මම Mac Book Air M1 එකක් පාවිච්චි කරනවා. මටත් ගන්න කලින් ඔය ප්‍රශ්න ටික තිබ්බ.කොල්ලනේ macbook proඑකක් අරගන්න කියල බැලුවෙ. මේව පාවිච්චි කරන පිරිස පොඩ්ඩක් මේක ගැන කියාගෙන යන්නකො
මේකෙත් windows වල වගේම adobe apps ටික කිසිම අවුලක් නැතුව රන් කරගන්න පුලුවන්ද? (Cracked ones)
මැක් එකක warranty period එකෙන් පස්සෙ repairඑකක් ආවොත් මොකද කරන්නෙ. මෙහෙ හොද repair Centers තියෙනවද.
මොකද මම මෙච්චර කල් dell hp වගේ ලැප් තමයි use කලේ. කාලෙකට පාරක් format කර කර slow වෙන එක එපා වෙලා තියෙන නිසා තමයි මේකට යන්න හිතුවෙ. මැක් එකක් ගත්තම restrict වෙන්න පුලුවන් areas තියනව නම් ඒවත් කියාගෙන යන්න.
බම්ප් එකක් හරි දාගෙන යන්න. Thank you!![]()
Mac Book Air M1 ගැන කියනවනම්, මට ඔනෙ කරන හැම App එකක්ම වගේ මට කීයක්වත් වියදම් නොකරගෙන හොයාගන්න පුළුවන් උනා. M1 optimize කරල හදපු Apps නම් මාරම ස්මූත්. ඒ නැතත් ඔයාට වැඩි වෙනසක් තෙරෙන්නෙ නැහැ Rosetta හරහා run වුනා කියලා.
Crack software ගැන අහපු නිසා, ඔයා Crack වර්ශන් එකක් නම් ගන්න ඉන්නේ, බය වෙන්න එපා. Adobe 2021 Collection එකට එහෙම Crack තියෙනව.Adobe Zii කියල tool එකක් එක්ක ඔයට use කරගන්න පුලුවන්. Photoshop 2021 එහෙම සුපිරියට වැඩ M1 එකේ. මාරම smooth.
Mac Book Air M1 එකේ එක ගැන කියන්න දෙයක් නෑ සුපිරි. පුලුවන් තරම් ම Mac OS Native Apps use කරන්න බලන්න.
Windows ඉදල Mac මාරු උනාම සෑහෙන වෙනස් Experience එකක්. මමනම් මේකට ආසයි. මම කිව්වේ මගෙ Personal Feeling එක. මේක එක එක්කෙනාට වෙනස් වෙන්න පුලුවන්. මොනව හරි තව දැනගන්න දෙයක් තියෙනවනම් PM එකක් දාන්න.

Last edited:


_ B U M P _