මල්ලි තරහ වෙන්න එපා මම එක දෙයක් කියන්නම්....
මගේ දේශපාලන මතය මොකක් උනත් රනිල් කියන්නේ ඉගෙන ගත්ත මනුස්සයෙක්, වැදගත් මනුස්සයෙක්,පරිණත මනුස්සයෙක් නමුත් නායකයෙක් විදියට ඒ මනුස්සය අසාර්ථක උනා.
එහෙම උනත් ලෝකයා විසින් පිළිගන්න රජයේ විශ්ව විද්‍යාලයක උසස් උපාධියක් සහිත බුද්ධිමත් මනුස්සයෙක් සහ ඔහුගේ බිරිඳ පවා උගත් බුද්ධිමත් කාන්තාවක්.
ඒ නිසා ඒ වගේ මනුස්සයෙකුට කතා කරනකොට වැදගත් විදියට කතා කළා නම් තමයි හොඳ...... මොකද එකෙන් උඹේ ආකල්ප ගැනත් මිනිස්සුන්ට දෙයක් හිත ගන්න පුළුවන්.
ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප මත තමයි ගොඩක් දේවල් තීරණය වෙන්නේ...
මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා උනත් හොඳ මනුස්සයෙන්. දේශපාලන වශයෙන් පරිණත, තමන්ගේ අනුගාමකයින් හොඳින් ජයග්‍රහණය කරා මෙහෙයවපු පුද්ගලයෙක්. නමුත් කාලයත් සමඟ ඔහුගේ වටපිටාව තුලින් ගොඩ නැගුනු පවුල් වාදය ඔහුගේ අනාගතයට මෙන්ම රටේ අනාගතයටත් විශාල බලපෑමක් උනා.
මෙන්න මේ නිසා තමයි අද දේශපාලන පක්ෂ සමුහයක් වශෙයෙන් එකතු වෙලා ඒ මනුස්සයව පරාජය කරන්න සුදානම් වෙන්නේ.....
අනික් කාරනාව තමයි කිසිම පරිණත, ජේෂ්ඨ දේශපාලනඥයෙකු කැමති වෙන්නේ නැහැ සදහට එකම පාලකයෙකු යටතේ ඉන්නේ. ඔවුනුත් උත්සාහ කරන්නේ කුමන ක්‍රමයකින් හෝ ඉහලට යාමටයි.
අද මේ ඇති වෙලා තියන්නෙත් එවැනිම තත්වයක්.
ඉතින් අපි මෙතන මොනවා කිව්වත් ඔතන ඔය සිද්ද වෙලා තියෙන ගනුදෙනුවේ සියලුම දේවල් දන්නේ රනිල්ගේ සහ මෛත්‍රීපාලගේ සිත් පමණි. ඔවුන් සන්ධාන ගතවී කුමන දේ කිව්වත් ඒ හැමදේම තුල තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයක් ද තිබෙන බව හොදින්ම විශ්වාසයි.
ඒ නිසා වෙනසකට කැමති හැමෝම මෛත්‍රීපාල වෙනුවෙන් චන්දය දෙන අතර තවත් සමහරු මෙම කලහය නිසා අතරමන් වී සිටින විට තවත් සමහරු මහින්ද රාජපක්ෂට චන්දය දේවි.
කතාව කෙසේ උනත් ලංකාවේ ශක්තිමත්ව තිබු විපක්ෂයද විනාශ කලේ මේ ආණ්ඩුවයි. එකෙන් ආණ්ඩුවට හොඳක් උනත් රටකට වෙන්නේ විනාශයක්. මොකද ප්‍රතිවිරුද්ධ මත වලින් තමයි අලුත් දෙයක් ගොඩ නැගෙන්නේ. ඉතින් අද ඒ තත්වෙට ලංකාව පත්වෙලා. ඉතින් මම හිතන්නේ මහින්ද රාජපක්ෂ තරම් සුදුස්සෙක් ජනාධිපතිකමට සොයාගැනීමට නොහැකි උනත් මෛත්‍රීපාල සිරිසේන ඔහුට හොඳ ප්‍රතිවාදියෙකු වෙන එක අනිවාර්යයි.
අපි බලමු මොකද වෙන්නේ කියල...
raniluth ekai maithreepaalayath ekai maithreepaalaya awath wadakuth naane oya widihata.
