Made in Sri Lanka

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113

    ලංකාවට ලුණු (salt) ආනයනය නතර කරනවා පසුගිය දෙසැම්බර් වලදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින්.
    රට වටේ මුහුද තියාගෙන ලංකාවට ලුණු ආනයනයත් කරනවා කියලා බොහෝ දෙනා දැන ගන්නේ ඒ ආනයනය නතර කරපු පුවතින්.
    මහමැතිවරණය දවසෙන් පස්සේ එකට පාසැලේ ඉදපු යාලුවෙක් එක්ක කථා කරන්න ලැබුනා චන්දේ ගැන. ඔහු ජපුර විශ්ව විද්‍යාලයේ food technology අංශයෙන් ප්‍රථම උපාධිය ලබා දැනය බහුජාතික සමාගමක ලංකාවේ ශඛාවක සේවය කරනවා. අපි කථා කරේ made in Sri Lanka කොන්සෙප්ට් එක ඉස්සීමෙන් දැනට ඒ කියන්නේ නොවැම්බර් 16න් පස්සේ සිදුවුන වෙනස් කම් ගැන.
    ඔහු සේවය කරන සමාගම ලංකාව ඇතුලේ පරිභෝජනයට කෂණික අහාර වර්ග ගණනාවක් නිෂ්පාදනය කරනවා අමුද්‍රව්‍ය ආනයනයෙන් හෝ මෙහෙන් සොයා ගැනීමෙන්.අදාළ සමාගම මේ දක්වා ලුණු ආනයනය කරනවා චීනයෙන් සහ තායිලන්තයෙන්. මෙරට ලුණු භාවිතයට නොගන්න හේතුව මෙරට ලුණු වල සෝඩියම් සහ ක්ලෝරයිඩ් වලට අමතරව අපවිත්‍රකාරක (impurities) , ඒ කියන්නේ විශේෂයෙන් මැග්නීසියම් ක්ලෝරයිඩ , බයිකාබනේට විශේෂයන් බහුල වීම නිසා රසයේ සිදුවිය හැකි වෙනස් කම්.
    දැන් ලුණු ආනයනය නතර කළ නිසා මේ සමාගමට සිදුවෙනවා විකල්ප සොයන්න. ඔවුන් ලංකාවේ දැන්ට ලුණු නිෂ්පාදනය කරන සමාගමක ආයෝජනයක් කරනව අලුත්ම යන්ත්‍රෝපකරණ එක්ක පිරිසිදු බවෙන් ඉහළ ලුණු නිෂ්පාදනයට. ඒකේ ප්‍රථිඵලයක් විදියට අදාල බහුජාතික සමාගමට අවශ්‍ය කරන ප්‍රමිතියෙන් යුතු ප්‍රථම ලුණු තොගය ලබන මාසයේ ඔවුනට ලැබීමට නියමිතයි.
    ඒක තමයි made in SL කන්සෙප්ට් එකේ සාර්ථකත්වය.
    කොරෝනාවට පස්සේ හොද නියාමනයකින් ආර්ථිකය විවෘත වෙලා ලංකාවේ තියෙන සම්පත් ලංකාව ඇතුලෙම අගය එකතු කිරීම් කරලා අපනයනය කෙරෙන කාලයක් උදාවෙනු ඇතැයි බලාපොරොත්තුවක් තියා ගන්න පුලුවන්.

