Ant-Man and the Wasp - Exclusive සිංහල Review [Scene by Scene]

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    Ant-Man and the Wasp - Exclusive සිංහල Review [Scene by Scene]

    zV8963U.jpg


    Avengers : Infinity War එකෙන් පස්සේ MCU එකේදී අපිට හම්බවෙන මීලග Movie එක තමයි මේ. 2015 දී නිකුත් වුණා Ant-Man Movie එකේ දෙවන කොටස විදියට හැදින්වන මේය Infinity War event එකට සමගාමිව යන කතාවක් විදියට හදුන්වන්න පුළුවන්:yes: . Marvel Cinematic Universe හි 20 වෙනි නිර්මාණය වන මේ movie එක 2018 ජුලි 4 වන දින ලොව පුර තිරගත වීම ආරම්භ වුණා . Peyton Reed විසින් අධ්‍යක්ෂණය කල මේහි එක පළමු කොටස වන Ant-Man movie එකද අධ්‍යක්ෂණය කලේද මොහුයි:nerd:. Paul Rudd, Evangeline Lilly සහ Michael Douglas ප්‍රධාන රංගනයෙන් දයක් වෙනවා. IMDb හි 7.2 අගයක් හා rottentomatoe හි 88% ක ප්‍රතිශතයක් මෙය හිමි වෙලා තියෙනවා. බොක්ස් ඔෆිස් අදායම අතින් ඇ.ඩො. මිලියන 622 පමණ ඉපයීමට සමත් වුණා. මේ Movie එක තමයි MCU එකේ female co-leader කෙනෙක් එන පළමු සහ එකම movie එක. ( සමස්ත MCU එක ගත්තම දෙවන නිර්මාණය. එක Cloak & Dagger. එයත් නිකුත් වුනේ මේ වසරේමයි) එහෙනම් යමු රිවිව් එකට;).


    vkwoALF.jpg


    Hank Pym මතක් කර දෙනවා Hope van Dyne හට ඇගේ මව අවසාන වශයෙන් වෙන් වුන රාත්‍රිය ගැන. ඒ වගේම Ant-Man and the Wasp මෙහෙයුමකට සම්බන්ධ වෙනවා.

    MCU එකේ හුරුපුරුදු දෙයකින්ම තම මේ movie එකේ කතාව පටන් ගන්නෙත් ඒ fashback එකකින්. හැබැයි මේ fashback එකේ කොටසක් අපි Ant-Man Movie එකේ fashback එකක් විදියටත් දැක්ක. ඒ 1987 දී Hank Pym සහ Janet van Dyne, Ant-Man සහ Wasp ලෙස මෙහෙයුමකට සම්බන්ධ වෙන එක.


    abqHWuJ.jpg


    nuclear missile එක නගරය වෙත යාමට වැලක්වීමට Wasp missile තුලට හැකිලී ගොස් එය විනාශ කරනවා.

    අපි Ant-Man එකේ fashback එකේ නොදැක්ක දෙයක් මෙතැනදී දකින්න පුළුවන්. ඒ Wasp missile තුලට ගොස් පරිපථ විනාශ කිරීම:dull:.


    9ycmyOA.jpg


    මේ හේතුවෙන් Wasp, Quantum Realm එකට ගොස් අතුරුදන් වී යනවා.

