දෙයක වටිනා කම දන්නේ ඒ දේ නැතිව දුක් විඳපු, දුක් විඳින අය. හැම වෙලාවෙම සුළු දෙයක් හරි පුළුවන් නං තව කෙනෙක්ට දෙන්න, බෙදා හදා ගන්න ඒ දේවල් වුවමනා කරන අය එක්ක. මේ ඉරණම සංසාරයේ අපි අනන්තවත් විඳලා තියෙනවා. ඉදිරියටත් විදින්න තියෙනවා කියල හිතේ තියා ගන්න. මේ පින්තුරේ ඉන්නෙත් අපට ඉන්නවා වගේම පුතෙක් දියණියක් නේද කියල හිතන්න.
මඟ තොටදී මේ වගේ දරුවන් දැක්කොත් තමන්ගේ දියණියකට පුතෙක්ට දක්වන ආදරය කරුණාවම මේ පාරේ ඉන්න දරුවන්ටත් දක්වන්න.

