LRT විකල්ප විසඳුමක්

anjwj

Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    දැනටමත් අවලංගු කර ඇති කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (එල්ආර්ටී) ව්‍යාපෘතියට විකල්ප විසඳුමක් පිළිබඳව අමාත්‍යාංශය මේ වන විට අධ්‍යයනය කරමින් සිටින බව ප්‍රවාහන අමාත්‍ය ගාමිනි ලොකුගේ ඊයේ (සැප්තැම්බර් 30) පැවසීය.

    එල්ආර්ටී ව්‍යාපෘතිය අවලංගු කිරීමේ කැබිනට් යෝජනාව සිය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

    ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගනිමින් බටහිර පළාතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති එල්ආර්ටී ව්‍යාපෘතිය අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.

    ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (ජයිකා) විසින් සපයනු ලබන අරමුදල් උපයෝගී කර ගනිමින් යෝජිත කොළඹ එල්ආර්ටී ව්‍යාපෘතිය බටහිර කලාපයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි.

    භාණ්ඩාගාර ලේකම්, නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ නිවාස ලේකම්, ජාතික සැලසුම් අධ්‍යක්ෂ ජනරාල්, බාහිර සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සභාපති වෙත පිටපත් කරන ලද ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් මොන්ටි රණතුංගට ලිපියක් යවමින්; ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. එල්ආර්ටී ව්‍යාපෘතිය ඉතා මිල අධික බවත්, සුදුසු, ලාභදායී විසඳුමක් නොවන බවත් නිරීක්ෂණය කළ හෙයින්, ව්‍යාපෘතිය අවසන් කර වහාම ක්‍රියාත්මක වන පරිදි ව්‍යාපෘති කාර්යාලය වසා දමන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින ලෙස ජයසුන්දර මහතා පැවසීය. ප්‍රදේශයට ප්‍රවාහන යටිතල පහසුකම්.

    තවද, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශයේ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර සුදුසු ප්‍රවාහන විසඳුමක් සකස් කළ හැකි බව එම ලිපියේ සඳහන් වේ.

    http://www.themorning.lk/alternative-for-light-rail-transit-project-minister/

    --------------------------------------------------------------------

    2013 2014 අවුරුදු වුනොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ මොනෝරේල්. ප්‍රොජෙක්ට් එකක් ගෙනාවා යහපාලන ආණ්ඩුව ඇවිත් ඒක cancel කරලා ැහැල්ලු දුම්රිය ව්‍යාප්තියක් ගෙනාවා දැන් ආයි ඒකත් cancel කරල

    කොහොම වුණත් දැන් දවසින් දවස කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල මාර්ග තදබදය නිසා මාර්ග වල ගමන් කිරීමට බැරි තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා

    බොහෝ බොහෝ විට මේ ආණ්ඩුවෙනුත් ේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මාර්ග තදබදය ඉක්මන් විසඳුමක් ගේන්න අපොහොසත් වුනොත් මේ ආණ්ඩුවටත් ගිය ආණ්ඩුවට වෙච්ච දේ වලක්වන්න කාටවත් බැරිවෙයි

    මිනිස්සුන්ට සැහැල්ලු දුම්රිය ද monorail හෝ විදුලි බස්රථ හෝ මොකක් හරි ක්‍රමයකින් සාධාරණ මුදලකින්ක්ම ඉක්මනින් වැඩේට හා අනෙකුත් රාජකාරි වලට යන්න ප්‍රවාහන විසඳුමක් දෙන්න පුළුවන් නම් බොහෝ වෙලාවට ොළඹ හා තදාසන්න ප්‍රදේශවල මිනිසුන් ඊළඟ පාරක් මේ ආණ්ඩුවට ඡන්දෙ දෙන්න ඉඩ තියෙනවා
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    underground train ඵකක්ද විකල්පය?ඉක්මනට පටන් ගත්තොත් හොඳයි කරන මඟුලක්.