    මේ movie එක ඉස්සෙලම බලන කෙන්ක්ට නම් Quantum Realm කියන එක ප්‍රහේලිකාවක වෙන්න පුළුවන්:confused:. Quantum Realm එක හා Multiverse ගැන අපි මිට කලින් රිවිව් වලදී කතා කළා. විශ්ෂයෙන් Doctor Strange රිවිව් එකේ. ඉතින් ඉස්සරහටත් මේ Quantum Realm එක විශේෂ dimension එකක් නිසා තව දුරටත් පැහැදිලි කරලා ඉන්නම්:rofl:.
    MCU එකේ අපිට හම්බවෙන Multiverse වල dimension වලින් වැඩියෙන්ම කතාවට ලක්වුණ dimension එක තමයි Quantum Realm එක. Ant-Man, Doctor Strange, මේ movie එක ඒ වගේම ඉස්සරහට එන්න තියන Captain Marvel, End Game දීත් Quantum Realm සම්බන්ධ වෙනවා. ඒ වගේම් Agents of S.H.I.E.L.D. වලදීත් මේ dimension එක ගැන වක්‍රව සදහනක් වුණා. ඒ Jemma, Monolith එකෙන් අතුරුදන් වුනාට පස්සේ Fitz සදහනක් කල ඇය Quantum Realm තුල සිරවී සිටින්න පුළුවන් කියලා. ඉතින් මේ dimension එක අනිත් dimension වගේම පියවී ඇහැට පෙනෙන්නේ නැති dimension එකක්. (Iron Fist එකේදී අපිට හම්බවෙන K'un-Lun dimension එක හැරෙන්න අනික් කිසිම dimension එකක් පියවී ඇසට පෙනෙන්නේ නැ.) මේ dimension එක තුලට ගිය කෙනෙක්ට ක්ෂුද්‍රජීවීන් පවා පෙනෙන්නේ විශාල විදියටයි. ඒ වගේම මේ Quantum Realm තුලට ඕනෙම කෙනෙක්ට ඇතුළු වෙන්න බෑ. විශේෂ මායා බලයක් හරහා පමණයි ඇතුළු වෙන්න පුළුවන්. නමුත් Pym විසින් නිර්මාණය කල අතිවිශාල අනුපරමාණුක හැකිලීමේ තාක්ෂණය (Ant-Man suit එක හරහා)මගින් මේ dimension එක ඇතුළු වෙන්න පුළුවන්. මේ Quantum Realm එකේ සාමානය පෘතුවි කාලයට වඩා වෙනස් කාලයක් තමයි පවතින්නේ. කොමික් වලදී අපි මේ dimension එක හදුන්වන්නේ Microverse කියලයි. එත් MCU එකේදී ඔවුන්ට ඒ නම භාවුත කරන්න බෑ මොකද Marvel සමාගම Hulk චරිත සමග Micronauts චරිත ටිකද live-action අයිතිය Paramount Pictures වලට විකුණා ඇති නිසා. මෙහිදී Micronauts ගේ homeworld එක වෙන්නේ Microverse.


    w6SJiM0.jpg


    Hank කියනවා Quantum Realm හි සිටින Janet ව නැවත ගෙන්විය හැකි බව. මොකද Scott Lang, Quantum Realm නැවත පැමිණිය නිසා. ඔවුන් නිර්මාණය කරන්න පටන් ගන්නවා tunnel එකක් Quantum Realm වලට ඇතුළු වෙන්න පුළුවන්.

    මේ අවස්ථාව බොහෝ විට Ant-Man Movie එකේ post credit scene එකෙන් පසු පැය කීපයක හෝ 2016 කාලයේ සිදුවීමක් කියල හිතන්න පුළුවන්. මොකද Hope ගේ කොට කොණ්ඩය, Hank ගේ පරණ lab එක නිසා. ඒවගේම මේ අවස්ථාව සිවිල් වෝ සිදුවීමට පෙර අවස්ථාවක් කියලත් කියන්න පුළුවන්. ඒ ඇයි කියල ඉස්සරහට කියන්නම්:rolleyes:.


    BKrpZ4k.jpg


    වර්තමානයේදී Scott Lang තම දියණිය Cassie සමග කාලය ගත කරනවා. මොකද Scott, Sokovia Accords ගිවිසුම කඩ කිරීම නිසා නිවාස අඩස්සියේ සිටින්නේ

    මෙතන සිදුවන සෙල්ලම් මෙහෙයුමට සමාන මෙහෙයුමක් අපිට කොමික් වලදිත් දකින්න ලැබෙනවා Ant-Man සිදු කරන.

    UF7jKKa.jpg


    FBI එකෙන් Scott ගේ නිවසට පැමිණෙනවා Scott ගෙදරින් පිටවීමට උත්සහ කළා යයි සිතා.

