Marry karannama Oneda?

thanujaka

Well-known member
  • බඳින්න හොඳ වයස මොකක්ද? මම දන්නවා සාපේක්ෂයි. ඒත් උඹට හිතෙන විදියට?

    ලංකාවේ ගොඩක් තියන්නේ negative ම තමයි බං.. අනිත් එක conservative ideas වල ගොඩක් උන් ඉන්නේ..
    27 28 කියන්නේ හොදම වයස.
    ලංකාවේ හැටියට 23 24න් හොද ආර්ථික ස්ථාවරයක් හදාගන්න අමාරුයි නේ.
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,903
    3,397
    113
    එකේ ඉතිං දෙපැත්තම තියෙනවා.
    මැරි කලාම පට්ට වදේ කිසි නිදහසක් නෑ.
    මැරීඩ් ලයිෆ් එකට එන්ටර් වෙච්ච ගමන් මිසින් වෙන ලොකුම දේ තමයි ෆ්‍රීඩම් එක.
    මට නං ලොකුවටම දැනුනේ ඒක.
    ඉස්සර වගේ ලවක් දෙවක් නැතුව අරෙහේ මෙහේ කාලේ කන්න, පාන්දර 3 4 වෙලා ගෙදර එන්න ඒවා නැති වෙනවා.
    30න් පස්සේ ඉතිං ඕවා කොහොමත් වැඩකුත් නෑ

    ඊට සාපේක්ශව වාසි වැඩි මට නං.
    දුකට සැපට කෙනෙක් ලග ඉන්න එක, ඕන දේකට සහයට කෙනෙක් ඉන්න එක,
    ගමනක් බිමනක් ගියත් ජොලි ඉතිං.
    කපල් එකක් විදිහට බැදාලා අවුරුදු දෙක තුනක් ජොලි කරලා ඕනේ හැබැයි ලමයි හදන්න, නැත්තං එපා වෙනවා.

    කොහොමත් කසාදයක් බදින එක තමා හොදම දේ,
    20-30 අතරේ කාලේ යාලුවො ඉන්නවා හිතවත්තු ඕන තරම් ඉන්නවා ඒ කාලෙට ගානක් නෑ.
    30 පැන්න ගමන් යාලුවෝ හුගක් නැතිවෙනවා.උන් උන්ගේ ලෝක වල බිසී වෙනවා, හිතවත්තු අඩු වෙනවා.
    ඕකේ බරපතලම අවධිය එන්නේ 45-50 වෙනකොට, තමන්ටම කෙනෙක් නැති එකේ අඩුපාඩුව තදටම දැනෙන්නේ එතකොට.
    එතකොට ඉතිං කසාදයක් කරගත්තත් ආදරේ කරන්න මැරීඩ් ලයිෆ් එකේ ගතිය විදින්න බෑ.

    උඹ අවුරුදු 8-10 කාලේ කවුරුහරි උඹට ටෙනිස් බෝලයක්, අලුත් බැට් එකක් එහෙම අරං දුන්නම කොහොමද සතුට.
    දැන් උඹට දවසගානේ ටෙනිස් බෝල 10ක් ගන්න සල්ලි තිබ්බත් උඹට ගන්න හිතෙනවද?
    නෑනේ?
    ඇයි ඒ?
    ජීවිතේ එහෙම තමයි, හැම දෙයක්ම විදින්න පුළුවන් කාලයක් එනවා, එතකොට ඒක විදින්න ඕනේ, ආයේ ඒක විදින්න බෑ
    අවුරුදු 8-10 කාලේ කොල්ලෝ එක්ක බෝල ගහලා ගන්න ආතල් එක මිස් උන එකෙක්ට, අවුරුදු 25දි ඒ ආතල් එක ගන්න බෑ.
    කැම්පස් යනකාලෙ ගල්කිස්සේ බෝට්ටුවක තියාගෙන සුප් කැට ලෙවකකා අරක්කු බිපු කාලේ ආතල් එක අවුරුදු 35දි ආයේ අරක්කු බොද්දි ගන්න බෑ.