    5270294326_f786f576a3.jpg
     
    • Like
    Reactions: san** and NRTG

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    මාළබේ - බත්තරමුල්ල - රාජගිරිය - බොරැල්ල - කොටුව කියන පාරට Elevated Light Rail Transit හැර වෙන කිසිම විසඳුමක් ගැලපෙන්නෙ නැහැ. එහෙම කියන්නෙ දේශීය සහ විදේශීය traffic engineers, experts ල ගණනාවක් එක්ක කරපු transport master plan එකකින් සහ feasibility study එකකින්. කොමිස් සහ අරමුණු බලාපොරොත්තුවෙන් වෙන එක එක failed solution ගෙනෙයි.

    මතකද රාජගිරිය ගුවන් පාලම. engineers ල කරල යෝජනා කරන්න හදපු ගුවන් පාලම proposed trace එකේ ඉඳල උඩ ඉන්න කාලකන්නි දෙගුණයකින් කොට කලා. උදේට අද ඒක elevated car park එකක්.
     
    Last edited:

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    underground train ඵකක්ද විකල්පය?ඉක්මනට පටන් ගත්තොත් හොඳයි කරන මඟුලක්.

    View attachment 95063

    නෑ බං පොළොව යටින් යන කෝච්චි වල හදන්න යන cost එක lrt ඇති එකේ ටිකටත් වඩා වැඩියි ලු. මම දැක්කා කවුරුහරි දාල තිබ්බා lrt හැදුවනම් ඒකෙ නඩත්තු වියදම කවර් කරන්න එක පැත්තක ටිකට් එකක් රුපියල් පන්සීයක් විතර වෙනවා කියලා එහෙම බැලුවොත් ඒක හැදුවා කියලා මිනිස්සුන්ට හැමෝටම එකේ යන්න බැරි වෙනවා. මට හිතෙන්නෙ තියෙන ලාබම ප්‍රවාහන මාධ්‍ය බී ආර් ටී .

    ගොඩක් වෙලාවට කරොත් මේක කරන්න ඉඩ තියෙනව. ඒක කරන්නත් දැනට තියෙන පාරවල් ඉඩ මදි එතකොට පාරවල් තව පළල් කරලා පාරවල් මැදින් අනිත් වාහන යන්නේ නැති බස් විතරක් යන ලෙන් දානවා

    පාර හරහා යනවා නම් හෝ දකුණට හරවනවා නම් ගුවන් පාලම් වලින් ගිහින් හරවන්න වෙන්නේ. බස් lane එක යන්නේ පාර මැද්දේ බස් නවත්තන තැනට යන්න තියෙන්නේ දෙපැත්තේ ඉඳන් පොළොව යටින් ගොඩක් රටවල් . පිලිපීන් එළ ඔය කී විදියට බස් rapid growth සිස්ටම් එක සෑහෙන හොඳින් වැඩ කරනවා

    අඩුම ගානෙ මේ වගේ එකක්වත් කරනවා නම් ලොකු දෙයක්

    1601556727473.png

    1601556768898.png

    1601556818780.png
     
    View attachment 95068

    View attachment 95069
    View attachment 95070
    kawda e boru kiyapu ekaaa. cancel karapu LRT eke eka ticket ekaka wadima gaana rupiyal 100. me BRT magul hariyanne na. mewata lane 2k wen karama anik wahana sampurnayen block. crossings wadiyi. crossings manage karannath ba. me wage jarawa genawoth epic failure. anduwath peralei
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    • Like
    Reactions: ryandok

