Mahindata ta sri lanka eken nama yojana ba

Spetsnaz

Member
May 25, 2015
187
19
0
මහින්දට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා නෑ - රාජිත සේනාරත්න


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හට නාම යෝජනා නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කමිටු රැස්වීමේදී තීරණය කරපු බව රජයේ කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න කියනවා.

රාජිත කියන්නේ පැත්ත මාරු කරන්න උපන් හපන් පුද්ගයෙක්. ඉස්සර කළුතර බස් නැවතුම්පොළ ආසන්නයේ සවි කර තිබුණු මහින්දට යටින් රාජිත පුංචියට හිටපු අති විශාල පුවරුවක නං කියල තිබුනේ, "තිස් වසරක යුද්ධේ නිමයි - තිස් වසරක රජුන් ඔබයි" කියලා. පැත්ත මාරු කරාට පස්සේ දැන් රාජිතගේ කතා විලාශයත් වෙනස් වෙලා.

මහින්ද හිටපු ජනපති නිසා වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇති කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති නිසා බොහෝ විට ඔහුට දිවයිනේ වැඩිම මනාප ප්‍රමානය පහසුවෙන් ලබා ගන්න පුළුවන් වේවි. මහින්ද වටා මන්ත්‍රීන් පිරිසකුත් සිටින නිසා මහින්ද චන්දෙට ඉදිරිපත් වුනොත් ඔහුට අග්‍රාමාත්‍ය හෝ විපක්ෂ නායක තනතුර ලැබෙන්න ලොකු ඉඩක් තියෙනවා. මේ බව තේරුම් ගත්ත නිසා වෙන්න ඕනේ, මහින්දට නාම යෝජනා දීම ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. බලපෑමක් කරන්න බැරි අපේක්ෂකයෙක් ට නං නාම යෝජනා දෙන්න බය වෙන් නෑනේ.

ඒත් මහින්ද වටා දැනුත් ඉන්නේ පහුගිය ජනාධිපතිවරණයේදී ඔහුගේ චන්ද ප්‍රමාණය අඩු වෙන්න බලපාපු කුඩු, හොර, මැර දේශපාලඥයෝ නිසා, රටේ අනෙක් පෙදෙස් වලින් අහිමි වුන මනාප ප්‍රමාණය නං ඔහුට ආයේ ලැබෙන එකක් නෑ. නමුත් මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති චන්දෙට කලින් කිව්වා වගේ ඊට පස්සෙන්ද රෑම එයාර්පොර්ට් වහලා හොරු අත්අඩංගුවට ගන්න ඉක්මන් උනෙත් නෑ. ඒ වගේම තමන්ගේ පැත්තට හේත්තු උන මර්වින්, දුමින්ද වැනි අය ගැන කටයුතු කරන අකාරය ගැනත් ඔහුට චන්ද දුන්න ජනතාවගේ කොහොමත් කැමත්තක් නෑ. ඒ හින්දා ජනාධිපතිට පාක්ෂික චන්ද ප්‍රමාණයේ නං යම් අඩුවක් වෙන්න පුළුවන්.

රාජිතගේ කතාව පහතින් බලන්න


lanka.buzz
 

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,840
    9,574
    113
    පාර්ලිමන්ට් විසිරපු ගමන් මේක වලි යයි නේ හෝ ගාලා :D
    මට නං චන්දෙ දෙන්න හිතෙන පක්ෂයක් නෑ. :( තව ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ කාටද දෙන්නේ කියල


    පක්ෂයක් නැහැ කිව්වට මහින්දට චන්දෙ දෙන්න නේද හිතන් හිටියේ?:P
     

    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    පක්ෂයක් නැහැ කිව්වට මහින්දට දෙන්නද නේද හිතන් හිටියේ?:P
    නෑ බන් සිරාවට මහින්දට එච්චර කැමති නෑ. වටේ ඉන්න කට්ටියටයි පුතන්ඩියටයි කෝමත් කැමති නෑ. මහින්ද නං මොනා මොනා හරි ලොකු දේවල් ටිකක් කරානේ. වටේ ඉන්න උන් හදා ගත්තේ නැති එක තාමා අවුල. කාට දෙන්ඩ කියලද හිටා ගන්න බෑ මේ චන්දෙදි. උඹ කාටද දෙන්නේ

