මේ බං. මේකෙ Charge කරද්දි ලැප් එක Shut Down කරන්න එපා කියන්නේ ඇයි බං? අනික Lap එක Shut Down කරලා Charge කරොත් මේක charge වෙනවා කියලා දැනගන්න බැහැනේ. Light එකක්වත් පත්තු වෙන්නේ නැහැනේ මේකෙ. ඔය කියන විදිහට Sleep එකේ තියලා Charge කරනවනම් Full Charge වෙනකන් Lap එකේ Lid එක ඇර ඇර බලන්න එපයි මේක Full Charge ද කියලා. උඹලත් එහෙමද කරන්නේ? අනික Lap එක කඩේ ගත්ත එකා කියනවා Charger එකට ගහලා වැඩ කරන්න එපාලු. ඒකත් අවුල් නෙහ් බං. හදිසි වැඩක් සෙට් වුණාම Lap එක Full Charge වෙනකන් ඉන්න ඕනද? අන්තිමට අහන්න තියෙන්නේ මම දැන් Lap එක අරන් තාම එක පාරයි Charge කරේ. පළවෙනි පාර Charge කරේ කඩේ එකා කිව්ව විදිහට 15% ගිහින් Sleep එකට දාලා. දැන් ආයෙ මම Charge කරන්න ඕන Battery Percentage එක කීය වුණාමද? මේ ටිකට දන්න කවුරුහරි උත්තර කියපන්කෝ බං. ලොකු උදව්වක්...!
මචං Mac එකක් චාජ් එනකොට, පවර් ඔන්න එකේ තියන එක battery එකට හොඳයි
මොකද charging control කරන්න macOS එකට පුළුවන්
සහ අපි use කරන්නේ කොහොමද කියන එක machine learning tool 1kin ඇනලයිස් කරලා
එයා අපේ බැටරිය චාර්ජ් කරන්න pattern එකක් හදාගන්නwa
ඒ කියන්නේ,
හරියට නිකං අපි සතියකට දවසක් හැමදාම වගේ බැටරි එක යූස් කරනවා කියලා එයා දැන ගත්තොත්, අන්න එදාට කලින් දවසෙ ඔයාගේ battery එක 100% චාජ් කරනwa
එහෙම නැත්තං ඔයා චාජ් කරගෙනම නං වැඩ කරන්නේ සාමාන්‍යයෙන් 80ට චාජ් කරල battery අසූවේ තියාගෙන පවර් කෝඩ් එකෙන් පවර් අරගෙන වැඩ කරනවා
කවුරුත් කියන ඒවා කරන්න එපා
ඔයාගේ එකට එයා optimize වෙනවා
අන්න ඒකට ඉඩ දෙන්න
Battery එක ten present වගේ එහෙම නැත්තං ඊට අඩු වෙනකන් ඩිස්චාජ් වෙන්න නම් දෙන්න එපා
ප්ලග් කරන්න ක්‍රමයක් ඇත්තේම නැත්තං කරන්න දෙයක් නෑ මචං වැඩේ කරපන්
ඔයා දිගටම පවර් එකට plug කරගෙන නම් වැඩ කරන්නේ එකේ කිසි අවුලක් නැහැ
owa හදලා තියෙන්නෙ ඕනේ වෙලාවකට ගලවලා ඕනේ වෙලාවකට පවර් එකට ගහගෙන වැඩ කරන්න ඒ නිසා මචං
වැඩිය හිතන්නේ නැතුව තමන්ගෙ වැඩේ කරගෙන යන්න
හැමදේම optimize කරන්න පුළුවන් ඒත් බැටරි chemicaly optimize කරන්න හරිම අමාරුයි ඒ නිසයි මචං ඒකට OS 1ka මැදිහත් වෙලා එයාව පුලුවන් තරම් ආරක්ෂා කරන්න බලන්නේ
අනික බැටරි නිකන් තිබ්බොත් ඒත් අවුල් යනවා වැඩ කරත් අවුල් යනවා
glass is glass and glass can break, වගේ තමයි