Magnetic Levitation

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
Magnetic Levitation

මම හිතන්නෙ ඔයගොල්ලො දන්නවා ඇති කාන්දම් ගැන.ඒවා වලින් කරන්න පුලුවන් ජාති ගොඩක් තියෙනවා.නමුත් මම දැන් මෙ කියන්න හදන්නෙ ඒකෙන් කරන්න පුලුවන් වටිනාම දෙයක් ගැන.
ඇත්තටම මේකට කාන්දමක් විතරක් තිබිලා මදි.තව සුපිරි සන්නායකයක් ඕනෙ.කාන්දමක් උඩින් සුපිරි සන්නායකයක් තිබ්බම ඒ සුපිරි සන්නායකය පාවෙන්න පටන් ගන්නවා.ඒක සිද්ධවෙන්නෙ කාන්දම නිසා සුපිරි සන්නායකය තුල ප්‍රේරණය වෙන ධාරාව නිසා.මේ සංසිද්ධිය රූප රාමුවකින් මේවගේ බලා ගන්න පුලුවන්.


mlev.gif


ප්‍රායෝගික අවස්තා සලකලා බැලුවොත් මේ වගේ බලා ගන්න පුලුවන්

levitation01.jpg


magnetic_levitation.jpg

floating-globe.jpg

දැන් ඔයගොල්ලො බලනවා ඇති මේකෙන් මොනවද කරන්න පුලුවන් කියලා.
ඔය කියන සංසිද්ධිය යොදාගෙන තමයි අධිවේගී දුම්රිය නිපදවලා තියෙන්නෙ.


84835-61120-Transrapid.jpg


p_doublecusp.gif


මේ දුම්රිය අනෙක් දුම්රියන්ට සාපේක්ෂව අධිවේගීව ගමන් කරන්නෙ මේ දුම්රියෙ රෝද සහ පීල්ල අතර ගර්ෂනය නැති නිසා.
මෙම සංසිද්ධිය තව දුරටත් වැඩි දියුණු කරලා නෑව් වල සිට ගුවන් යානා ගුවන් ගත කිරීමට යොදා ගැනීමට පරීක්ෂකයන් බලපොරොත්තු වෙනවා.
images

ඒ වගේම
අධිවේගී මගී ප්‍රවාහනයට යොදා ගැනීමටත් ඒ අය බලාපොරොත්තු වෙනවා.
magnetic-levitation-public-transportation-wings.jpg

ඒ වගේම මෙය පරිසර හිතකාමී නිසා ඉදිරි අනාගතයටත් ඉතාම වැදගත් දෙයක්.


සටහන : Starz DK

ඔයාලා මේකට හොඳයි කියලා හිතනවනම් rep එකක් දෙන්න.
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔයවගේ Train එකක් ජර්මනියේ පාවිච්චිකරනව කියලා අහලා තියෙනවා.
    හොඳ පෝස්ට් එකක්. Thanks :)
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    ඔයවගේ Train එකක් ජර්මනියේ පාවිච්චිකරනව කියලා අහලා තියෙනවා.
    හොඳ පෝස්ට් එකක්. Thanks :)

    ඕක දැනට පාවිච්චි කරන්නේ Japan වල.German වල ඔයට වඩා වෙනස් එකක් පාවිච්චි කරන්නෙ.