    මෙතැනදී දැන ගන්න ලැබෙනවා අපිට Scott ඇයි නිවාස අඩස්සියේ ඉන්නේ කියලා. අපිට එ ගැන කලින් Avengers: Infinity War එකේදිත් අහන්න ලැබුන Steve ඇතුළු කණ්ඩායම New Avengers Facility වලට ආව වෙලාවේ. Sokovia Accords යනු විශේෂයෙන්ම Avengers ලා වෙනුවෙන් නිර්මාණය කරපු නීති මාලාවක්. එත් Scott එහෙමත් නැත්නම් Ant-Man කියන්නේ තවමත් Avenger කෙනෙක් නෙවේ:no:. එහෙනම් Scott ට මේ ලැබිලා තියෙන්නේ Captain America ට උදව් කිරීමේ වරදට දඩුවමක්. මේ දඩුවම මෙච්චර ලිහිල් එකක් වෙන්නෙත් එකයි. Sokovia Accords හි 16 වැනි ජේදයේ 3 වැනි කරුණ තමයි මොවුන් කඩ කරලා තියෙන්නේ. මොවුන් කියලා මෙතැනදී අදහස් කලේ Hank සහ Hope සමගයි. මොකද Scott භාවිත කල Ant-Man suit එක Pym ද අයත් නිසා ඔවුන්ද මේ නිතිය උල්ලංගනය කරලා තියෙනවා. ඔවුනුත් නීතියට අවශ්‍ය පුද්ගලයින් ලෙසයි හදුන්වන්නේ:dull:.
    එ වගේම මෙතන අපි දකින FBI නියෝජිතයකු ලෙස සිටින Jimmy Woo කොමික් වලදීත් FBI නියෝජිතයෙකු වූ අතර පසු කාලීනව S.H.I.E.L.D. සංවිධානය සමග සම්බන්ධ විය. නමුත් MCU එකේදී ඔහු කලින් S.H.I.E.L.D.නියෝජිතයෙකු ලෙස කටයුතු කර පසුව FBI සම්බන්ධ වී ඇත. මේ ගැන අපට Agents of S.H.I.E.L.D. එකේදිත් අහන්න ලැබුනා

    Q94gCJI.jpg


    Scott ට තියෙන දඩුවම ඉවරවෙන්න තියෙන්නේ දවස් 3ක් විතරයි. අවරුදු 2ක්ම Scott ගෙදරට වෙලා කරපු දේවල් මොනද කියලා අදහසක් ගන්න පුළුවන්


    wxuViHu.jpg


    Scott ට සිහි වෙනවා ඔහු Quantum Realm එකට ගිය අවස්ථාව. එහිදී Scott ට Janet දර්ශනය වෙනවා.

    Ant-Man බලපු අයට මතක ඇති Scott ට Quantum Realm එක තුලදී Janet ව wasp suit එකෙන් දැකපු අවස්ථාවක්.


    u9bmZGJ.jpg


    Scott ඇමතුමක් අරගෙන Hank ට කියනවා තමා Quantum Realm එකේදී බිරිදව දුටු බව.


    zRD7nU2.jpg


    Hope විසින් Scott ව නිවසින් පැහැරගෙන Hank වෙත රැගෙන යනවා. Scott කල දේ නිසා Hope සහ Hank,Scott ගැන තරහිනුයි පසුවෙන්නේ:frown:.


    UDaKLLF.jpg


    ඔවුන් යනවා Hank නවතම lab එක තුලට. Scott සිතන්නේ ඔවුන් apartment එකක ජිවත් වෙනවයි කියා:lol:. මෙහිදී Scott ට Hank හමු වෙනවා. ඔවුන් tunnel එක බෝහෝදුරට නිර්මාණය කල අවසන්

    කලින් සදහන් කළා ඔවුන් මේ tunnel නිර්මාණය කරන්න යන අවස්ථවේ එය සිවිල් වෝ එකට කලින් අවස්ථාවක් කියල. එහෙම කිව්වේ ඔවුන් එතන සිටින්නේ Hank ගේ පරණ lab එකෙයි. නමුත් ඔව්න් දැන් නීතියෙන් සැගවී අලුත් lab එකකයි වැඩ කරන්නේ.


    a09h5dF.jpg


    Scott දකින හීනය පැහැදිලි කිරීමෙන් Hope සහ Hank තේරුම් ගන්නවා Janet ජිවතුම් අතර බවත් Scott හරහා Janet සමබන්ධ වී ඇති බවත් ඇය සිටින ස්ථානය දැන ගත හැක්කේ Scott ගෙන පමණක් බව.


    eieE9iS.jpg


    tunnel එකට අවශ්‍ය උපාංගයක් මිලදී ගැනීමට ඔවුන් පිටත් වෙන අතර එතනදී අපිට මුල් වරට දකින්න පුළුවන් Ghost.

