Mara wadak කොළොන්නාවේදීත්

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
Mara wadak කොළොන්නාවේදීත්

ජනතා විමුක්ති පෙරමුණ විසින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ආධාර පිණිස කොළොන්නාවේදී අද පවත්වන ජන රැලියේ සැරසිලි කටයුතු කළ ආධාරකරුවන් පිරිසකට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී දුමින්ද සිල්වා සහ ඔහු සමග පැමිණි මැර පිරිසක් විසින් පහරදී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකය පවසයි.

මාධ්‍ය ඒකකය පවසන පරිදි, ඊයේ රාත‍්‍රී 11.30 ට ‍පමණ කොළොන්නාව උමගිලිය ක‍්‍රීඩාංගණයේ මෙම පහරදීම සිදුකර ඇත. ගිනි අවි සහ පොලු මුගුරු රැගෙන ඩිෆෙන්ඩර් රථ 4 කින් පැමිණි දුමින්ද සිල්වා ඇතුළු මැර කණ්ඩායම සැරසිලි කරමින් සිටි අයට පහරදී ඇති අතර ඉන් ‍ බරපතල තුවාල ලැබූ දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට ඇත.

අවසානයේ ප්‍රදේශයේ ජනතාව පහරදීමට පැමිණ පිරිසට ගල්මුල්වලින් පහරදී ඔවුන් එලවා තිබේ.

LT
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මේක තියෙනවා අරක නැහැ අරක තියෙනවා මේක නැහැ
    දුමින්ද සිල්වාට ඡන්දය දුන්න අයට අද මොකද වෙලා තියෙන්නේ