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    kawda e boru kiyapu ekaaa. cancel karapu LRT eke eka ticket ekaka wadima gaana rupiyal 100. me BRT magul hariyanne na. mewata lane 2k wen karama anik wahana sampurnayen block. crossings wadiyi. crossings manage karannath ba. me wage jarawa genawoth epic failure. anduwath peralei
    MRT වගේ Project ගේන්නේ එ්වා ගෙන් වවාගෙන කන්න නෙවෙයි . රටේ සමස්ත ආර්ථිකයට වෙන බලපෑම බලලා . ලෝකේ කෙහෙත් මේ වගේ Projcet වලට ආණ්ඩුවෙන් සල්ලි පොම්ප කරන්න වෙනවා . Bus Rapid Transist කියන්නේ ලංකාවේ Traffic Jam එකට විසදුමක් නෙවෙයි . ලංකාවට(කොළඹට) හොදම විසදුම වෙන්නේ Under Ground MRT හරි LRT sysytem එකක් . මොක ද මෙතැන තියෙන ලොකුම පරශනේ ඉඩම් අත්පත් කරගැනීම . එකට හොදම විසදුම තමා පොළව යටින් යන Metro system එකක් .
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    2021 දී ඩොලර් බිලියන 4.5 ක ණය ආපසු ගෙවීම් ඉලක්ක කර ගනිමින් රජය පැවසුවේ ඉන්දියාව සමඟ ඩොලර් බිලියනයක SWAP ගිවිසුමක්, සුරැකුම්පත් වෙළඳපොළට ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ පැන්ඩා සහ සමුරායි බැඳුම්කර ඇතුළු විදේශ විනිමය සංචිත ඉහළ නැංවීම සඳහා විවිධ විකල්ප ගවේෂණය කරන බවයි. ඩොලර් මිලියන 700 ක් චීනයෙන් සින්ඩිකේටඩ් ණයක් ලෙස.

    මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. අටිගල්ලේ සහ මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ලක්ෂ්මන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළේ රජය සූදානම් බවත් සියලු ණය ආපසු ගෙවීම් පියවා ගත හැකි බවත්ය.

    ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් විසින් මෑතකදී කරන ලද ස්වෛරී ශ්‍රේණිගත කිරීම් පහත හෙලීම ද මෙම තිදෙනා දැඩි ලෙස විවේචනය කළ අතර, එය ඔක්තෝබර් 2 වන දින ඩොලර් බිලියන 1 ක ස්වෛරී බැඳුම්කර ආපසු ගෙවීම සඳහා රජය දැනටමත් සූදානම් කර තිබූ බැවින් එය “නොමේරූ” සහ “අසාධාරණ” පියවරක් බව අවධාරනය කළේය. නොවැම්බර් මාසයේ දී රජයේ ප්‍රතිපත්තිමය අරමුණු සැකසෙන 2021 අයවැයට අවසන් නිමාව ලබා දීම. ශ්‍රී ලංකාවේ මීළඟ විශාල ණය ආපසු ගෙවීම ඩොලර් බිලියනය 2021 ජූලි මාසයේදී ය.

    mechara kalayak hitapu andu amabanaka loan aran. den ewaye naya warike gewa gaanna beruwa tawa naya ganna wela ban warike gewanna. apita hitha hadagena bus eke tama ban yanna wenne. den nam goda emak ne wage.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    MRT වගේ Project ගේන්නේ එ්වා ගෙන් වවාගෙන කන්න නෙවෙයි . රටේ සමස්ත ආර්ථිකයට වෙන බලපෑම බලලා . ලෝකේ කෙහෙත් මේ වගේ Projcet වලට ආණ්ඩුවෙන් සල්ලි පොම්ප කරන්න වෙනවා . Bus Rapid Transist කියන්නේ ලංකාවේ Traffic Jam එකට විසදුමක් නෙවෙයි . ලංකාවට(කොළඹට) හොදම විසදුම වෙන්නේ Under Ground MRT හරි LRT sysytem එකක් . මොක ද මෙතැන තියෙන ලොකුම පරශනේ ඉඩම් අත්පත් කරගැනීම . එකට හොදම විසදුම තමා පොළව යටින් යන Metro system එකක් .
    ithin land aquisition walata rupiyal 1500k yanawai kiyala rupiyal lakshayak wiyadam karala tunnel kalahama harida :rofl:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    දැනටමත් අවලංගු කර ඇති කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (එල්ආර්ටී) ව්‍යාපෘතියට විකල්ප විසඳුමක් පිළිබඳව අමාත්‍යාංශය මේ වන විට අධ්‍යයනය කරමින් සිටින බව ප්‍රවාහන අමාත්‍ය ගාමිනි ලොකුගේ ඊයේ (සැප්තැම්බර් 30) පැවසීය.

    එල්ආර්ටී ව්‍යාපෘතිය අවලංගු කිරීමේ කැබිනට් යෝජනාව සිය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

    ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගනිමින් බටහිර පළාතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති එල්ආර්ටී ව්‍යාපෘතිය අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.

    ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (ජයිකා) විසින් සපයනු ලබන අරමුදල් උපයෝගී කර ගනිමින් යෝජිත කොළඹ එල්ආර්ටී ව්‍යාපෘතිය බටහිර කලාපයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි.

    භාණ්ඩාගාර ලේකම්, නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ නිවාස ලේකම්, ජාතික සැලසුම් අධ්‍යක්ෂ ජනරාල්, බාහිර සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සභාපති වෙත පිටපත් කරන ලද ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් මොන්ටි රණතුංගට ලිපියක් යවමින්; ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. එල්ආර්ටී ව්‍යාපෘතිය ඉතා මිල අධික බවත්, සුදුසු, ලාභදායී විසඳුමක් නොවන බවත් නිරීක්ෂණය කළ හෙයින්, ව්‍යාපෘතිය අවසන් කර වහාම ක්‍රියාත්මක වන පරිදි ව්‍යාපෘති කාර්යාලය වසා දමන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින ලෙස ජයසුන්දර මහතා පැවසීය. ප්‍රදේශයට ප්‍රවාහන යටිතල පහසුකම්.

    තවද, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශයේ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර සුදුසු ප්‍රවාහන විසඳුමක් සකස් කළ හැකි බව එම ලිපියේ සඳහන් වේ.

    http://www.themorning.lk/alternative-for-light-rail-transit-project-minister/

    --------------------------------------------------------------------

    2013 2014 අවුරුදු වුනොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ මොනෝරේල්. ප්‍රොජෙක්ට් එකක් ගෙනාවා යහපාලන ආණ්ඩුව ඇවිත් ඒක cancel කරලා ැහැල්ලු දුම්රිය ව්‍යාප්තියක් ගෙනාවා දැන් ආයි ඒකත් cancel කරල

    කොහොම වුණත් දැන් දවසින් දවස කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල මාර්ග තදබදය නිසා මාර්ග වල ගමන් කිරීමට බැරි තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා

    බොහෝ බොහෝ විට මේ ආණ්ඩුවෙනුත් ේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මාර්ග තදබදය ඉක්මන් විසඳුමක් ගේන්න අපොහොසත් වුනොත් මේ ආණ්ඩුවටත් ගිය ආණ්ඩුවට වෙච්ච දේ වලක්වන්න කාටවත් බැරිවෙයි

    මිනිස්සුන්ට සැහැල්ලු දුම්රිය ද monorail හෝ විදුලි බස්රථ හෝ මොකක් හරි ක්‍රමයකින් සාධාරණ මුදලකින්ක්ම ඉක්මනින් වැඩේට හා අනෙකුත් රාජකාරි වලට යන්න ප්‍රවාහන විසඳුමක් දෙන්න පුළුවන් නම් බොහෝ වෙලාවට ොළඹ හා තදාසන්න ප්‍රදේශවල මිනිසුන් ඊළඟ පාරක් මේ ආණ්ඩුවට ඡන්දෙ දෙන්න ඉඩ තියෙනවා
    Day dream! our Soverign Rating is now Caa which is junk. We wont be able to get any loan unless at very high premium (even from China)
    I do not know still JAIC is willing to grant this loan as they have also raised concerns over this very concessionary loan before our downgrading to Caa .
    It may be because of that govt decided to cancel it before JAICA decline loan in terms of their agreement(normally when there are downgrading some provision is there for exit)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    ithin land aquisition walata rupiyal 1500k yanawai kiyala rupiyal lakshayak wiyadam karala tunnel kalahama harida :rofl:
    නැහැ මචං ඕකේ නොපෙනන් පැති ගොඩක් තියෙනවා Tunel කරන එක වියදම් වැඩි උනත් දීර්ගකාලීන වශයෙන් වාසි දායකයි .
    1. මතු පිට ඉඩම් සදාකාලිකවම භුක්ති විඳින්න පුළුවන්
    2. MRT Train එකට විශේෂ ආරක්ෂාවක් තියෙන Tunel එකේ. මුහුදු හුළඟට අවුවට වැස්ස ට බලපෑමක් නැහැ.
    3. අනතුරකදී මගීන්ට උපරිම ආරක්ෂාවක් තියෙනවා. අවට ගොඩනැගිලි වලට හානියක් නැහැ.
    4. පොළොව මතුපිටින් යන කොට පාරවල් වලට වෙන අවහිරය පොළොව ඇතුලෙන් යනකොට වෙන්නේ නැහැ.
    5.Train එක ගමන් කරන මාර්ගය සමානුපාතික වීම සහ අව්වෙන් තර්ජනයක් නැති නිසා විදුලිය ඉතුරු වෙනවා
    6. අකුණු වලින් දුම්රිය පාලන පද්ධතියට වෙන බලපෑම අවම වෙනවා .

