Marvel Cinematic Universe - Characters [Television]

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Peggy Carter


    12208694_537397323085712_3320885851362685386_n.jpg


    සම්පුර්ණ නම - Margaret Carter
    අනුවර්ථ නාම - Peggy Carter, Peg, Agent 13, Agent Carter, Eva, Queen Victoria, Marge, Miss Union Jack
    වයස - 94
    උපන් දිනය - 1921 අප්‍රේල් 9
    හිමිකම - හිටපු S.H.I.E.L.D. නිලදාරී, හිටපු SSR නිලදාරී, හිටපු බ්‍රිතාන්‍ය රාජකීය හමුදා නිලදාරී
    පුරවැසිභාවය - බ්‍රිතාන්‍ය
    චිත්‍රපට - Captain America: The First Avenger, The Avengers (සදහන් කිරීමක්), Captain America: The Winter Soldier, Avengers: Age of Ultron (දර්ශනය වීමක්), Ant-Man, Captain America: Civil War (2016)
    TV series - Agents of S.H.I.E.L.D., Agent Carter
    One Shot - Agent Carter
    චරිත නිරුපණය - Hayley Atwell


    Harrison සහ Amanda Carter හට 1921 අප්‍රේල් මස 21 වැනි බදාදා London හි Peggy උපත ලැබිය. St Martin-In-The-Fields High School for Girls හි අධ්‍යාපනය නිම කල ඇය 1939 දී බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට බැදුණි. පසු කාලීනව ඇය S.S.R හා සම්බන්ද විය. 1940 නොවැම්බර මස Captain America බිහි කල නිර්මාතෘ Dr. Abraham Erskine ව HYDRA යටතේ සිටියදී ඉන් මුදවාගෙන පලා ආ අතර 1943 දී ඇයට Super Soldier වැඩසටහනේදී Steve Rogers හමු විය. S.S.R හි අවරුදු 8ක් පමණ සේවය කල ඇය 1949 දී S.H.I.E.L.D හා සම්බන්ධ විය.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Matt Murdock (Daredevil)


    12249961_537402329751878_1788037132645607394_n.jpg


    සම්පුර්ණ නම - Matthew Michael Murdock
    අනුවර්ථ නාම - Daredevil, Matt Murdock, Matty, Doc, Mike, The Man in the Mask, The Man in Black, Black Mask, Devil Man, The Devil of Hell's Kitchen
    හිමිකම - නීතිඥ
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    TV series - Daredevil , Jessica Jones (සදහන් කිරීමක්), The Defenders (2017)
    චරිත නිරුපණය - Charlie Cox


    Matt කුඩා කල සිටම හැදී වැදුනේ ඔහුගේ පියා වන බොක්සිං ක්‍රීඩකයක Jack Murdock සමග. Matt මව ඔහු කුඩා කාලෙදිම ඔවුන් හැර ගොස ඇත. Matt වයස 9 දී Chemicals ට්‍රක් රථයක් පෙරලීමෙන් රසායනික තෙල් ඇහැට ඉසීම නිසා අන්ධ බවට පත් විය. පසුව ඔහුගේ පියා අපරාධකරුවෙකු විසින් ඝාතනය කිරීමත් සමග Matt ව Saint Agnes Orphanage නම් ළමා නිවාසයකට යොමු විය. එහිදී ඔහුට Stick නම් අන්ධ මිනිසෙකු හමු වන අතර ඔහු Matt ට මාශල් ආර්ට් සටන කලාව පුරුදු කරන ලදී. Matt ට වයස 20 පමණ වන විට Columbia University මගින් නිතිය පිලිබදව ඉගෙන ගන්න ඔහු වර්තමානයේ වෘත්තීයෙන් නීතිඥකු වේ.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Jessica Jones


    12373363_547568135401964_1745790270317687395_n.jpg


    සම්පුර්ණ නම - Jessica Jones
    අනුවර්ථ නාම - Jess, Jessie, Karen Accord, Sherlock, The Sandwich, Jewel, Cameltoe, Harpy
    හිමිකම - පුද්ගලික රහස් පරීක්ෂක
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    TV series - Jessica Jones, The Defenders (2017)
    චරිත නිරුපණය - Krysten Ritter