    කසාදෙත් ඒ වගේ ඉක්මන් වෙන්නත් එපා, ප්‍රමාද වෙන්නත් එපා, ස්ථාවරයක් හදාගෙන නිසි වයසෙදි බැදපං.වැදගත්ම දේ තමයි කෙල්ලෝ 100ක් එක්ක හරි යාලුවෙලා අවුරුදු 60 70 එකට ඉන්න පුළුවන් කියලා හිතෙන කෙනෙක්වම විතරක්, බුද්ධිමත්ම තෝරගනිං.
    අනේ මොන ගෑණුද මම ආතල් එකේ තනියම ඉන්නවා කියල නං හිතන්න එපා.
    අවුරුදු 45-50 වෙද්දි උඹ අනිවාර්යයෙන්ම ඒ ගැන පසුතැවෙනවා.
    ඔය තනිකඩව කර්පට් වෙවී ඉන්න මොන අයියත් බොරුවට නෑ නෑ කිව්වට හරියට හිතට තට්ටු කරලා ඇහුවොත් නොබැදපු එක ගැන ඔය හැමඑකාම පසුතැවිලි වෙනවා.
    ඒ නිසා නිසි වයසට බැදපං.
    me 40 n passe cn eka nan aththa tamai :yes: yaluwo ekin eka galawila yaddi tamai wade terenna ganne
     
    thanujaka

    Well-known member
  • me 40 n passe cn eka nan aththa tamai :yes: yaluwo ekin eka galawila yaddi tamai wade terenna ganne
    22-24 කාලේ මචං කම්මැලි බං සෙට් වෙමුද කිව්වම ඩෝං ගාල බයික් එක හරවන් එන යාලුවෝ 45දි නෑ බං.
    එතකොට තමයි උන් පසුතැවිලි වෙන්නේ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,321
    6,757
    113
    හෙල බිමේ
    27 28 කියන්නේ හොදම වයස.
    ලංකාවේ හැටියට 23 24න් හොද ආර්ථික ස්ථාවරයක් හදාගන්න අමාරුයි නේ.
    ආර්ථිකය හොඳ උනත් 23-24 නම් too early මචං. බරක් පතලක් වැඩිය තේරෙන්නේ නෑ. කෙළවෙන්න තියන සම්භාවිතාවය වැඩි
     
    • Like
    Reactions: Mugen and HKavinda

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,361
    2
    1,408
    113
    On a Cloud
    මමත් ආර්ථිකව අස්තාවරයි. ඒ හන්දා ගෑනියෙක් ගැන හිතන්න හිතෙන්නේ නෑ. දැන් 30යි. :(
    mata 32 gewigena yanne.. permanent job ekak na thamath.. mamath marry karanna hithanne na.. habai mata nm ohoma kiyana tharam thanikan paalu nm danila na.. katha baha karanna nm kattiya adui.. ea unata mama nm nitharama monwa gena hari busy wenna balanwa, ekko deyak kiyawanwa, ekko tutorial ekak balan mona hari try kranwa.. eka ekkena ea ea dewal gana dakina widiya wenna one, mona unath thamanta me me dewal na kiyala hitha hitha inna nm hoda na. ekko nathi dewal ganna try karanna one ekko eka amathakama karanna one.. anyway, a good thread..!
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,680
    1
    99,927
    113
    33
    Kalutara

    මම කියන්නේ නම් තනිකඩව ඉන්නවා කියන්නේ බැඳපු මනුස්සයෙක්ට නැති නිදහසක් තියෙනවා කියන ඒකනේ. ඒක නිසා බැඳපු සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා දෙයක් කරලා ඉස්සරහට යන්න ඕන තනිකඩයෙක් නම්. නැත්තන් හැමෝම වගේ උදේ 8-5 ජොබ් එක කර කර කාලේ නාස්ති කරනවට වඩා දෙයක්. තමන්ගේ නම ලෝකෙට ගෙනියන්න්න පුළුවන් විදිහේ දෙයක් කරන්න කැප කරන්න ඕන තමන්ගේ නිදහසෙ ඉන්න කාලය. එතකොට තමන්ට තනිකමක් පාළුවක් දැනෙනවා කියන දේ පසුතැවීමක් නැතුව ජීවිතේ ගෙවන්න පුළුවන්.
     
    ow, oya kiyana eka 100% aththa, Marry nokara single life eke thiyena daha jara wada okkkoma karala naaki una kaleka ayyoo mage jeewithe, matath wedak na, loketath wedak na kiya kiya hithalama anthimata pana tika yai...

    Thawa deyak... Methana marry nokarapu aya eke thiyena hondha kamath, marry karama thiyena amaru kamuth, marry karapu aya eke thiyena hondha kamath, marry nokarama wena karadarath dala thiyenawa, ea hama deyakma ea ea aya siddiya diha balana widya anuwa wenna one, ea nisa kaatwath 100%k hari, kaatwath 100%k wardi kiyannwath ba neda?
     
