ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අඩු වියදම් කොවිඩ් මිනී පෙට්ටිය සඳහා මේ වන විට ජාත්‍යන්තර ඉල්ලුමක් ඇත. ඒ අනුව පළමු ජාත්‍යන්තර ඇනවුම වියට්නාමයෙන් ලැබී ඇති අතර පෙට්ටි 1100ක ඇනවුම එළඹෙන සඳුදා නැව්ගත කිරීමට නියමිතය.
කොවිඩ් ආසාදිතයින් සඳහා රු. 30,000 – 40,000ක් වැය කර මිනී පෙට්ටි ලබා ගැනීම අසීරු නිසා මෙම කාඩ්බෝඩ් මිනි පෙට්ටි දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රී පියන්ත සහබන්දු ඇතුළු පිරිසක් හඳුන්වා දුන්නේය. මෙහි මිල රු. 5000කි. පහසුවෙන් දැවී යන නිසා ගස් කැපීම සීමා වන මෙම මිනී පෙට්ටිය ඉතාම පරිසර හිතකාමී වන අතර මේ වන විට ඒ සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් ද ලැබී තිබේ.