පොඩ්ඩක් පරක්කු උනා නේද
ඇත්තම කියනව නම් සමහර විට හෙට එන්න වෙන ඒකක් නෑ මොකද සදුදා මේ අර මම කිවෙ අපේ මාමගෙ පුතෙක් බදිනවා.ඒ නිසා ඉතින් උදව්වට එහෙ යන්න වෙනවා.ඒ නිසා අද පුළුවන් තරම් කියන්නම් මචන්ලා සමාවෙන්න ආයේ හම්බෙන්න වෙන්න එන මාසේ වගේ තමයි අයිගෙ ලවු පාරට.
______________________________________________
මෙතන ඉන්දල තමයි මගේ ජිවිතේ වෙනස් වෙන්නෙ වෙනස් වීම හරිම කාළකණ්නි විදියට තමයි සිද්ධ වෙන්නෙ.S ගෙ අම්ම කිව දේ තමයි මම මේ කියන්නෙ මචන්.මම කිසි දෙයක් ඇහෙන් දැක්කෙ නෑ නේ.උදේ 9 වගේ මචන් මුහුද හිදිලයි කියල මුහුද කිට්ටුවම ඉන්න ධීවර පිරිස කියාගෙන ඇවිල්ල තියෙනවා මුලින්ම පොඩි රැල්ලකුත් එක්කම මුහුද හිදුනලු කවදාවත් නැති විදියට මුහුද හිදිල කියල ආරන්චිය ගමේ හැම තැනම පැතිරිලා.හැමෝම යනවලු ඔය විපිරියාසේ බලන්න.S ලගෙ ගෙදර අයත් ඔය සීන් එක බලන්න යන්න ඈස්ති වෙලා.එතකොට එස් කාටද කෝල් කරනවලු එයා ගෙදර ෆෝන් එක ළග තියෙන තැන ඉන්නව අම්ම දැකල තියෙනවා.එහෙ ඉන්න නංගිත් එතකොට ඇහැරිලා.තාත්තත් ගෙදර නිසා.අම්මයි අර නංගිට කලින් තාත්තයි Sයි බයික් එකේ ගිහින් මේ සීන් එක බලන්න මුහුදට.පොඩි අඩි පාරක් තියෙන්නෙ මුහුදට
අම්මයි අර නංගී ගෙදර දොරවල් එහෙම වහල ඊළගට යන්න ගිහින් තියෙන්නෙ ඒ ගොල්ලො ඉතින් අහල පහල අය එක්ක කථා කර කර යනවලු මුහුද බලන්න.තාත්තයි එයයි(S) තමයි මුලින්ම මුහුද බලන්නෙ.කවදාවත් නැති විදියට හෙන දුරට මුහුද හිදිලලු මිනිස්සු හිදිච්ච මුහුදෙ ඉන්න මාලු අල්ලන්න පොරේ.ඇයි ඉතින් මෙහෙම චාන්ස් ඒක් ආයේ දකින්න හම්බෙයිද දන්නෙ නෑ නේ.ඒ දවස් වල ඔය පොඩි පොඩි කැමරා ෆෝන් නැත්තෙම නෑනේ. ඔය සීන් කැප්චර් කරපු එවුන් නැතුවම නෙවෙයි.ඒත් ඉතින් ඕව එළියට ආවේ නෑ.කැම් සවුත්තුයි ලුණු වතුරට අහු වෙලා.තාත්ත කියනවා.කෙල්ලත් ළගින් හිටියලු කොහෙවත් ගියේ නෑලූ බයික් එකත් එහයින් තිබ්බලු.ඔන්න හිදිච්ච මුහුදෙ වතුර ටික ටික ඈත ඉදන්ම පිරීගෙන ආවලු.හරිම අසාමාන්‍ය වේගයක්.ඒත් මිනිස්සු බය නැතුව යනවලු ඉස්සරහට බලන්න.ඔන්න දැන් ටික ටික තේරෙනවා මිනිස්සුන්ට මුහුද එන පොට හොද නෑ පොඩ්ඩ පොඩ්ඩ පස්සට වෙනවලු.මොන පස්සටද එන වේගේ එන්න එන්නම වැඩි වෙනවලු.මිනිස්සු දුවන්න පටන් ගන්නෙ ඔය අතරම තමයි.සේරම උන් දුවනවලු.තාත්තයි Sත් දුවනවලු.ඔන්න වෙනද තිබ්බ වෙරළ සීමාව පන්නනව මතකයිලු මුහුද.කළුම කළු වතුර.වෙනද රැල්ල නෙවෙයි.මුහුදෙ හිටිය මිනිස්සු කෑ ගහනවලු.අම්ම අප්ප මතක් කර කර.සේරම ආයේ පස්ස නොබල දුවනවලු.ඒත් තාත්තට අපේ ගේ පාස් කරන්නවත් වෙලාවක් තිබ්බෙ නෑලු
තාත්ත අල්ල ගත්ත ඔරුවෙනුත් කීප දෙනෙක්ම ඔරුව අත ඇරිල ගහගෙන ගිහින් කෙල්ල පේන මානයක නෑලු මොකො ගෙවල් කඩාගෙන ගස් අස්සෙන්නෙ ගහගෙන යන්න සුනාමි වතුරට.මිසින්නු කෑ ගහනවලු.මුහුද බලන්න යමින් හිටපු අම්මයි නංගී දුවල පන්සලටම ඒ හරියට නම් වතුර ඇවිල්ල නෑ පන්සල ගාවින් යන ඇලේ මිනිස්සු ගහගෙන යන හැටි බලන් මර ලතෝනි දිදී ඉන්නවලු.කෝ මේ කෙල්ලයි මනුස්සයයි කියල හොය හොය.මොන කිසි දෙයක් නෑ.අම්මටත් සිහිය නැති වෙලා පස්සෙ තමයි සිහිය ඇවිල්ල තියෙන්නෙ.අම්මව බදාගෙන නංගි අඩනවලු.මගේ හොද යාලුවෙක් ඌ මුහුද බලන්න ගිහින් වතුරෙ ගහගෙන එද්දි.ගාලු පාරේ හයි කරල තියෙන මාර්ග සළකුණු බෝඩ් එකකට උගේ බඩ කපාගෙන ගිහින් .කද වෙන් වෙලා කොටස් දෙක හම්බුනේ තැන් දෙකක තිබිල.තාත්ත අල්ල ගත්ත ඔරුව කොහොම හරි ගස් අස්සෙ හිරවෙලා සේරම උන් ගහට නැගගෙන කෑ ගහනවලු මර ලතෝනි දිදී.තාත්තටත් සිහියක් නෑ එයා එක්ක ආපු එකම දරුව පේන්න නැති හින්දා.පැය 2කක් වගේ ගිහින් වතුර ටික ටික බැහැල ගිහින්.ඔන්න ඔය බේරිච්ච මිනිස්සුන්ගෙ තුවාල වෙච්ච මිනිස්සු එළියට එනවලු.කීප දෙනෙක් හම්බුනේ අපිත් ගියාට පස්සෙ කඩන් වැටිච්ච ගෙවල් අස්සෙ බිත්ති අස්සෙ හිර වෙලා.








මමත් හිතාගෙන ඉන්නේ මම love කරපු කෙල්ල මැරුණා කියලා...