    Alisa Jones ට සහ Brian ට උපන් එකම දියණිය වන Jessica හට Phillip නම් එක් සහෝදරයෙක් සිටියහ. ඔවුන් සියලුදෙනාම රිය අනතුරකින් මිය ගිය අතර ඉන් ඉතිරි වුයේ Jessica පමණි. ඇය කෝමා තත්වයේ සිටියේදී ඇයව රැක බල ගැනීමට Dorothy Walker ඉදිරිපත්විය. Dorothy හට එක දියණියක් සිටි අතර ඇය නමින් Trish Walker වේ. Trish සමග තරුණ කාලය ගත කල Jessica අයගේ හොදම යහළුවද විය. පසුව හිත් පාලනය කල හැකි පුද්ගලයකු වන Kilgrave ගේ සිරකුවෙකු මෙන් කාලයක් Jessica හට සිටීමට සිදු වූ අතර රිය අනතුරක් නිසා එමගින් ගැලවීමට ඇයට හැකි විය. ඉන් පසු Hell's Kitchen පැමිණ Alias Investigations නම් කාර්යාලයක් පිහිටුවා පුද්ගලික රහස් පරික්ස්ජ්හකයකු ඇය ලෙස කටයුතු කළහ. ඇයට බලයන් හා හැකියාවන් කීපයක් ඇත. ඉතා දුරකට පැනීමේ නැගීමේ හැකියාව, කායික ශක්තිය වැඩි වීම, පියාසර කිරීමේ හැකියාව ඉන් කීපයකි.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Howard Stark


    12243440_537755213049923_6791244175575892074_n.jpg


    සම්පුර්ණ නම - Howard Anthony Walter Stark
    අනුවර්ථ නාම - America's mustachioed Casanova
    වයස - 74
    උපන් දිනය - 1917 අගෝස්තු 15
    මිය ගිය දවස - 1991 දෙසැම්බර් 17
    හිමිකම - S.H.I.E.L.D. ප්‍රාරම්භකරු , Stark Industries ප්‍රාරම්භකරු
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    චිත්‍රපට - Iron Man (චායා රුපයක්), Iron Man 2 (වීඩියෝවක්), Captain America: The First Avenger, The Avengers (සදහන් කිරීමක්), Captain America: The Winter Soldier (සදහන් කිරීමක්), Avengers: Age of Ultron (සදහන් කිරීමක්), Ant-Man
    One Shot - Agent Carter
    TV series - Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්), Agent Carter
    චරිත නිරුපණය - Dominic Cooper (1940s), John Slattery (1980s)


    1915 අගෝස15 වන වන බදාදා New York හි උපත ලැබූ Howard ගේ පියා පළතුරු වෙළෙන්දකි.මව ඇදුම් මසන්නියක් විය. ඔහු තරුණ වීමත් සමග බුද්ධිමත් කාර්මික මෙන්ම ව්යාපාරිකයෙකු ද විය. 1934 මැයි මස ස්විස්ලන්තයේ ජිනීවා නුවර පවතී සම්මන්ත්රණයකදී ඔහුට Dr.Abraham Erskine හමු විය. එතැන් පටන් ඔහු සමග වැඩ කල Howard 1939 දී, Stark Industries ආරම්භ කෙරු අතර HYDRA විසින් ඔහුව ඝාතනයට තැත් කිරීමත් සමග ඔහු Strategic Scientific Reserve හා සම්බන්ධ විය. ඉන් පසුව දෙවන ලෝක සමයේදී ඇමෙරිකානු හමුදාවට අවි නිෂ්පාදනයටත්, Dr.Abraham Erskine සමග එකතු වී Captain America බිහි කිරීමටත්, S.H.I.E.L.D බිහි කිරීමටත් ඔහු සමත් විය. 1991 HYDRA විසින් සිදු කරන රිය අනතුරකින් ඔහු මිය ගියේය.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Edwin Jarvis


    12235049_538681252957319_4944633236186573872_n.jpg


    සම්පුර්ණ නම - Edwin Jarvis
    අනුවර්ථ නාම - Mr. Fancy
    හිමිකම - හිටපු බ්‍රිතාන්‍ය හමුදා නිලදාරී
    පුරවැසිභාවය - ඇමෙරිකානු / බ්‍රිතාන්‍ය
    TV - Agent Carter
    චරිත නිරුපණය - James D'Arcy


    Howard Stark ගේ ප්‍රධාන මෙහෙකරු වන Jarvis, Peggy Carter ගේ මෙහෙයුම් සදහාද සහය වී ඇත. පසු කාලීනව Tony Stark ගේ කුඩා අවධියේ හොදම සගයෙක් වන මොහුගේ නමින් Tony කෘත්‍රිම බුද්ධි පද්ධතියක් ද නිර්මාණය කෙරුණි.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Foggy Nelson


    12219601_538675366291241_7172495830387031120_n.jpg


    සම්පුර්ණ නම - Franklin Nelson
    අනුවර්ථ නාම - Foggy Nelson, Frank, Fog, Foggy Bear, Señor Foggy
    හිමිකම - නීතිඥ
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    TV - Daredevil
    චරිත නිරුපණය - Elden Henson


    Matt Murdock ගේ හොදම යහළුවා වන මොහු Matt සමග සමුහ නීතිඥ සංගමයක් පිහිටුවාගෙන ඇත.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Karen Page


    11988401_538027093022735_1377067065017595292_n.jpg


    සම්පුර්ණ නම - Karen Page
    අනුවර්ථ නාම - Kay
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    හිමිකම - හිටපු Union Allied Construction නිලදාරී
    TV series - Daredevil
    චරිත නිරුපණය - Deborah Ann Woll


