Ela machan honda wistharayak, ganna kenekta watinawa!හරි මචං එහෙනම් මම මේ කෙනාට මරුටියක් ගනිද්දි වැඩිපුරම බලන්න ඕනෙ දේවල් ගැන විස්තර ටිකක් දාන්නම්කෝ.
1) දිරුම් ගැන විෂේශයෙන් සැලකිලිමත් වෙන්න. වැඩිපුරම දිරන්නේ වින්ඩ්ස්ක්‍රීන් එකට පහලින් තියන තහඩුව හා කණු දෙකේ මුල. ඔය කනුදෙකේ මුල දිරලනම් හෝ හදලා කියලා පේනව නම් ගන්න එපා. ඊට අමතරව පිටිපස්සේ දොර ඇරලා බලන්න ෆ්ලෝබෝඩ් එක දිරලද කියලා. පොඩ්ඩක් දිරලනම් හදාගන්න අමාරු නෑ නමුත් ඒවට පොඩි ගානක් අඩු කරගන්න. තව එන්ජින් රූම් එක දිරලද බලන්න. පිටිපස්සේ රෝද වලට උඩි නම් දිරන එක ගොඩක් ඒවගේ වෙනවා. ඒතැන් දිරලා නැද්ද, නැත්තං කැට්ලෝ ගොඩකින් පුරවලද කියලා ටිකක් බලන්න. එතන නම් ලොකු අව්ලක් නෑ නමුත් ඉතිං දිරලා කියලා පෙනි පෙනී ගන්න එපා.
අනිවාර්යෙන් වින්ඩ්ස්ක්‍රීන් එකට වතුර දාලා බලන්න ඇතුලට එනවද කියලා. විශේෂයෙන් දෙපැත්තෙන්.
2) බොඩියේ ෂේප් එක හොදට තියනවද බලන්න. මොකද මරුටියේ තහඩුව ගොඩක් තුනී නිසා ඒක එබුනත් ඇතුලින් තල්ලු කරලා එලියට ගත්තම ඊටපස්සේ එතන පිම්බෙනවා. ආයි ලාම්පුව අල්ලලා රත්කරලම විතරයි ශේප් එක ගන්න පුලුවන්.
3) එන්ජින් එක සාමාන්‍ය විදිහට පරීක්ෂා කරන්න. අනිත් වාහන වලට වඩා මරුටි එන්ජින් එකක් හදන්න යන්නෙ නම් අඩු වියදමක්. පිස්ටන් තුනේ පොඩි එන්ජින් එකනේ. ඒත් ඉති ගෙවිච්ච එන්ජින් එක්ක වාහනේ ගන්න එපා.
4) ට්‍රයිල් එකක් ගිහින් බලන්න අනවශ්‍ය දෙදරීම්, පැද්දිලි තියනවද කියලා. ඒකට පළපුරුදු රියදුරෙක් එක්කගෙන යන එක හොදයි.
5) 2005 න් මෙහා එකක්ම විතරක් ගන්න. ඒ ගනිද්දි ක්‍රිස්ටල් ලයිට්, බොඩි බීඩින්, කන්සෝල් බොක්ස් වගේ දේවල් තියන, ඒසී වැඩකරන තත්වයේ තිබීම කියන කරුණු ගැන සැලකිලිමත් වෙන්න.
6) මොන වාහනේ ගන්න ගියත් අඩුම තරමේ අන්තිම අව්රුද්දෙවත් හරියට සර්විස් රිපෝට් තියනවද, අන්තිමට පාවිච්චි කරපු කෙනා අව්රුද්දක් වත් වාහනේ පාවිච්චි කරලා තියනවද කියලා බලන්න.
Mage nam adahasa ai kohen hari poddak hari dirala nam ganna epa. Ehema dirapu nathi ewa hoyanna amarui, eth ithin hoya hoya katta kanna wenawa labeta honda ekak ganna nam. Maruti unath 2005 ekak diranne naha hondatama maintain kala nam. Aduma gane diragena enakota ekata beth kala nam.
Colombo wala balanna pita palath wala thiyana ochchcra parana maruti 90% dirapuwa ho wena mona hari atola wikunana case thama.