    https://www.facebook.com/photo/?fbid=3000012583441105&set=a.2822140697894962
     
    Last edited by a moderator:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,939
    72,042
    113
    මාලඹේ
    ලංකාවේ හදන්න පුළුවන් ඒවා ලංකාවේ හදන්න ඕනේ.
    ලංකාවේ හදන්න බැරි දෙයක් තියෙනවා නම් විතරක් ආනයනය කරන්න ඕනේ.
    අපි ඕනේ දෙයයි නැති දෙයයි ඔක්කොම පිටරටින් එනකං කට ඇරගෙන බලාගෙන හිටපු නිසා තමා 1960 ජපානයට පමණක් දෙවෙනි උන ලංකාවේ ආර්ථිකය ආසියාවේ අන්තිමට ආවෙ 😬😬
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    කෙටියෙන් කිවොත් මේකයි. ලංකාවට පිට රටින් ඩොලර් එකක් වටින භාණ්ඩයක් ආනයනය කරනවා කියලා හිතන්න. ඩොලරයේ මිලට රුපියලට සාපේක්ෂව ඉහල යනවා නං ඒක ආනයනය කරනවට වඩා ලංකාවේ නිෂ්පාදනය කරන එක ලාබයි. හැබැයි රුපියල ශක්තිමත් නං ඒක ආනයනය කරන එක ලාබයි.

    ඩොලරයක් දීලා රටින් ගේන පැන්සල් පෙට්ටියක් ගන්න උදාහරණයට. ඩොලරය රුපියල් 200 ට යනවා නං ඒක ගන්න රුපියල් 200 ක් ගෙවන්න ඕනි ලංකාවේ කෙනෙක්. හැබැයි ඩොලරය රුපියල් 100 නං ඒක ගන්න රුපියල් 100 යි යන්නේ. ඉතිං ඒ නිසා ඩොලරය ඉහල යනවා නං තමයි දේශීය කර්මාන්ත නැගිටින්නේ. හැබැයි ඒ කියලා උඩටම යන්නේ නැහැ. මොකද දේශීය නිෂ්පාදන වලින් අපනයනය පටන් ගත්තම ආයේ ආනයන ඉහල ගිහිං රුපියල බාල්දු වෙලා ඕක සමතුලිත වෙනවා.
     
    Last edited:

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    නියමයි බං. ඕව තමා වෙන්න ඕනෙ.
    මාසෙකට දෙකකට කලිං කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉන්ටර්වීව් එකක් රූපවාහිනියේ ගියා,
    ඒකෙ කිව්ව මැගී, ප්‍රීමා වගේ නූඩ්ල්ස් පැකට් එකේ රසකාරක පැකට් එකේ තියෙන වියළි එළවළු ගේන්නෙත් රටින් කියල.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,998
    5,698
    113
    canada
    කෙටියෙන් කිවොත් මේකයි. ලංකාවට පිට රටින් ඩොලර් එකක් වටින භාණ්ඩයක් ආනයනය කරනවා කියලා හිතන්න. ඩොලරයේ මිලට රුපියලට සාපේක්ෂව ඉහල යනවා නං ඒක ආනයනය කරනවට වඩා ලංකාවේ නිෂ්පාදනය කරන එක ලාබයි. හැබැයි රුපියල ශක්තිමත් නං ඒක ආනයනය කරන එක ලාබයි.

    ඩොලරයක් දීලා රටින් ගේන පැන්සල් පෙට්ටියක් ගන්න උදාහරණයට. ඩොලරය රුපියල් 200 ට යනවා නං ඒක ගන්න රුපියල් 200 ක් ගෙවන්න ඕනි ලංකාවේ කෙනෙක්. හැබැයි ඩොලරය රුපියල් 100 නං ඒක ගන්න රුපියල් 100 යි යන්නේ. ඉතිං ඒ නිසා ඩොලරය ඉහල යනවා නං තමයි දේශීය කර්මාන්ත නැගිටින්නේ. හැබැයි ඒ කියලා උඩටම යන්නේ නැහැ. මොකද දේශීය නිෂ්පාදන වලින් අපනයනය පටන් ගත්තම ආයේ ආනයන ඉහල ගිහිං රුපියල බාල්දු වෙලා ඕක සමතුලිත වෙනවා.