    7. කණු උඩනම් පීලි දවල්ට ප්‍රසාරණය වෙනවා . පොළව ඇතුළේ නම් එහෙම කරදරයක් නැහැ.
    8. කණු උඩින් දුවන MRT නම් සුළිසුළං වලින් සහ භූ කම්පන වලින් බලපෑමක් වෙනවා . පොළොව ඇතුලෙන්නම් නම් එහෙම ලොකු බලපෑමක් නැහැ
    9. Train එක යන්නේ පොළොව උඩින් නම් Station එකට ලොකු ඉඩක් ඕනේ වෙනවා . Train එක පොළොව ඇතුලෙන්ම යන්නේ Staion ඒකත් පොළොව ඇතුලෙම හදන නිසා Station එකට යන ඉඩ ප්‍රමාණය 90% කින් ඉතුරු වෙනවා

    මේ ඔක්කොම සලකල බලපුවාම Under Ground තමා හොදම විදිය .
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    කවුද කිව්වෙ රුපියල් 100ක් කියලා?සජිත් ද?
    project eke feasibility study eka kiyawanna.

    නැහැ මචං ඕකේ නොපෙනන් පැති ගොඩක් තියෙනවා Tunel කරන එක වියදම් වැඩි උනත් දීර්ගකාලීන වශයෙන් වාසි දායකයි .
    1. මතු පිට ඉඩම් සදාකාලිකවම භුක්ති විඳින්න පුළුවන්

    ඔය පොඩි trace ඒක ඉඩම් නාස්තියක් විදිහට ගන්න බැහැ tunnel කරන්න යන cost එක එක්ක ගද්දි. ඩොලර් බිලියන් 1.8න් කරන්න තියන එක ඩොලර් බිලියන් 4 පනිනව tunnel කරන්න ගත්තොත්. ඒ ගානට තව LRT line එකක් හදල ඉවර කරන්නම පුළුවන්

    2. MRT Train එකට විශේෂ ආරක්ෂාවක් තියෙන Tunel එකේ. මුහුදු හුළඟට අවුවට වැස්ස ට බලපෑමක් නැහැ.

    මුහුදු හුළං අවුව වැස්ස ආව කියල LRT එකකට මුකුත් වෙන්නෙ නෑ. කාර් එකකට මුහුදු හුළං අවුව වැස්ස එනව කියල ලොරියක් ඇතුලෙ දාල ලොරිය ගෙනියනව වගේ ගොං කතාවක් ඒක

    කොහොමත් මාළබේ කොටුව පාරෙ බාගයක් විතර ගංවතුරට යට වෙනව. Tunnel වලින් ගිහින් station entrance වලින් වතුර පිරුනහම කිමිදෙන්න පුළුවන්. :rofl: :rofl: . LRT එක අපි design කලේ අවුරුදු 200ක return period එකක් තියන ගංවතුරකින් කිසිම effect එකක් වෙන්නෙ නැති විදිහට

    3. අනතුරකදී මගීන්ට උපරිම ආරක්ෂාවක් තියෙනවා. අවට ගොඩනැගිලි වලට හානියක් නැහැ.

    tunnel එකක් ඇතුලෙ ගින්නක් ආවොත් වෙන්නෙ මොකද කියල google කරල බලන්න උදාහරණ එක්කම එයි. viaduct එකක් උඩ අනතුරක් වෙන්න හේතුවක් නම් නෑ

    4. පොළොව මතුපිටින් යන කොට පාරවල් වලට වෙන අවහිරය පොළොව ඇතුලෙන් යනකොට වෙන්නේ නැහැ.

