
අවසන් ලියුමයි ඔබට ලියන්නේ - ඇනිබල් ඇන්ටිගේ පෑනෙන්
කියවා බලලා තේරුම් ගන්නකො - මගේ හිත දැන් දුක් ගොන්නේ...
එයා පැලැන්දු ජනපති මාලේ - වැඩක්ම නැති බව මම දනිමි
මෙලෝ රහක් නැති දින සීයක් ගෙවූ - රනිල්ගේ විගඩම් මම දුටිමි
එකටම හිටියත් මටම කෙළියි මුන් - සදාතනික වේදනා මගේ
කියවා බලලා තේරුම් ගන්නකො - මගේ හිත දැන් දුක් ගොන්නේ...
ඇන්ටි තවත් දේ ලියන්න කිව්වත් - මොනවා ලියන්නද මිට වඩා
අගමැතිකම දෙන්නට වෙන බව මම - දන්නවා ඔය ඇන්ටිලට වඩා
ඒ හින්දා දැන් ලිවුම කියෝලා - හිත අමනාපෙන් ඉන්න එපා
දහඅට වෙනිදට සුභ පතනා විට - අහක බලානම් ගන්න එපා..