    Ghost චරිතය අපිට කොමික් වලදී හමුවෙන්නේ පිරිමි චරිතයකින්. නමුත් MCU එකට එද්දී සාමන්‍යෙන් ඒවා වෙනස් වෙනවා. අපිට කලින් Doctor Strange එකේදී හමුවුන Ancient One තවත් එකට උදාහරණයක්.


    MkT0V5s.jpg


    Hope පැමිණෙනවා Sonny Burch මුණ ගැසීමට ඔවුන්ට අවශ්‍ය උපාංගය සදහා ගනුදෙනු කිරීමට

    Pym යටතේ තිබුන පස්සේ Cross Technologies නමට වෙනස් කරපු සමගම මතක ඇති Ant-Man movie එකෙ. කොමික් වලදී ඒ සමාගමේ සභාපති විදියටයි අපිට Sonny Burch හමුවෙන්නේ


    h3WD40X.jpg


    නමුත් Sonny උත්සහ කරන්නේ Pym සමග එකතු වී වැඩ කිරීමට. Sonny ඒ ගැන යෝජනාවක් Hope ලබා දුන්නත් Hope එය ප්‍රතික්ෂේප කරනවා. මේ නිසා Sonny උපාංගය විකිනිමත් ප්‍රතික්ෂේප කරනවා


    CyuxSBR.jpg


    එතනින පිටවන Hope නැවත Wasp ලෙස පැමිණ Sonny ගේ කණ්ඩායමට පහර දෙනවා. මෙතනට එන Ghost ද Hope ට පහර දීමට පටන් ගන්නවා.

    Wasp අපිට අලුත් චරිතයක්. කලින් flashback වලින් දකින්න ලැබුනත් Hope Wasp ලෙස දකින්නේ පලවෙනි වතාවටයි. Hope අපිට පොදු කොමික් වලදී හමු වෙන චරිතයක් නෙවේ. man එහෙම කිව්වේ සාමාන්යෙන් earth-616 තමයි කොමික් වලදී ප්‍රධාන universe එක වෙන්නේ. මෙන්න මේ universe එකේ Hope Pym කියලා කෙනෙක් නෑ. Hank Pym සිටින්නේ Nadia Pym කියලා දියණියක්. ඇය තමයි Wasp වන්නේ. හැබැයි ප්‍රධාන කොමික් Universe එකෙන් පිටට ගියොත් අපිට Hank ගේ දියණියක් ලෙස Hope හමුවෙනවා Earth-982 එකේදී. හැබයි එ universe එකේදී ඇය වන්නේ දුෂ්ට චරිතයක් වන Red Queen.

    zB4hM5U.jpg


    මේ සටනට Ant-Man ද එකතු වෙනවා. නමුත් Ghost එතනින් පිටව Hank ගෙන් lab එක පැහැරගෙන පැන යනවා.


    piosScG.jpg


    lab එක නැවත ලබා ගන්න තුරු ඔවුන්ට සැගවී සිටීමට Luis කාර්යාලය වෙත යාමට සිදු වෙනවා.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113

    6TuaK7t.jpg


    ඔවුන් යනවා Lab එක නැවත ලබා ගැනීමට Bill Foster ගෙන් උදව් ලබා ගැනීමට යනවා.

    මුළු MCU එකටම ලොකු hint එකක ගහනවා මෙතනදී . MCU ගොඩක් movies වලට යොදාගෙන තිබුන අව් කන්නාඩි, තොප්පි දාගෙන වෙස් වලාගත්ත සිදුවීම්. මේක ගොඩක් ප්‍රයෝගික දෙයක් නෙවේ. scott ම මෙතන එකට උත්තරය දෙනවා.
    Bill Foster අපට කොමික් වලදී අනුවර්ත නාම දෙකින් හමු වෙනවා. එ Goliath, (Clint Barton එහෙමත් නැතිනම් Hawkeye ටත් මේ අනන්‍යතාව ලැබිලා තියෙනවා) හා Giant-Man (Hank Pym ගෙන් පස්සේ මේ අනන්‍යතාවය ලැබෙන අතර Civil War සටනේදී Ragnarok අතින් මිය යනවා) . එ වගේම marvel netflix TV series වලදී අපට හමු වුන Claire Temple ගේ හිටපු සැමියාද වන්නේ Bill Foster යි:yes:.Bill Foster ගැන අපිට MCU එකේ කලිනුත් අහන්න ලැබිලා තියෙනවා. එ Iron Man 2 එකේ. හැබැයි එ scene එක delete scene එකක්.