    LRT එකක් යන්නෙ පොළව මතුපිටින් නෙමේ පොළවට මීටර් 18ක් විතර උඩින්. පාරට අවහිරයක් නෑ

    5.Train එක ගමන් කරන මාර්ගය සමානුපාතික වීම සහ අව්වෙන් තර්ජනයක් නැති නිසා විදුලිය ඉතුරු වෙනවා

    මාර්ගය සමානුපාතික වෙනව කියන්නෙ මොකක්ද????
    LRT එකක් යන්නෙත් එකම උසකින්. එකක් වගේ උඩ පහළ යන්නෙ නෑ.
    අව්ව වැටෙන්නෙ නැති නිසා traction power එක ඉතුරු වෙන්නෙ කොහොමද? මොන ගොන් කතාවක්ද ඒ

    6. අකුණු වලින් දුම්රිය පාලන පද්ධතියට වෙන බලපෑම අවම වෙනවා .

    කොහොමත් lightning protection එක්ක තමයි design කරන්නෙ. එතකොට අකුණු වලින් හානියක් කොහොමත් නෑ. ඒක හරියට අකුණු ගහනව කියල බයේ පොළවෙ ඉඳන් අහස උසට building හදන්නෙ නැතුව පොළවෙ ඉඳන් තට්ටු 70ක් විතර පොළව යටට building එකක් හාරගන හදන්න කිව්ව වගේ ගොං කතාවක්

    7. කණු උඩනම් පීලි දවල්ට ප්‍රසාරණය වෙනවා . පොළව ඇතුළේ නම් එහෙම කරදරයක් නැහැ.

    LRT වල පීළි expand වෙන්නෙ නෑ. පීළි butt weld කරල හයි කරන්නෙ. පීළි අතර gap නෑ. තිබ්බත් මෙහෙ පරන කෝච්චි පාරවල් වගේ දඩං බඩං ගාන ඒව නෙමේ කිසිම ගැස්සීමක් නැති වෙන ජාතියේ splice දාන්නෙ. bullet train වලත් මේව තියනව

    a-rail-heat-expansion-joint-on-a-railway-line-in-kent-uk-DE98EE.jpg

    8. කණු උඩින් දුවන MRT නම් සුළිසුළං වලින් සහ භූ කම්පන වලින් බලපෑමක් වෙනවා . පොළොව ඇතුලෙන්නම් නම් එහෙම ලොකු බලපෑමක් නැහැ

    පොළව ඇතුලට බලපෑමක් නොවෙන්නෙ කොහොමද භූ කම්පනයකදි????? භූ කම්පන ඇති වෙන්නෙ පොළව ඇතුලෙ. මතුපිට නෙමෙයි. පොළව ඇතුල කම්පනය වෙලා තමයි මතුපිටට එන්නෙ :rofl: :rofl:

    කොහොමත් අවුරුදු 450ක return period එකක් තියන earthquake එකකට මුළු LRT එකම design කලේ. භූමි කම්පා ආව කියල එකට මුකුත් වෙන්නෙ නෑ

    9. Train එක යන්නේ පොළොව උඩින් නම් Station එකට ලොකු ඉඩක් ඕනේ වෙනවා . Train එක පොළොව ඇතුලෙන්ම යන්නේ Staion ඒකත් පොළොව ඇතුලෙම හදන නිසා Station එකට යන ඉඩ ප්‍රමාණය 90% කින් ඉතුරු වෙනවා

    Station හදන්නෙ පොළවෙ නෙමෙයි අහසෙ. ඉඩ යන්නෙ නෑ. මේ තියන්නෙ ජනාධිපොන්ස් cancel කරපු LRT එකේ බොරැල්ල Station එක. මේක යටින් කිසි බාධාවක් නැතුව වාහන යනව

    2.jpg

    මේ ඔක්කොම සලකල බලපුවාම Under Ground තමා හොදම විදිය .

    උඹ කියල තියන ඔක්කොම සලකල බැලුවහම ඒ සේරම තාක්ශණික දැනුමකින් තොරව කියපු හිස් කතා කියල දන්න කෙනෙක්ට තේරෙනව
     
    Last edited: