Mage Nangita Help ekak denna.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මම දන්නා කොල්ලෙක්ට තිබිල සතියෙන් හොද උනා. අය්ර්වේද බෙහෙතක් අරන් වෙන්න ඕනි
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ෆට්ට අවුල් කෙල්ලෙක්ට ඕක වුනා කියල මං මේ ඇහුවමයි මචන්. ඕකට එළඟිතල් එක්ක රතුළුෑණු මොනාද සීන් එකක් කරනව මචන් සිඞහල වෙදකමේ. ඉස්සෙල්ල ඉංග්‍රීසිද සිඞහල වෙදකමද කියල තීරණය කරහන්. ඉන් පස්සෙ හොඳ වෙදෙක් හොයහන්. මට කවුද කෙනෙක් ඔහොම හොඳ කරගෙන තමයි කිව්වෙ. දැන් මතක නෑ කවුද කියල මචන්. මං ඕනනං දන්න අයගෙන් අහල කියන්නම්.

    ඉක්මනින්ම ඔය අසනීපය සුව වේවා! නීරෝගී වේවා!!!
     

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    අනේ මන්දා.. ඔය නොදන්න ලබ්බවල් කරලා වැඩේ අල කරගන්න එපා.. සාමාන්‍ය ලෙඩ වගේ නෙමෙයිනේ.. හොදම වැඩේ විශේෂඥයෙක් මුණගැහෙන එක.. ගොඩක් දරුණුවට නැත්තං ඉන්ජෙක්ෂන් වලින් හොද කරනවා මං දන්න තරමින්.. නැත්තං බෑන්ඩිං හරි ස්ටේපල් හරි කරනවා..

    :yes::yes::yes:
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,604
    3,476
    113
    මචන්ල මගේ නංගිට අර්ශස් රෝගය (මූලගාය) හැදිලා :sorry: බෙහෙත් ගත්තට සුවයක් නෑ. මම් මේ ලිපිය FB එකේ තිබිලා හොයාගත්තේ. call කරාම කිව්ව විදියට ප්‍රතිකාරය සාර්තක වෙයි කියලා හිතනවා. මේ බෙහෙතට Rs.6500ක් කියනවා. බාවිතා කරපු කෙනෙක් ඉන්නවානම් කියන්න මේක හරියන බෙහෙතක්ද ? වෙනත් ප්‍රතිකාර තිබෙනවානම් කියන්න. ගුද මාර්ගයයෙන් කුඩා ගෙඩියක් ඇවිත්. මලපහ කිරීමේදී පට්ට දුකක් විදිනවා බන්. පිළිතුරක් ලැබෙනකන් බම්ප් එකක් දාගෙන යන්න​

    7757_705730786134162_873671037_n.jpg

    මචං කුරුණෑගල කොළඹ පාෙරේ පොතුහැර මොරැල්ල කියන ගමේ තියනවා සිංහල වෙදකං කරන තැනක්. අපේ බාප්පා ගත්තා පොරට අඩු උනා. හැබැයි පරිස්සං වෙන්න ඔ්නි.
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    මචං ඔය ලෙඩේ මම දන්න එකෙක්ටත් හැදුනා. පස්ස පැත්තේ ගෙඩියකුත් ඇවිත් තිබුණා. ඌනම් කලේ ඔපරේෂන් කරන එකයි. සතියෙන් වගේ සේරම ෂේප් උනා. සිංහල වෙදකන් හොදයි හරි තැනකින් කරගත්තොත්. උඹ කැමති නැද්ද ඉංග්‍රීසි බෙහෙත් කරන්න.
     

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    okata ingirisi wedakama hari yanne nehe

    yanna kesbewe Pilapitiya ayurveda doctor langata

    4 weeks walin behethata honda wenawa

    Rs 2000 k withara yanawa 4 weeks walata beth walata

    PM karoth wisthara kiyannam
     

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    මචන් අපේ තාත්තට අර්ශස් තිබුණා. යක්කල ආයුරුවේදේ නැවතිලා බේත් කරා. ඒත් අඩු වුනේ නෑ. ඊට පස්සෙ රාගම රෝහලේ ලොකු ඩොක්ට කෙනෙක්ව ප්‍රයිවේට් චැනල් කරලා බැලුවා. ඒ ඩොකට්ට ඕන වුනේ ඔපරේශන් කරන්නමයි. පස්සෙ පොර ලව්වාම රාගම රෝහලට පැණගෙන පොර අතින්ම ඔපරේශන් එක කරගත්තා. සති දෙක යද්දි මචන් ආයේ වැඩි වුනා. පොරට ආයේ ගිහිල්ල පෙන්නුවත් වැඩේ හරි ගියේ නෑ. ඒ පාර කුරුණෑගල වෙලගෙදර ආයුරුවේද රෝහලට (කුරුණෑගල මහ ඉස්පිරිතාලේ ඉස්සරහා තියෙන්නෙ) ගිහිල්ලා ඒකේ 8 වාට්ටුවේ ඉන්න නිමලි සොලොහොකාර ඩොක්ටට පෙන්නුවා මචන්. සති 2ක් විතර තාත්තා ඉස්පිරිතාලේ නැවතිලා හිටියා. දැන්නම් ගෙදර. දැන් අඩුයි 90% විතර. උෂ්ණ කෑම වලින් පරිස්සම් වෙන්න ඕනෙ ඉතින්.
    රාගම ඩොක්ට කවුද?
     
    • Like
    Reactions: senewimala1988