|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Angel

Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    thanx for ur rep dear :D

    welcome7.gif

    :D:D:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    [/CENTER]
    .........හ්ම්,අම්මප මට නේද සිරාවට වාහනේකට පනින්නමයි හිතුනෙ.කොළඹ-මීගමු පාරේ එන
    ඔන්න දැන් කොල්ලට හෙනම බයයි.වැඩ්ද වගේ හිතේ තියෙන දේවල් කියන්න ගිහින් ගෙදර ගිහින් සම්බෝල ලැබෙයිද දන්නෙ නෑ නේ.එදා ක්ලාස් එකේ හිටියත් උගන්වපු කිසි දෙයක් ඇහුණෙත් නෑ.ගෙදර ගිහින් ටික වෙලාවකින් කන හැටි මතක් කර කර හිටිය මිසක්.හොරෙන් N දිහා බැලුවම අපෝ මෙයත් මම දිහා බලල දැවී අළුවී යන්න රවනව.පැය දෙකක් මට නිකන් මහා කල්පයක් වගේ.පිස්සු පීකුදු

    අවසාන මොහොත මාගේ පෝරකය දෑස මානේ
    පෙනේවී රූපේ ඔබගේ මැවි මැවී මාගේ වස්තුවේ
    දැනෙයි මට සුවඳ ඔබගේ....................


    ක්ලාස් ඉවර උනා කියමු.මම හිතන් හිටියෙ කලින්ම ගෙදර ගිහින් කාමරේ දොර වහගන්න.එතකොට එක රැයක් හරි ගුටි නොකා ඉන්න හැකිනේ.ඒත් කොහෙ යන්නද.දන්නවනෙ කොල්ලො උන් එක්ක ඉතින් පනිනව බොරු වටේම උන්ට ගුඩ් නයිට් ඇදල එනකොට බැරියැ.අනේ සොරි ඩොට් කොම් N ගිහින් ඒ ළගම ඉන්න යාලුවෙක් එක්ක.මාත් හෙමින් හෙමින් තනියම ඇදුන ඒ පැත්තට.මෙන්න ඉන්නවා මම එනකම් බලාගෙන.යාලුවගෙ ගෙදර තියෙන්නේ මහ පාර ළගම වගේ.අපේ ගෙවල් හරියට පපාර පැනල අතුරු පාරකින් යන්න ඕනේ.N කවදාවත් ඔය පාරේ තනියම ක්ලාස් ඇරිල යන්නෙ නෑ.කැමති නැත්නම් ගෙවල් වලට නොගිහින් ගොඩින් බේර ගන්න පුළුවන් වෙයි කියල මාත් ඉතින් ශේප් එකේ ඇද්ද.යාලුවට බායි කියලා Nත් ආව යන්න යහතින් පාරත් පැනගෙන දැන් අතුරු පාරේ යනවා කිසිම සද්දයක් නෑ.ටික දුරක් ගියා.පොඩි කන්දක් වගේ ප්ලේස් එකක් තියෙනවා.එතන ඔය ලොකු ගස් වගේකුත් තියෙන හරියක්.කවුරුත් නෑ.මාත් ඉතින් සයිලන්ට් එකේ ඇදෙනවා.එක පාර මගේ අතින් ඇද්ද කියල මට තේරුණා.මාත් ඇස් දෙක වහගෙන නැවතුනා.N මගේ ළගට ඇවිල්ල අහනව සුදු අයියෙ ඔයා ඇත්තටමද අරක කිව්වෙ කියලා.මට තේරුණා බයක් වෙන්න දෙයක් නෑ මෙයා ශේප් කියලා.මාත් බොක්කෙන්ම ඔව් සුදු නංගී කියාගෙන ඒ අත් දෙකත් අල්ල ගෙන ඒ මූණ දිහා බැලුවා.ඇස් දෙකේ කදුළු බේරෙනවා.මට හරිම දුක හිතුන.මම ඇහුව ඇයි ඔයා අඩන්නෙ කියල.ඊට පස්සෙ තමයි එයා කියාගෙන ගියේ
    එයත් මට ළන් වෙන්න හැම මොහොතකම උත්සහ කරාලු.ඒත් එයාගේ ආදරේ මට දැණුනෙ නෑලු.මම ගැන හිත හිත අනන්ථවත් මේ වගේ අඩල ඇතිලුඑයා හිතුවලු එයා ගැන මගේ හිතේ හොද යාලුවෙක්ට වඩා කිසිම හැගීමක් නෑ කියලා..ඒව කියනකොට මටත් ඇඩුන.මට තවත් ඒව අහන්න ඕන කමක් තිබුණෙ නෑ.අත් දෙකෙන් තුරුළටම ඇදල ගත්ත එයාව පපුවට තියල තද අරගෙන ඒ ඔළුව ඉඹල.මම කිව්වෙ මේ සුදු අයිය ඔයා ගාව හැමදාම මෙහෙම ආදරෙන් ඉදීවි සුදු නංගී.ඔයාව හැම දාම සතුටින් තියන්න මම පොරොන්දු වෙන්නම්,ඔයා මේ පිස්ස ළගටම වෙලා මේ විදියට ඉන්න කො පැටියො කියලා.ඊට පස්සෙ පාරෙන් අපි ගහක් පැත්තට ගිහින් එහෙම බදාගෙන විනාඩි ගානක් ඉන්න ඇති.ඒ හදවතේ උණුසුම විදින්න මම කොච්චර කාලයක්.බලන් ඉන්න ඇද්ද.එයත් ඒ වගේ කොච්චර ඉන්න ඇද්ද.ඒත් කොහොමහරි ඒ හදවත මගේම නේද කියලා මට හිතාගන්නවත් තාම අමාරුයි.හීනයක් වගේ.ඒ වෙලාව ගැන ලියන්න වචනත් නැති තරම්.දැන් උනත් මතක් වෙද්දී අපේ ඇස් වලට කදුළු එන තරම්

     
    Status
    Not open for further replies.