mage joke thread eka!

supzter

Member
Nov 20, 2010
1,136
481
0
මැජික් පොල් ගස

මාත් මේක කියෙව්වෙ වැදගත්තු කියවන සඟරාවක (රීඩර්ස් ඩයිජස්ට්) එකේ විහිළු තීරයේ තිබිල.:yes::yes:

ඔන්න එක නැවක් මුහුදෙ යද්දි ගිලුනළු. (ඔව් ඉතින්, ගොඩබිමේ නැව් යන්නෙ නෑ නෙ...හික් හික්) ඔය නැවේ හැමෝම මැරුනළු. ඉතුරු වුණේ තරුණ ලස්සන නෝන කෙනෙකුයි, එයාගෙ මෝඩ, වයසක මහත්තයයි, හැඩිදැඩි, තරුණ, ටිකක් විතර ලස්සන නාවිකයෙකුයි විතරලු.:rolleyes::rolleyes:

දවසක් මේ නාවිකයා කිව්වලු, "මම ඈත නැව් එනවද කියල අර පොල් ගහට නැගලා බලලා, පොල් ටිකකුත් කඩාගෙන එන්නම්..." කියල. අර නාකි මනුස්සයාට නැග්ගට මොකද ඉක්මනට බැහැගන්ඩ බැරි නිසා ඒ මිනිහත් මේකට එකඟ වුණා ලු.:nerd::frown:

දැන් ඔන්න අර නාවිකයත් පොල් ගහ උඩට නැගල එක පාරට පල්ලෙහා බලලා කෑගහනවළු,
"අපෝ......ඔහොම ගෑණිත් එක්ක ඉන්න එපා!!! මේ පොල් ගහට ඕනෑවට වඩා පේනවා!!!!":oo::angry:

"යකෝ අපි එහෙම මොකුත් කලේ නෑ!!!" නාකියා යට ඉඳන් කෑ ගැහුවලු. නාවිකයා පල්ලෙහාට බැහැලා ඇවිත්, "අප්පා තමුසෙල කරලා නෑ නේන්නම්!" කිව්වලු.:no::no:

දැන් දෙවැනි දවසෙත් මෙන්න නාවිකයා පොල් ගහ උඩට නැගලා බලලා අර විදිහටම කෑ ගැහුවලු. මෙහෙම දවස් දෙක තුනක් ම වුනා ලු.:oo:


දැන් නාකියාට හෙනම අස්පට්. මිනිහා කල්පනා කරල අන්තිමට හිතුවලු පොල් ගහට මිනිහ නැගලා මොකද මේ වෙන්නෙ කියල බලන්ඩ.:frown::frown:

ඉතින් එදා මුහුදෙ ඈත නැව් එනවද බලන එක මිනිහා බාරගත්තලු. හවස් වේගෙන එද්දි මිනිහ පොල් ගහට අමාරුවෙන් නැගගත්තලු. නැගලා කරපු පළවෙනි වැඩේ පල්ලෙහා බලපු එක ලු.


"අම්මපා ඇත්ත තමයි නේන්නම්!!! මටත් පේනවනෙ මගේ ගෑණි අරූ එක්ක ඉන්නව!!!":rofl:

මොකද වුනේ කියල කියන්ඩ ඕනෙ නෑ මයෙ හිතේ... :P :P :P
 
  • Like
Reactions: Knight_Black

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    මාත් මේක කියෙව්වෙ වැදගත්තු කියවන සඟරාවක (රීඩර්ස් ඩයිජස්ට්)
    ඔයා වැදගත් කියල කියාගන්න ඔච්චර වටේ යන්න ඕනේ නෑ ඉතිං.. :P