    VdBtLZZ.jpg


    මේ අතර Ghost පහර ගත් Lab එක හා උපාංගය රැගෙන කලාවක් පිහිටි පාලු ස්ථානයකට පැමිණෙනවා. Ghost රහසිගතව රැදී සිටින්නේ මේ ස්ථානයෙයි.


    55nRAXQ.jpg


    Bill හමු වීමට Berkeley University එකට එන Hank, Scott සහ Hope එහිදී Bill මුණ ගැහෙනවා

    මෙතන Bill, Quantum Realm එක ගැන දක්වන විග්‍රහයෙන් අපිට End Game එකේ plot එකට ගැන පොඩි ඉගියක් විදියට දකින්න පුළුවන්:rolleyes:. එ ගැන කතා නොකරන තරමටම හොදයි. එ දේ පැහැදිලි කරන්න ගියොත් End Game එක ලොකුවට ස්පොයිලර් වෙන්න පුළුවන්.:dull:


    OcORZ7z.jpg


    Bill ගෙන් උදව් ඉල්ලුවත් මේ මොහොතේ එතනට් එන FBI එක නිසා ඔවුන් එතනින් පැන යනවා.

    මෙතැනදී අපිට දැන ගන්න පුළුවන් වුන කොමික් වලදී වගේම Bill , Hank සමග වැඩ කරන කාලයේ Giant-Man බවට පත් වෙලා තියෙනවා කියල.


    ID5Zci9.jpg


    Hank කියනවා පරණ Ant-Man suit එක තිබුනොත් Lab එක track කරගත හැකි බව. මෙතනදී Scott කියනවා තමන් පරණ suit එක විනාශ නොකළ බවත එය තිබෙන තැන දන්නා බවත්.


    EjO8mUz.jpg


    suit එක තියෙන්නේ Cassie ලග තියෙන කුසලානේ යටි පත්තෙයි. Ant-Man සහ Wasp Cassie ගේ පාසලට ගොඩ අයගේ බෑගයෙන් එය ලබා ගන්නවා.


    r2zoQIk.jpg


    ඔවුන් සොයා ගන්නවා Lab එක තිබෙන ස්ථානය. මෙතැනදී සිවිල් වෝ එකෙ ජර්මනි ගුවන් තොටුපලේ සිදුවීම ගැන සදහන් වෙනවා. Wasp කියනවා ඇය එතන සිටියානම් Ant-Man නීතියට හසු වෙන්නේ නෑ කියලා


    HfaKcoP.jpg


    Lab එක සොයා යන Ant-Man සහ Wasp, Ghost ට කොටු වෙනවා. එ වගේම Hank ත් කොටු වෙනවා.


    z4KKDyz.jpg


    ඔවුන් දන ගන්නවා Ghost ට සුව වීමට Bill උදව් කරන බව. එ වගේම Ghost ගේ origin එක ගැන පොඩි හැදින්වීමක් දකින්න පුළුවන්

    කොමික් වලදී Ava ගේ පියා Elihas Starr හදුන්වන්නේ Egghead කියන නමින්. හැබැයි කොමික් වලදිනම් එ දුෂ්ට චරිතයක්. ඔහු වරක් clint ගේ සහෝදරයත් මරා දමා තිබෙනවා.


    2SaNEAD.jpg


    Ghost සහ Bill සුදානම් වන්නේ Janet වසර ගනනාවක් අවශෝෂණය කර ගත් Quantum energy එකෙන් Ghost ව සුව කිරීමට. නමුත් Hank කියනවා මේ දේ කලොත් Janet විනාශ වී යා හැකි බව:no:.


    SuJMSOr.jpg


    එතනින් Lab එක හා උපාංගය සමග පැන ගැනීමට හැකිවෙන Ant-Man, Wasp සහ Hank ඔවුන් Quantum tunnel එක ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා.


    TZsJzgH.jpg


    Luis ගේ ඔෆිස් එකට එන Sonny, Hank සිටින තැන ඔවුන්ගෙන් දන ගන්නවා Luis ගෙන්. එ සුපුරුදු විදියට Luis ගේ කතන්දර විලාශයෙන්:P.


    HvjMyk6.jpg


    හැබැයි Sonny ට Luis, Scott හමු වුන පලවෙනි දවසේ ඉදන්ම කතාව අහන්න වෙනවා:lol:. මෙතනට එන Ghost දන ගන්නවා scott ඇතුළු Hank සහ Lab එක තියන ස්ථානය ගැන


    BFHwLHI.jpg


    Sonny Lab එක FBI හරහා ලබා ගැනීමට FBI එකට තොරතුරු ලබා දෙනවා Hank, Hope සහ Scott සම්බන්ධව.

    iFLpw72.jpg


    Tunnel එක ක්‍රියාත්මක කලත් එය සැනින් ක්‍රියා විරහිත වෙලා යනවා. Quantum Realm එක තුලදී ඇති වූ සම්බන්ධය මගින් Janet ට හැකි වෙනවා Scott සමග සම්බන්ධ වෙන්න.


    PBjeMG9.jpg


    අක්‍රිය වූ Tunnel එක ක්‍රියාත්මක කිරීමට හැකි වෙන Janet ට ඇති වූ සම්බන්ධතාවය හරහා ඇය සිටින ස්ථානයද සොයා ගැනීමට හැකි වෙනවා.


    uR4mOR9.jpg


    එ වගේම පැය දෙකක් අතුල තමන් සොයා ගැනීමට නොහැකි වුනොත් ස්ථානය වෙනස් වී නැවත සොයා ගැනීමට වසර ගනාවක් ගත වන බව Janet පවසනවා


    QP985Ai.jpg


    Scott කියනවා Ghost සහ FBI එකෙන් ස්ථානය දන්නා බැවින් ඔවුන් සොයා පැමිණෙන බව. FBI එක එන විට ගෙදර සිටි යුතු බවිත් Scott එතනින් පිට වෙනවා.


    Kq8VuVt.jpg


    FBI එක ගෙදරට එන විට Scott පැමිණ අවසන් Lab එකෙන් පිටතට පැමිණීමත් සමග Hope සහ Hank අත්අඩංගුවට පත් වෙනවා.

    මොවුන් අත්අඩංගුවට ගන්න හේතුව අයෙත් මතක් කරන්නම්;). මොවුන් Sokovia Accords වලට පටහැනිව ක්‍රියා කල නිසයි අත්අඩංගුවට ගන්නේ:rolleyes:


    5KRXJJv.jpg


    FBI එකෙන් Lab එක පැහැර ගැනීමට මෙතනට එන Ghost සමත් වෙනවා.Scott හමු වීමට එන Cassie හවුල් කරුවෙකු විදියට තමන් විදියට ක්‍රියා කල යුතු බව කියනවා

    Cassie මේ විදියට මෙතනදී කිව්වත් කොමික් වලදී Cassie, Ant-Man ගේ හවුල්කරුවෙකු වශයෙන් ක්‍රියා කල අවස්ථා තිබිලා තියෙනවා. කොමික් වලදී Cassie තරුණ අවධියේදී හදුන්වන්නේ Stature නමින්. ඇය Young Avengers කණ්ඩායමේ සම්ජිකාවක් වගේම ඇයට Ant-Man බලයන් සියල්ලම තිබෙනවා.:yes:
    එ වගේම Cassie අපට End Game එකේදිත් බලා ගන්න පුළුවන්. හැබැයි End Game එකේදී Cassie ගේ චරිතය කරන්නේ 17 හැවිරිදි කෙනෙක්:confused:. එ වගේම Iron Man 3 එකේ හිටිය Harley Keener (Tony ට හමුවෙන කුඩා ළමයා) ත් End Game එකේ ඉන්නවා කියලයි කියන්නේ. ඔහු ඉදිරියේ Iron Lad ගේ චරිතය හිමි වෙයි කියලා එ දවස් වල ලොකු rumor එකක් තිබුනා. ඉතින් මේ දේවල් එක්ක පොඩි අවස්ථාවක් තියෙනවා End Game එකේ Young Avengers ව ඉගියකින් හෝ දකින්න:rolleyes:.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113

    vwhdm5h.jpg


    Ant-Man ට හැකි වෙනවා Hope සහ Hank ව FBI භාරයෙන් පන්නා ගැනීමට


    ciQHQQP.jpg


    Lab එකට සවි කර ඇති tracker එක මගින් ඔවුන් Lab එක පිහිටි ස්ථානය සොයා යනවා


    TQhLPQs.jpg


    Hank තීරණය කරනවා Quantum Realm එක තුලට යාමට. එ වගේම Ant-Man සහ Wasp තීරණය කරනවා Ghost ව නැවත්වීමට, ඔවුන්ගේ සහයට Luis ද එකතු වෙනවා:rofl:


    i7EEY3X.jpg


    Bill, Quantum Tunnel එක ක්‍රියාත්මක කිරීමට පටන් ගත්තත් Ant-Man විසින් හසුරවන Ants ලා එය අක්‍රිය කරනවා.