    ලංකාවේ හදන්න පුළුවන් ඒවා ලංකාවේ හදන්න ඕනේ.
    ලංකාවේ හදන්න බැරි දෙයක් තියෙනවා නම් විතරක් ආනයනය කරන්න ඕනේ.
    අපි ඕනේ දෙයයි නැති දෙයයි ඔක්කොම පිටරටින් එනකං කට ඇරගෙන බලාගෙන හිටපු නිසා තමා 1960 ජපානයට පමණක් දෙවෙනි උන ලංකාවේ ආර්ථිකය ආසියාවේ අන්තිමට ආවෙ 😬😬

    ලංකාවේ පොඩ්ඩක් ගාන වැඩි උනාට (අපි හිත්මු පිටරටින් ගෙනාවට වඩා 30% මිල වැඩියි කියල ) , ලංකාවේ නිෂ්පාදනය නිසා මිනිස්සුට ඍජු සහ වක්‍ර රැකියා ගොඩක් ලැබෙනවා. තාක්ෂනය දියුණු වෙනවා.

    දැන් බලන්න මේ ලුණු පිරිපහදුව. චිනේ පිරිපහදු ලුණු අපනය කරන්න පුළුවන් නම් ඇයි අපිට බැරි. කාර්යක්ෂමත්වය, පළපුරුද්ද තාක්ෂනය දියුණු කරගන්න පුළුවන් නම් අපිටත් පුළුවන් වෙන්න බැරි නැහැ.

    පිටරට ඉන්න අපිට කොස්, දෙල්, පලා,දබල ,,, එළවලු, රබුටන්, අබ පලතුරු ඔක්කොම එන්නේ Thailand වලින්. ලංකාවේ ඕව වැවෙන්නේ නැහැනේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,939
    72,042
    113
    මාලඹේ
    ලංකාවේ පොඩ්ඩක් ගාන වැඩි උනාට (අපි හිත්මු පිටරටින් ගෙනාවට වඩා 30% මිල වැඩියි කියල ) , ලංකාවේ නිෂ්පාදනය නිසා මිනිස්සුට ඍජු සහ වක්‍ර රැකියා ගොඩක් ලැබෙනවා. තාක්ෂනය දියුණු වෙනවා.

    දැන් බලන්න මේ ලුණු පිරිපහදුව. චිනේ පිරිපහදු ලුණු අපනය කරන්න පුළුවන් නම් ඇයි අපිට බැරි. කාර්යක්ෂමත්වය, පළපුරුද්ද තාක්ෂනය දියුණු කරගන්න පුළුවන් නම් අපිටත් පුළුවන් වෙන්න බැරි නැහැ.

    පිටරට ඉන්න අපිට කොස්, දෙල්, පලා,දබල ,,, එළවලු, රබුටන්, අබ පලතුරු ඔක්කොම එන්නේ Thailand වලින්. ලංකාවේ ඕව වැවෙන්නේ නැහැනේ
    ඔව් ඔයා කියලා තියෙන කරුණු දෙක හරිම වැදගත් .අපේ රටේ තාක්ෂනේ දියුණූ වේනවා .ටික කාලයක් යනකොට තක්ෂානේ දියුණුව නිසා පිරිවැය Cost එක අඩුවෙනවා . පුහුණු ශ්‍රමිකයන් ඇති වෙනවා . ඕවා මොනවා වෙන්නත් අමාරුවෙන් හරි කරමාන්ත පටන් ගන්න ඕනේ. නැත්නම් මෙහේ cost එක වැඩියි කියලා හිටියොත් කවදාවත් අපිට Made In Sri Lanka බඩු Export කරන්න වෙන්නේ නැහැ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,998
    5,698
    113
    canada
    ඔව් ඔයා කියලා තියෙන කරුණු දෙක හරිම වැදගත් .අපේ රටේ තාක්ෂනේ දියුණූ වේනවා .ටික කාලයක් යනකොට තක්ෂානේ දියුණුව නිසා පිරිවැය Cost එක අඩුවෙනවා . පුහුණු ශ්‍රමිකයන් ඇති වෙනවා . ඕවා මොනවා වෙන්නත් අමාරුවෙන් හරි කරමාන්ත පටන් ගන්න ඕනේ. නැත්නම් මෙහේ cost එක වැඩියි කියලා හිටියොත් කවදාවත් අපිට Made In Sri Lanka බඩු Export කරන්න වෙන්නේ නැහැ