    මහින්ද පක්ෂයක් හදන එයි බන්. ඒ ජාතියේ පොර :)
     

    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    පක්ෂයක් නැහැ කිව්වට ෆේක් එකකුත් අටෝගෙන දැන්මම ඡන්දෙට වැඩ පටන් අරන් වගෙ :lol:
    චන්ද වලට කාටවත් වැඩ කරන්නේ නෑ බන්. මොකද උන් අපිට වැඩ කරන් නෑනේ. උන් අපිට කෙලවන එකනේ කරන්නේ :no:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මහින්ද හිටපු ජනපති නිසා වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇති කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති
    මත්තල වගේ ඒවද :lol:
     

    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    මහින්ද හිටපු ජනපති නිසා වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇති කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති
    මත්තල වගේ ඒවද :lol:
    e paththe unta lokuyine ban, rate anith pathi wala un akamathi unata. hambanthota komat chanda mahindata thama.
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ලොල් ඕකා කියපු දෙයක් ඇත්ත උන අවස්තාවක් කියපන් පුලුවන් නම්
     

    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    සමහරු කුණුහරපෙන් බැනල මයිනස් රෙප් දෙනවා රට බේර ගත්ත මහින්දට මුකුත් කියන්න එපා කියලා. තව උන් මයිනස් දෙනවා මහින්ද එනකන් බලන් ඉඳපන් කියලා.
    මට නං ඔය මොකත් එකයි. මගේ කවුරුවත් නෙවේ ඕකුන්. හොඳ කරොත් හොඳයි නරකක් කරොත් නරකයි.
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    Adannna epa..mahinda mama eyi oka jilmart pappa ne..:lol:

    දේශපාලනෙ කියන්නෙ බල තරගයක්,

    කවුරු කොහොම කැගැහුවත් අනොතිමට ඔක්කොම බලන්නෙ තමන්ගෙ ආන්ඩුවක් ගන්න.
    ලන්කාවේ ඉතිහාසය පුරාම තියෙන්නෙ තමන්ගෙ හතුරත් එක්ක එකට බුදියපු ගේම් තමා. (ජවිපෙ-එජාප, චන්ඩ්‍රිකා-එජාප, චන්ඩ්‍රිකා-ජවිපෙ, මහින්ද-ජවිපෙ....)

    ඕක උබලත් දන්නවා.ඒත් මහින්දත් එක්ක තියෙන වයිරය නිසා එලියට දාන්නේ නෑ. මයිත්‍රීට අවන්කවම උවමනාවක් තියෙනව නම් ශ්‍රීලනිපෙ ආන්ඩුවක් ගන්න අනිවා මහින්දගෙ උදව් ගන්න වෙනවා. (මහින්දට තනියෙන් අගමැති වෙන්න බෑ.ඒත් පාර්ලිමේන්තුව ප්‍රදාන බල 3කට කඩන්න පුලුවන්.)

    ශ්‍රීලනිපෙ උන් කවදාවත් කැමති නෑ එජාපෙ එක්ක ආන්ඩු කරන්න. (හොදටම පේනවනේ මේ දවස් වල )

    ඒ නිසා මහින්ද කියන්නේ මැතිවරනෙට අනිවාර්ය සාදකයක්.

    අනික උබ හිතනවද ඔය මන්ත්‍රී 70-80ටම පිස්සු කියලා මහින්ද පස්සෙන් යන්න මහින්දගෙ වටිනාකමක් නැත්නම්

    තාර්කිකව හිතපන් බන්, බොරුවට නම් වලට වයිර නොකර, (උදා- උබල වයිර කරපු උන් කීයක් නම් අද මයිත්‍රීත් එක්ක යහතින් ඉන්නවද?)
     
    • Like
    Reactions: Ultron

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    11406340_958168520912008_7035005274676119287_o.jpg