Mara wadak කොළොන්නාවේදීත්
ජනතා විමුක්ති පෙරමුණ විසින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ආධාර පිණිස කොළොන්නාවේදී අද පවත්වන ජන රැලියේ සැරසිලි කටයුතු කළ ආධාරකරුවන් පිරිසකට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී දුමින්ද සිල්වා සහ ඔහු සමග පැමිණි මැර පිරිසක් විසින් පහරදී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකය පවසයි.
මාධ්‍ය ඒකකය පවසන පරිදි, ඊයේ රාත්‍රී 11.30 ට පමණ කොළොන්නාව උමගිලිය ක්‍රීඩාංගණයේ මෙම පහරදීම සිදුකර ඇත. ගිනි අවි සහ පොලු මුගුරු රැගෙන ඩිෆෙන්ඩර් රථ 4 කින් පැමිණි දුමින්ද සිල්වා ඇතුළු මැර කණ්ඩායම සැරසිලි කරමින් සිටි අයට පහරදී ඇති අතර ඉන් බරපතල තුවාල ලැබූ දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට ඇත.
අවසානයේ ප්‍රදේශයේ ජනතාව පහරදීමට පැමිණ පිරිසට ගල්මුල්වලින් පහරදී ඔවුන් එලවා තිබේ.
LT