Marvel Cinematic Universe - OneShot

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Agent Carter


    11147174_531689630323148_3763825608314996336_n.jpg


    අධ්‍යක්ෂණය : Louis D'Esposito
    රචනය : Eric Pearson
    නිකුත් වූ දිනය : 2013 අගෝස්තු 27
    කතා කාලය : විනාඩි 15


    The First Avenger චිත්‍රපටයේ සිදුවීමෙන් වසරකට පසු සිදු වූ සිදුවීමක් ඇති මෙය Iron Man 3 චිත්‍රපටයේ Blu-ray Disk සමග නිකුත් වූවකි. Marvel Cinematic Universe වල Phase One වලට අයත් වේ.
    කතාව ගැන හැදින්වීමක්, Agent Carter දත්ත විශ්ලේෂණය කරනියක් ලෙස සේවය කරමින් ඉන්නවා රහස් නියෝජිත කාර්යාලීයක. මාස 3ක් ගත වුනත් ඇයව ක්‍රියාකාරී වැඩ වලින් ඉවත් කර තිබෙනවා. ඇය පමණක් කාර්යාලෙයේ සිටින අවස්ථාවකදී දුරකථන ඇමතුමක් ලැබෙනවා Zodiac (බලවත් සහ මාරාන්තික දියරයක්) අම්ලය තිබෙන ස්ථානය පිලිබදව. Agent Carter රහසේම තනියම මේ මෙහෙයුම ආරම්භ කරනවා. අවසානයේදී ඇය මෙහෙයුම සාර්ථක කරගෙන කාර්යාලයට පැමිණෙනවා. කාර්යාලයේ නීතියට පටහැනිව Agent Carter ක්‍රියා කල ඇති නිසා එහි ප්‍රධානියා විසින් ඇයව සේවයෙන් ඉවත් කිරීමට යනවා. එවෙලේම ප්‍රධානියාට දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඒ Howard Stark (S.H.I.E.L.D. ප්‍රධානි). ඔහු නියෝග කරනවා ප්‍රධානියාට Agent Carter හට පණිවිඩයක් ලබා දෙන ලෙස. ඒ Agent Carter, S.H.I.E.L.D වලට බදවා ගත් ලෙස.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    A Funny Thing Happened on the Way to Thor's Hammer


    12189487_532244776934300_966171026808204833_o.jpg


    අධ්‍යක්ෂණය : Leythum
    රචනය : Eric Pearson
    නිකුත් වූ දිනය : 2011 ඔක්තෝම්බර් 25
    කතා කාලය : විනාඩි 4


    Captain America: The First Avenger Blu-Ray එකේ නිකුත් වූ මෙය The Incredible Hulk, Iron Man 2 සහ Thor සිදුවීම් අතරතුර සිදුවූ සිදුවීමකි. මෙය Marvel One-Shots වල දෙවන නිකුත් වීමයි. Phase 2 ට අයත් වේ. කතාව කෙටියෙන්,
    Phil Coulson පිටත් වෙනවා New Mexico වල විමර්ශනයක් සදහා. ඒ අතරතුර ඔහු නවතවනවා කාරයට තෙල් ගැසීමට. තෙල් පිරවෙන අතරතුර ඔහු ගොඩවෙනවා කඩයට. ඔහු කඩයේ සිටියේදී එම කඩය මංකොල්ල කෑමට දෙදෙනෙකු පැමිණෙනවා. එම මංකොල්ලකරුවන් දෙදෙනා මර්දනය කොට Coulson එම ස්ථානයෙන් පිටත්ව යනවා.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    The Consultant


    12036862_532496096909168_3307000977290724301_n.jpg


    අධ්‍යක්ෂණය : Leythum
    රචනය : Eric Pearson
    කතා කාලය : විනාඩි 4
    නිකුත්වූ දිනය : 2011 සැප්තැම්බර් 13


