maara minissu oiiii

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
මම o/l කරපු a/l කරපු කාලෙ ඉඳන් හිටපු යාළුවො දැන් එක එක තැන්වල කීප දෙනයි මුන ගැහෙන්නේ. බුකියේ කීපදෙනයි ඉන්නේ. මම සර්ච් කරල අපේ උන්ට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් දැම්මට මුන් ඇක්සෙප්ට් කරන්නෑ මොකද උන් දන්නව මම a/l ෆේල් වෙලා නන්නත්තාර වෙලා හිටියේ කියල. කොටින්ම කියනව නම් හෙන ලොකු ලයින්. එහෙම නැති උන් කීපදෙනයි හිටියේ. ඔය ලොකු ලයින් දාන ගොඩක් උන්ටත් ජොබ් නෑ :lol::lol::lol:

ලඟදි මම ජොබට ගිහාට පස්සේ ඒකෙ ඇතුලේ ගහපු ෆොටෝස් සෙට් එකක් දැම්ම, දාල බොස් වගේ ඉන්න කවර් ෆොටෝ , ෆ්‍රෙෆයිල් පික්චර් එකකුත් දැම්ම. දාල work in කියන තැනට වැඩකරන තැනත් දැම්ම. දාල දවස් ගානක් එක එක ෆොටෝස් දැම්ම කිට මරල ඉන්න. නත්තලට කරපු සැරසිලි අරව මේව එක්ක හෙන ලොට් එකක් දැම්ම :D

යකෝ මට දැන් හැම දාම වගේ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එනව. කලින් යවපුව ඇක්සෙප්ට් වෙන්න අරන්. වෙනදා මම මෙලෝ දෙයක් දැම්මට බල්ලෙක්වත් ලයික් එකක් දාන්නෑ. ඒත් ලයික් ‍කමෙන්ට්ස් දැන් එළට තියෙනව :D

ගොඩක් උන් මැසේජ් දානව අඩෝ උබව දැක්කෙත් නෑ බන්. දකින්නත් ආසයි අරව මේව :lol::lol: කෙල්ලොත් අහනව කොහොමද කියල :lol::eek::shocked:

දැන් කොහොමත් මොකක් හරි දැම්මොත් කෙමෙන්ට් 15කට වඩා වැටෙනවාමයි. මටම හිතා ගන්න බෑ යකෝ. ඒ කියන්නේ මුන් මගේ ප්‍රොෆයිල් එක බලල තියෙනව :D බැලුවේ කවුද කියල හොයාගන්න විදියක් නෑනේ :( ගොඩක් උන් මගෙන් අහනව බැංකුවට පැනගත්තේ කොහොමද කියල :lol:

බලපල්ල මේවත් හොඳ පාඩම්. කිටමරල අතුගාන්න හරි කමක් නෑ රජයේ තැනක ජොබක් කරන කොට කලින් බල්ලෙක්ගානටවත් ගනන් නොගත්ත උන් ලඟට ඇවිත් හිනාවෙලා කතා කරන්නේ. :lol::lol::lol:

මේ දවස් කීපයට මගේ අම්මගෙන්ම ගොඩක් අය අහල තයෙනව ලඟපාත කොහෙද අර පුතා හැම දාම ජන්ඩියට ඇඳල යන්නෙ? ජොබ් එකක් කරනවද අරව මේව :lol::lol::lol::D:yes:

ලඟපාත උන් පවා මට දැන් විරිත්තනව. :P:P:P

මුන් මහ කුහක බොරු හිනාවක් තියෙන සවුත්තු උන් කියල මම දන්නව :yes: එක අතකින් මුන් මහ මෝඩයි. මොකෝ මම රස්සාවක් කරා කියල උන්ට මම සත පහක් දෙනවැයැ. ඒ උනාට ජොබකට යනකොට සලකන්නේ වෙනස් විදියට. මේ දවස් ටිකට මේ වෙනස සෑහෙන්න දැනුන. මට මුන් ගැන කලකිරීමක් අප්පිරියාවක් ඇති උනා බන්. :(:)
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඒ ලංකාවෙ බහුතරයකගෙ හැටි බං, තියෙනකොට ලග ඉදියි නැති දවසට බලු මැක්කෙක් ගානටවත් ගනං ගන්නෙ නැහැ.:angry::angry:
    :yes::yes::yes:
    ඔව් ඒක ඇත්ත.. ඒ උනාට ඕන තරම් හොඳ යාළුවො ඉන්නවා බං..
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    :yes::yes::yes:
    ඔව් ඒක ඇත්ත.. ඒ උනාට ඕන තරම් හොඳ යාළුවො ඉන්නවා බං..

    හොඳ උන් කියල ඉන්නේ බන් කොල්ලො 5ක් වගේ. උන්නම් ඉතින් ඕන දේකට. :D
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඉගෙන ගත්ත පාඩම...

    තමන් ගැන හිතන තරමට අනුන් තමං ගැන හිතයි.....
    තමන් අනුන් ගැන හිතන තරමට අනුන්ට තමන් අමතක වෙයි....

    sad truth :(
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Lankawe bahutharayak kattiyage heti ohoma thama ban.. gamema, family ekema girl kenek ekka affair ekek tiyena nisa samahara un hinawenne wat na den apita.. pawlema un ohoma nam anik un gena kawara katha da?
     

    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    අනේ බන් මටනම් ඕක නෙමේ වෙලා තියෙන්නේ, අලුත් ජොබ් 1 ලැබුනට පස්සේ අපේ උන්ගේ සමහර උන් හෙන අවුල් බන් මාත් එක්ක! :( :( උන් ජොබක් හොයාගන්නේ නැති 1ට අපිද බන් පලි??? :sorry:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    tawa puluwannan gold rings dekak thunak athe dagena podi gold chain ekakuth dagena,kane wireless Bluetooth headset ekakuth gahagena palayan ona tanaka sir kiyala tamai kiyanne,:lol: lankawe un tanikara rupeta rawatenawa
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    රැකියාවේ ආත්මෙගරුත්වෙන් වැඩ කරන්න ඕන නම් හොදම තැන රාජ්‍ය සේවය කියලයි මං හිතන්නෙ....(අත්දැකීමෙන්)
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    tawa puluwannan gold rings dekak thunak athe dagena podi gold chain ekakuth dagena,kane wireless Bluetooth headset ekakuth gahagena palayan ona tanaka sir kiyala tamai kiyanne,:lol: lankawe un tanikara rupeta rawatenawa

    සිරාවටම බන්. මිනිස්සු පට්ට කුහකයි සහ මෝඩයි නේ බන් :D
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,006
    5,719
    113
    canada
    හතිලව්වයි. මම ගැනත් යාලුවෝ ඔහොම හිතනවද මන්ද? මම නම් FB යන්නේ අවුරුද්දකට පාරයි. එතකොට යාලුවෝ 50ක් විතර friend request දල බලන් ඉන්නවා. මට ඔය මගුල අල්ලනෙන් නැහැ. ඊට වඩා අපිට වෙනම group එකක් තියෙනවා යාලුවෝ එක්ක එකතුවෙන්න. මට හිතෙනවා FB මගුලෙන් අයින් වෙන්න
    මොනවද ඔය මගුලේ තියෙන්නේ? කන බොන එවයි...