අහසේ තරු කැන් ඉහිලා දුකකින් වගේ
අඳුරේ හෑඬුවා රහසේ
තනිකම ඉහිලුම් නොදේ
ගිලුනා හද මා අඳුරේ
ඔබ පෙරදා ආදරේන්
මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ
මතකද හැන්දෑවේ අපි දෙන්නා
මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා //
තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා
මනරම් හෑඟුම් දහස සොඳුරේ ඔබමය සැමදා
ඔබ පෙරදා ආදරෙන් මා ලඟින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ
මතකද හැන්දෑවේ............//
සුසුමේ වෙලී උණුසුම් වෙවී
වස්සානයේ අප ළං වූ හැටී
හිරිමල් හිතේ හීනයක් වගේ
හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ
ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේමතකද හැන්දෑවේ ..............///





menna meyath kavi kiyanava. dan baluvahama methana inna seerama vage honda kavi kaariyo, kavi kaarayone 