    Thor Blu-ray ඩිස්ක් එකත් සමග එළිදැක්වූ මෙම One-Shot කෙටි චිත්‍රපටය The Incredible Hulk, Thor චිත්‍රපටයෙහි සිදුවීමෙන් පසු සිදු වූ සිදුවීමක් වේ. මෙය MCU වල Phase One වලට අයත් වේ.
    Restaurant එකකට පැමිණ Phil Coulson, Jasper Sitwell ට පවසනවා World Security Council බලාපොරොත්තුවෙන බව Emil Blonsky ව හිරෙන් නිදහස් කොට Avengers Initiative වලට සම්බන්ද කර ගැනීමට. ඒ වගේම ඔවුන් අණකරනව S.H.I.E.L.D. එකට නියෝජිතයෙකු යවා General Thaddeus Ross ගෙන් විමසීමට Blonsky ඔවුන්ගේ භාරට ලබාදෙන ලෙස. නමුත් Ross එයට එකග වෙන්නේ නෑ.පසුව Sitwell ගේ බලකිරීම මත Coulson යවනවා Tony Stark ව Ross ගෙන් විමසීමට. නමුත් ඔවුන්ගේ රහසිගත බලපොරෝතුව වුයේ Emil Blonsky ව Avengers Initiative වලින් ඉවත් කිරීමයි.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Item 47


    11205067_532505600241551_7126704140853498305_n.jpg


    අධ්‍යක්ෂණය : Louis D'Esposito
    රචනය : Eric Pearson
    කතා කාලය : විනාඩි 12
    නිකුත්වූ දිනය : 2012 සැප්තැම්බර් 25


    The Avengers Blu-ray disk එකත් සමග එලි දැක වූ මෙම කෙටි චිත්‍රපටය The Avengers වල New York සටනින් පසු සිදු වූ සිදුවීමක් අයත් වේ.
    නිව් යෝක් සටනින් පස්සේ නැති වූ Chitauri Gun එකක් S.H.I.E.L.D. විසින් හදුනා ගත් Item 47 නම් ආයුධය සොයා ගත් යුවලක් එය උපයෝගී කොටගෙන බැංකු කීපයක් මංකොල්ල කනවා. මෙ ආයුධය ලබා ගැනීමට S.H.I.E.L.D. නියෝජිත Jasper Sitwell විසින් Felix Blake පවරනවා. motel එකක සිටියදී මේ යුවල ඔවුන්ගේ ග්‍රහණයට අසු වෙනවා. ක්‍රියා විරහිතව තිබුණු Chitauri gun එක යථා තත්වයට පත් කර ගත නිසා Sitwell විසින් ආරාධනා කරනවා යුවලට S.H.I.E.L.D වලට සම්බන්ධ වීමට.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    All Hail the King



    12196329_532511256907652_7157612617977093555_n.jpg


    අධ්‍යක්ෂණය : Drew Pearce
    රචනය : Drew Pearce
    කතා කාලය : විනාඩි 14
    නිකුත්වූ දිනය : 2012 පෙබරවාරි 25


    Marvel නිකුත් කල MCU එකට අදාල අවසාන කෙටි චිත්‍රපටය මෙය වේ. MCU වල Phase Two වලට අයත් මෙය Thor: The Dark World Blu-ray Disk එකත් සමග නිකුත් විය.
    Iron Man 3 වල සිදුවී සුදුවීමෙන් වසර දෙකකට පමණ පසු අධි ආරක්‍ෂිත සිරගෙදරක සිර කර සිටින Trevor Slattery ඉතා ජනප්‍රිය පුද්ගලයකි. ඒ ඔහු Mandarin වශයෙන් පෙනිසිට රගපෑ නිසා. මේ ජනප්‍රියත්වය නිසා ඔහුගේ වාර්තා චිත්‍රපටයක් සම්බන්දව සම්මුඛ සාකච්චාවකට පැමිණෙනවා Jackson Norriss නමැති පුද්ගලයෙකු. ඔහු රහසිගත Ten Rings සාමාජිකයෙකි .ඔහු සාකච්චාව අතරතුර Slattery ඝාතනයට කිරීමට උත්සහ ගෙන පවසන්නේ තමාගේ නම අවමානයට ලක් කර ඇති බැවින් නියම Mandarin කෝප වී ඇති බවයි.