එල එල උබ දියන් මචං........ කොහොමත් උබලා වගේ උන් ගැලපෙන්නේ මහින්දට තමයි

Mamath eekama thama hithanne. Mona kalakanniya awath hadnne thaman balawath wenna. Mahinda awath ehemayi anik paththa awath ehemai. Mun me hithana dewal wenna athmetaමම ලන්කාවේ මිනිස්සු තරම් මෝඩ ජාතියක් ලෝකේ කොහෙවත් රටක දැකලා නැ.ලන්කාවේ දේශපාලනයට ජාතික ප්‍රතිපත්තියක් නැ.පත් වෙන මිනිහට ඔනි විදිහට තමයි ගේම ගහන්නේ.හොද මිනිහෙක් ආවොත් හොදයි.හොරෙක් ආවොත් ඉවරයි.ලන්කාවෙ ගොඩක් මෝඩ එවුන් අරක්කු දුන්නනම් ඒකට තමයි චන්දේ දෙන්නේ.අන්න එහෙම මිනිස්සු ඉන්න රටක සන්වර්දනයක් වෙයි කියලා උබලා හිතනවද.ඔය ඉල්ලනවා කියන පොදු අපේක්ෂකයා මම දන්නේ නැ.මම කවදාවත් චන්දයක් දීලත් නැ කාටවත්.මොකද එහෙම නොදුන්නේ දෙන්ඩ කවුරුවත් නැති හින්දා.උබලා හිතනවද දැන් ලන්කාව ලෝකෙට නය වෙලා තියන විදිහට ඔවා ගෙවලා ඉවර කරලා ලන්කාව සන්වර්දනය කරන එක ලේසි වෙයි කියලා.අනික දැන් ඔය පොදු අපේක්ෂකයා කියන ඔය මනුස්සයත් කාලයක් ආන්ඩුවෙම හිටිය කෙනෙක් නේද.එතකොට ඔය වන්චා දූශන ඔය මනුස්සයා දැක්කේ නැද්ද.ජනාධිපතිවරණයක් එනකම්ම ඉන්න ඔනිද.ඔවගේ තියෙන්නේ මචන්ලා දේශපාලන උපක්‍රම.අපේ ගොන් හරකුන්ට ඔව තෙරුම් ගන්ඩ මොලේ නැ.දැන් කාලයක් තිස්සේ බලේ නැතුව හිටපු මිනිස්සු බලේ හම්බුනාම වන්චා දූශන මොකුත් නොකර රට සන්වර්දනය කරයි.අනේ ඕවා ගස් බයිලා බන්.කවුරුත් බලන්නේ තමන්ට මොනවහරි කරගන්ඩ.අපි දෙයක් කරගත්තොත් අපිට තියෙයි.
මම කියුවේ මචන් මගේ අදහස,මම උදාහරණයක් කියන්ඩද.ඔන්න අපේ පලාතේ ඉන්න හෙන ජරාම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඔය පොදු අපේක්ශකයා ප්‍රකාශ කරාට පස්සේ විපක්ෂයට එකතු වුනා.ඉතින් ඔය මිනිහා ආයෙත් පාර්ලිමේන්තුවේ තමයි.කවද්ද බන් රට දියුණු වෙන්නේ.මම සලකන්නේ චන්දේ දාන්න යන වෙලාවත් අපේ කාලෙ නාස්තියක් විදිහට.මම ඒ වෙලාවෙ වත්තේ තියන පොල් ගහකට පොහොර ටිකක් දානවා.කවදහරි තමන්ට තියෙයි.අර korean නැව ගිලුණු වෙලාවෙ ඒ රටේ අගමැති ඉල්ලා අස්වුණා මතකද.ලන්කාවෙත් අන්න ඒ වගේ තත්වෙකට ලන්කාවේ දේශපාලනය ආවොත් මාත් දුක නැතුව ගිහින් චන්දේ දෙනවා.නැතුව හොරුන්ට චන්දේ දෙන්ඩ මමනම් මගේ කාලේ නාස්ති කරගන්නෙ නැ. කවුරුත් මගේ අදහසට එකග උනත් නැතත් මට ප්‍රශ්නයක් නැ.මම කිඋවේ මගේ අදහස
Mamath eekama thama hithanne. Mona kalakanniya awath hadnne thaman balawath wenna. Mahinda awath ehemayi anik paththa awath ehemai. Mun me hithana dewal wenna athmeta