    Nelson සහ Murdock ගේ ලේකම් වරියකු ලෙස දැනට කටයුතු කරන Karen, Wilson Fisk නිතිය හමුවට ගෙන ඒමට Murdock සහ Nelson හට උදව් විය.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Claire Temple



    12243196_538029429689168_6962927795554340011_n.jpg


    සම්පුර්ණ නම - Claire Temple
    අනුවර්ථ නාම - Hottie McBurner-Phone
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    හිමිකම - Metro-General Hospital හෙද නිලදාරිනි
    TV series - Daredevil, Jessica Jones, Luke Cage (2016)
    චරිත නිරුපණය - Rosario Dawson

    Metro-General Hospital එකේ රාත්‍රී කාල සේවක හෙද නිලධාරිනියකු ලෙස කටයුතු කරන Claire, Daredevil ගේ අනන්‍යතාවය මුලින්ම හෙළිවූ අයකි.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Melvin Potter (Gladiator)


    12241530_538678266290951_3547703423088081913_n.jpg


    සම්පුර්ණ නම - Melvin Potter
    අනුවර්ථ නාම - Gladiator
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    TV - Daredevil
    චරිත නිරුපණය - Matt Gerald


    සැලසුම් නිර්මාණකරුවකු වන මොහු Wilson Fisk යටතේ වැඩ කල අයෙකි. Daredevil ගේ බලපෑම මත Daredevil Suit එක මොහු විසින් නිර්මාණය කර ඇත
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Ben Urich


    12227804_538679892957455_6741017480415866792_n.jpg


    සම්පුර්ණ නම - Benjamin Urich
    අනුවර්ථ නාම - Ben Urich, Benny
    හිමිකම - මාධ්‍යවේදී
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    මිය ගිය දිනය - 2015 අප්‍රේල් 3
    TV - Daredevil
    චරිත නිරුපණය - Vondie Curtis-Hall


    New York Bulletin පුවත් පතේ විමර්ශන මාධ්‍යවේදියකු වන Ben, Hell's Kitchen සිදු වන අපරාධ පිළිබද වාර්තා සටහන් ලියු අයෙකි. Wilson Fisk ගේ අපරාධයක් පිළිබද විමර්ශනය් කිරීමේදී Fisk විසින් මොහුව ඝාතනය කරන ලදී.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Luke Cage


    12390897_547928315365946_2924149492002480149_n.jpg


    සම්පුර්ණ නම - Luke Cage
    අනුවර්ථ නාම - Unbreakable
    හිමිකම - Bartender (Luke's)
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    TV series - Jessica Jones, Luke Cage (2016), The Defenders (2017)
    චරිත නිරුපණය - Mike Colter


    Reva Connors නම් කාන්තාවක් සමග විවාහ සිටි Luke ඔහුගේ බිරිදගේ මිය යාමෙන් පසුව Jessica Jones සමග සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියහ. New York City, Hell's Kitchen හි Luke's නම් බාර් එකක හිමිකරත්වයක් ඇති මොහුට ඔහු සම්බන්ධ වූ එක් පර්යේෂණයකින් පසු බලයන් කීපයක් හිමි විය. කායික ශක්තිය ඉතා වැඩි වීම, නොබිදෙන සමක් හිමි වීම ඉන් කීපයකි. Kilgrave සමග සටනේදී Jessica හට උදව් කල Luke පසුව අලුතින් ජීවිතය අරම්භාකිරීමට Harlem වලට යයි.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Kilgrave

    12359825_547965788695532_5944859330290064427_n.jpg


    සම්පුර්ණ නම - Kevin Thompson
    අනුවර්ථ නාම - Kilgrave, The Devil, Limey Cocksucker, Murdercorpse, Evil Prick, Snuffcarcass
    උපන් දිනය - 1975
    මියගිය දිනය - 2015
    පුරවැසිභාවය - බ්‍රිතාන්‍ය
    TV series - Jessica Jones
    චරිත නිරුපණය - David Tennant


    Albert හා Louise ට උපන් මොහු කුඩා කල ඔහුගේ දෙමව්පියන්ගේ පරේෂණ වලට යොදා ගත් අයෙකි. නමුත් ඒ පරේෂණ අවසාන වුයේ Kevin හට අනෙක් මිනිසුන්ගේ හිත් පාලනය කිරීමේ හැකියාවක් සමගය. මෙයින් ඔහුට Kilgrave නම හිමි විය. Jessica Jones ව පාලනය කරගෙන තමන් සතුව තියා ගත් ඔහුට පසුව Jessica ඇති බලයන් නිසා ඔහුගේ ග්‍රහණයෙන් ගැලවීමට හැකි විය. එමෙන්ම ඔහුට පාලනය කල නොහැකි එකම පුද්ගලයත් Jessica විය. මේ හේතුවෙන් Jessica මැරීමට උත්සහ කල Kilgrave, Jessica අතින්ම මරණයට පත් විය.