    PLsforr.jpg


    Bill ව Lab එකෙන් ඉවත් කරන Hank Quantum Tunnel එක තුලට ඇතුළු වෙනවා


    SYSXGbc.jpg


    Ghost ව නොමග යවා Lab එක හකුලාගෙන පිටත් වෙන්න සුදානම් වෙනවා


    Dq4UASG.jpg


    නමුත් එතනට එන Sonny ඇතුළු කණ්ඩායම නිසා ඔවුන්ගේ සැලැස්ම වෙනස් වෙනවා


    7iTitk8.jpg


    Sonny ඇතුළු කණ්ඩායම Wasp සහ Luis ව ලුහු බදිනවා


    LatDTwZ.jpg


    Wasp ඔවුන්ට පහර දීමට පටන් ගන්න අතර මෙතනදී අපිට දකින්න පුළුවන් Stan Lee ගේ cameo එක


    HPrEL13.jpg


    මෙතනට එන Ghost Lab එක පහර ගන්න උත්සහ කලත් Wasp සමග සටනක් ඇති වී Lab එක Sonny අතට පත් වෙනවා


    R26QMP3.jpg


    Ant-Man ගේ suit එක නැවතත් දෝෂයක් ඇති වෙනවා.


    4lwTvvp.jpg


    Sonny Lab එක පහර ගත්තත් එය ක්‍රියා කරන පාලකය තිබෙන්නේ Luis සතුවයි. ඔවුන් Luis පසු පස හමා යනවා.


    J0XGjSc.jpg


    පැන යන Sonny ගෙන් Lab එක නැවත ගැනීමට Ant-Man සමත් වෙනවා.


    ru7wXXf.jpg


    Quantum Realm එකට ඇතුළු වෙන Hank එහිදී Janet ව සොයා ගන්නවා.

    මෙතන ඔවුන් පිට වෙන තැන දකින්න ලබෙනවා ගොඩනැගිලි වලට සමාන දෙයක්. මේ දේ බොහෝ විට Janet, Quantum Realm වල ජිවත් වූ ස්ථානය හෝ කලින් සදහන් කල Micronauts ලාගේ city එක වෙන්න පුළුවන්.


    nyF19b2.jpg


    දෝෂයට ලක් වුන suit එක නිසා Ant-Man සිහසුන්ව මුහුදට අද වැටෙන අතර Wasp විසින් ඔහුව බේරා ගන්නවා.


    x1WLk7s.jpg


    Sonny ව හා කණ්ඩායම යටත් කර ගැනීමට Luis සහ සගයින්ට හැකි වෙනවා


    tzTLwnx.jpg


    Quantum Realm එකෙන් බලය ඇද ගැනීමට Ghost පටන් ගන්නවා.


    Fjn7MvQ.jpg


    Ant-Man සහ Wasp සටනකින් Ghost ව සටනකින් නැවත්වීමට හැකි වෙන අතර Hank, Janet සමග නැවත ඒමට හැකි වෙනවා.



    JUAhlQC.jpg


    Janet හැකි වෙනවා Ghost ව සුව කිරීමට.


    A2CkURq.jpg


    FBI සහ පොලිසිය පැමිණීමත් සමග ඔවුන් අතනින් පැන යනවා.


    prxywqz.jpg


    FBI එක Scott ගේ ගෙදරට පැමිණෙන විට නැවතත් Scott නිවසට පැමිණ අවසන්:P


    c7Cn0Ot.jpg


    අව්රුදු දෙකක කල සිමාව අවසන් බැවින් ඔවුන් Scott නිවාස අඩස්සියෙන් නිදහස් කරනවා.