    ඔව්, හැමෝම කතා කරන්නෙ ඒ ඒ අයට ඒ ඒ ප්‍රශ්නෙ පේන විදිහට. ඉතින් කාටවත් තමන්ගෙ ජීවිතේ තමන්ට තියෙන ප්‍රශ්න ගැන තවත් කෙනෙක්ගෙන් අහලා 100% හරි උත්තරයක් තමන්ගෙ ජීවිතේට ආදේශ කරගන්න බෑ. ඉතින් ඒක තමන්ටම විතරයි කරගන්න පුලුවන්. හැමදේකින්ම පොඩ්ඩ පොඩ්ඩ ගන්න එකයි තියෙන්නෙ.
     
    • Love
    Reactions: Dexter-D

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,974
    4,542
    113
    if you happy with yourself you dont need anyone even at 60. life flows on people will come and go away. what matters is inner peace. sometimes being married is the biggest headache to inner peace. if someone tell me that you marry to have someone in your life and not feel lonely its a joke to me.
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,551
    3,212
    113
    දැන් අපිට බදින එක හෙන කරදරයක් වගේ පෙනුනට අවුරුදු 45-50 පැන්නට පස්සේ තනියෙන් වැඩ කරගන්න අමාරු වෙනකොට, වැඩ ඇරිලා ගෙදර ආපුවම දැනෙන තනිකම, වයසට යද්දී හැමතිස්සෙම ලෙඩ වෙනවා. එතකොට දැනෙන අසරණකම වගේ දේවල් නිසා කවුරුම හරි ජිවිතේ බෙදාගන්න ලග ඉන්න එක හොදයි කියලා හිතෙනවා. විශේෂයෙන් ම ලෙඩ වුනාම අපි පට්ට අසරණ වෙනවා.

    තරුණ කාලේ කොච්චර යාළුවො හිටියත් 35- 40 වෙද්දී වගකීම් වැඩිවෙද්දී උන් නිකන්ම හැලෙනවා.

    එහෙමයි කියලා ඉතින් වධක භාරියාවක් බැදගත්තෝත් සොරිම තමයි. 🥲
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,664
    113
    27 28 කියන්නේ හොදම වයස.
    ලංකාවේ හැටියට 23 24න් හොද ආර්ථික ස්ථාවරයක් හදාගන්න අමාරුයි නේ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    බඳිනවා කියන එක එක එකාට වෙනස් බන්... උබ පට්ට ලව් එකේ ඉන්න කපල් එකක් දිහා බලලා අම්මටසිරි මමත් බඳිනවා කියල බඳින එකත් පට්ට මෝඩකමක්

    උබ අම්බානෙක රන්ඩු කරන කපල් එකක් දිහා බලලා අපෝ මන් නම් බඳින්නේ නෑ කියන එකත් පට්ටම මෝඩකමක්

    මෙහෙමයි, හැම කසාදෙකම නෑ කිව්වට දුක සැප සමබරව තියෙනවා අඩු වැඩි වශයෙන්.. එව්වා විවිද සාධක මත ඉහල පහල යන්න පුළුවන්

    උබේ හැසිරීම වයිෆ් ගේ හැසිරීම ආර්ථික පසුබිම ඉන්න ගෙයක් යන්න වහයනක් දෙමවිපියන් කොච්චර දුරට උබලගේ ෆැමිලි ලයිෆ් එකට හොට දානවද

    දෙන්නගෙම ඉවසීම මල පැනීම වගේ හේතු සාධක ටිකක් මන් කිව්වේ...

    ඔව්ව කරදර අඩුයි නම් ටිකක් ශේප් උබ වෙනම රටක වගේ ඉන්නවනම් වැඩේ ටිකක් තවත් ලේසියි...

    ඉතින් එක එක කෙනාගේ ජිවිත වලින් පාඩමක් අරන් උබ කසාද බනිදවද නැද්ද කියන එක අදාළ කෙනා මත දිපෙන්ඩ් වෙනවා

    හැමදාම රණ්ඩු නෑ බන් බැඳපු කපල් වල... ආතල් දවස් ඕනේ තරම් තියෙනවා....

    හැබැයි හැමදාම නත්තලුත් නෑ මල පැනල පැත්ත ගහල ඉන්න දවසුත් තියෙනවා... නිකිව්වට හැමෝටම තියෙන ඇත්ත ඕක...

    එලියට පෙන්නන්න ලස්සන සමහර ෆැමිලි ලයිෆ් වල නෑ

    හැබැයි සමහරු එළියේ නොපෙන්නුවට පට්ටම ලව් එකේ සහයෝගයෙන් ඉන්න අයත් ඉන්නවා...

    උබ අද ගන්න තීරණය තව අවුරුදු 50ක් විතර යනකන් තව ජීවියෙක් එක්ක එකම ඇඳ ගෙදර බෙදා ගන්න හිත හදාගන්න ඕනේ.. ඒ

    මට තේරුණා ටික දැන්ම..මගේ නම් අයිඩියා එක ඕක...