    සමහර රටවල්වල වියපර කරන්න තියෙන ඉඩකඩ ඉතාම අඩුයි. හේතුව Walmart, Rona, Home depot, Costco, safeway, sobeys, superstore වගේ හැමතැනම පැතුරුන සමාගම් එක්ක තරගයක් දෙන්න අමාරුයි. ඕව වගේ දේවල් ලංකාවට අවොත් ලංකාවේ ගොඩක් වියාපාර ඉවරයි. ආණ්ඩුව ඒ ගැන කල්පනාකාරී වෙන්න ඕනේ.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,925
    10,563
    113
    ආශික්ලන්තෙ
    සමහර කාලවලට තක්කාලි විසික් කරනව නේ.විකුණ ගන්න බැරැව...අපේ කට්ටිය කෑගනව අපරාදේ ඇයි තක්කාලි සොස් හදන්න බැරි කියලා..

    සෝස් හදන එකට වෙනම තක්කාලි වර්ගයක් ගන්නේ ..අපි කන්න ගන්න එක නෙවේ..ඒකෙන් සොස් හදන්න බෑ...තායිලන්ඩ් වල වවනව..මේ තක්කාලි ...

    ඒකයි සොස් පවා රටින් ගේන්නේ ....
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,326
    2,134
    113
    මම දැක්ක සමහරු කෑ ගහලා තිබ්බා කහ දැන් හෙන ගණන් කියල රටින් ගෙන්නන්නේ නැති නිසා. ඒත් ලේසියට ගෙන්නුවා වගේ නෙවෙයි මේ විදිහට ගියොත් තව අවරුදු 5කින් විතර ලැබෙන පඩිය මදි වෙනවා ජිවත් වෙන්න. දැනුත් ගොඩ දෙනෙක්ට එහෙම වෙලා තියෙන්නේ. අව්රුද්දක් විතර කට්ට කාලා ගොඩක් දේවල් මෙහෙ හදා ගත්තොත් ඉදිරිය හොද වෙයි.

    තව හොරු ටිකකුත් ඊලග චන්දෙන් ගෙදර යවන්න ඕනේ හැබැයි වැඩේ ෆුල් success වෙන්න.
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    මම මෝඩයෙක් නෙමේ මමත් මගේ රටට ආදරෙයි !!!, හැබැයි ඉතින් මේ ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න ගොන් හරක්ට නං පෙන්න බැ ,
    කොහොමින් කොහොම හරි රටේ සල්ලි වෙන රටවල් වලට යවන්නේ නැතුව අපේ දේ අපිම හදල අපිම දියුණු වෙන්න ඕනි

    ආයු රක්කන්තු ආවඩා !!
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ඔය එකක් වත් වෙන්නෙ න ලන්කවෙ නිතිය නමන නිසා, මන්කොල්ල කරය ඩවසෙන් එලියට ඈවිත් ලොයෙවඉ,කඩ කරයයි ඩෙන්නම මරන රටක් මෙක
    එලිය බස්සොත් පාරටම කලය ඉවරය්, වහනයක ගියොත් තෙල් ටික මගටම ඉවරඉ, මොනව රට අතුලෙ හඩුවත් තෙල් සහ නස්තිය නිසා unit cost විකුනුම් මිල වඩිවෙනවා.ගෙදරක ලය්ට් බිලම 3000/-
    ඔතන වෙන්නෙ හොර පරෙන් බඩු එන එක ඉහල යන එක විතරඉ,එක්කො බාල බඩු ටිකක් රට අතුලෙ හෑදේ,මිනිස්සු විස්වාසෙන් ගන්න එක අඩු වෙන එකඉ වෙන්නෙ
     
    Last edited:

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    sanwardanee.jpg