    TOpHTTe.jpg


    Scott, Hope සහ Cassie සමග reunite වීම අවසන් දර්ශනය විදියට දකින්න පුළුවන්

    මෙතනදී අපිට කලින් කතා කල ඉගිය Cassie කටින්ම දැන ගන්න පුළුවන්;). Cassie කියනවා ඇය ලොකු වෙලා පියා වගේ මිනිසුන්ව බේරා ගන්න කැමති කියල. මේකෙන් තව තවත් ඇය Stature බවට පත් වෙයි කියලා හිතන්න පුළුවන්:D. එ වගේම මේ වගේම අවසථාවක් කොමික් වලදී දකින්න පුළුවන් Ant-Man සහ Cassie කුඩා වී Phone එක ලොකු screen ලෙස උපයෝගී කරගෙන movie එකක් බලන ආකාරය.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113

    jSrXkEq.jpg


    Ant-Man සුදානම් වෙනවා tunnel එක ඔස්සේ Quantum Realm තුලට යන්නට. එ Ghost ව සම්පුර්න සුව කිරීමට Quantum අංශු රැගෙන ඒමට. Ant-Man Quantum Realm එක තුලදී ඔවුන්ගේ සම්බන්ධය විසන්ධි වී ගොස් අළු බවට පත් වෙන්නේ Ant-Man Quantum Realm තුල සිර වෙද්දී..

    mid credit scene අපිට Thanos ගේ snap එකේ බලපෑමක් දකින්න පුළුවන් වුන:rolleyes:. එ snap එකෙන් Pym පවුලම අළු වී යාම. MCU එකේ දැක්ක පළමු සිදුවීම තමයි මේ වෙනත්මේ movie එකක සිදුවීමකින් චරිත මිය යාම. මේ scene එක ගැන වැඩිය කතා කරන්න ගියොත් වෙන්නේ End Game එක spoiler වෙන එක එ නිසා මෙතනින් නවතින්නම්. මේ credit scene එක මම දකින විදියට MCU එකේ තිබුන හොදම post credit scene එකක්.


    Mqik07J.jpg


    Scott ගේ ගෙදරදී Ant, drum kit එක play කරද්දී දකින්න පුළුවන් විකාශන අණ හිටපු රුපවාහිනියක්.

    මේ credit scene එක එක්තර විදියක fan trolling scene එකක්:rofl:. අපි මීට කලින් Spider-Man: Homecoming movie එකෙනුත් එ දේ දැක්ක. හැබැයි. මෙතනටත් snap එකේ බලපෑමක් ඇති වෙලා තියෙනවා. එ රුපවාහිනියේ තිබුණු දර්ශනය:dull:. එයින් කියවෙන්නේ Emergency Alert System එකක් ගැනයි. මේ දේ ඇමෙරිකාවේ යොදා ගන්නේ විශාල ව්‍යවසනයක් සිදු වූ විට අනතුරු ඇගවීමක් විදියට. එ වගේම අවසනයේ Ant-Man and the wasp will return title එක ප්‍රශ්නාර්ථයකින් දක්වන්නේ Wasp ගේ නැවත පැමිණීම ස්ථිර නොමැති නිසා.:confused: බොහෝ විට End Game එකේ spoiler වෙන එක මග අරින්නත් වෙන්න පුළුවන්.


    Infinity War movie එක release වෙලා මාස දෙකක් වැනි පොඩි කාලයකින් මේ movie එක release වුන නිසා වැඩි අවදානයක් දිනා ගන්න ලැබුනේ නෑ:baffled:. නමුත් box office සහ rating අතින් ගත්තම Ant-Man පළමු movie එකට වැඩ ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා:yes:.නමුත් Easter eggs refferace අතින් ගත්තොත්නම් අනිත් හැම movie එකකට වැඩ අඩුවෙනුයි දකින්න ලැබුනේ. එ වගේම End Game එකට දැවැන්ත සම්බන්ධයක් මේ movie එකෙන් ඇති වෙනවා. එ මොකද්ද කියල End Game ආවම තෙරයි:P. Timeline එක ගත්තොත් Infinity War සිදුවුණ කාල වකනනුවෙමයි මේ movie එකේ සිදුවීමත් ඇති වෙන්නේ. ඒගැන හොදටම පැහැදිලි වෙනවා snap එකෙන්. rating එක 7/10. මීලග රිවිව් එකෙන් හමුවෙමු.