නේද?
    හුඟක් ගෑනු ඔය විදිහෙට හැසිරෙනව. මම කියන්නේ මිනිහ ගහන්න ඕනේ නැහැ.. හුඟක් කෙල්ලෝ ඉන්නවා සෙල්ෆිෂ් කෙල්ලෝ. (වැඩි පුරම ඉන්නේ සෙල්ෆිෂ් ජාතිය. මට හම්බෙලා තියෙන එවුන්ගේනුත් හැම කෙල්ලම පට්ටම සෙල්ෆිෂ්) පරාර්තකාමිව හිතන්න පුළුවන් කෙල්ලෝ පට්ට අඩුයි. නැති තරම්.

    උඹට හිතන්න තියෙන්නේ කොහෙවත් යන චාටර් කෙල්ලෝ නිසා මම පරාජිතයෙක් විදිහට හිතන එක නෙමෙයි, පාඩමක් ඉගෙනගෙන ආයේ ඔය වගේ ගොන් වැඩ කරන්නෙ නැතුව එල කොල්ලෙක් වගේ ඉන්න එක.

    ඔය වගේ දේවල් වලදී හුඟක් වෙලාවට ගොඩක් එවුන් කරන්නේ අවස්ථාවාදී විදිහට හිතල ඒකිට අනින්න යන එක. එක හරි වැඩක් නෙමෙයි කියල උබට තේරෙනවනෙ. උබ පාඩුවේ ඒවගේ දේවල් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් උනානම් උබ එල decent මිනිහෙක්.


    :yes::yes: