Marvel Cinematic Universe - Organizations

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    S.H.I.E.L.D


    10544336_534452780046833_198334609453030231_n.png


    ප්‍රාරම්භකරු - Howard Stark, Chester Phillips, Peggy Carter
    වත්මන් නායකයා - Phil Coulson
    හිටපු නායකයින් - Nick Fury, Robert Gonzales, Alexander Pierce
    සාමාජිකයින් - Phil Coulson, Melinda May, Daisy Johnson, Leo Fitz, Jemma Simmons, Bobbi Morse, Lance Hunter, Billy Koenig, Sam Koenig, Alphonso Mackenzie
    හිටපු ප්‍රධාන සාමාජිකයින් - Peggy Carter, Howard Stark, Hank Pym, Janet van Dyne, Alexander Pierce, Nick Fury, Natasha Romanoff, Clint Barton, Steve Rogers, Maria Hill, Victoria Hand, Sharon Carter, Robert Gonzales
    රථ - Helicarrier, Quinjet, Bus, S.H.I.E.L.D. SUV, S.H.I.E.L.D. Jump Jet, S.H.I.E.L.D. Helicopter,Zephyr One
    මූලස්ථානය - Triskelion
    අනුබද්ධ සංවිධාන - World Security Council
    චිත්‍රපට - Iron Man, The Incredible Hulk, Iron Man 2, Thor, Captain America: The First Avenger, The Avengers, Iron Man 3 (සදහන් කිරීමක්), Thor: The Dark World (සදහන් කිරීමක්), Captain America: The Winter Soldier, Avengers: Age of Ultron, Ant-Man.
    One-Shot - The Consultant, A Funny Thing Happened on the Way to Thor's Hammer, Item 47, Agent Carter,
    TV - Agents of S.H.I.E.L.D.


    S.H.I.E.L.D. අර්ථකතනයෙන් නම් Strategic Homeland Intervention, Enforcement and Logistics Division. මෙය ඇමෙරිකානු හමුදා ත්‍රස්ත මර්ධන හා බුද්ධි අංශ විසින් ආරම්භ කරන ලදී. දෙවන ලෝක යුද්දයෙන් පසු ඇමරිකාව සහ සෙසු රටවල් අධි බලති ආයුධ සහ යම් සංවිධාන මගින් එල්ල වන තර්ජන වලක්වා ගැනීම මෙහි මුලික අරමුණ විය. ඒ වගේම එවකට පෘථිවියේ තිබු විශාලම හමුදා බලයද ඔවුන් සතුව තිබුණි. 2012 ඔවුන් අරම්භාකරනවා සම්බන්දතාවයක් සියලුම ගනයේ අධිමානුෂික පිරිස් සමග. මේ හේතුවෙන් Nick Fury අධ්‍යක්ෂකව සිටියේදී ඔවුන් සමබන්ධ කරගන්නවා සුපිරි වීරයන්ගේ කණ්ඩායමක් Avengers නමින්. ඔවුන් 2012 දී ලොව බේරා ගන්නවා පිටසකවලයින්ට එරෙහිව සටන් කිරීමෙන්. 2014 දී Captain America ගේ ක්‍රියාමාර්ග නිසා දැන ගන්නවා S.H.I.E.L.D. තුලට ත්‍රස්ත සංවිධානයක් වන HYDRA ඇතුළු වී ඇති බව. එහිදී ඇති වූ සටනින් S.H.I.E.L.D. මුලස්ථානය විනාශ වෙනවා. S.H.I.E.L.D. හි සියලුම රහසිගත ලියකිවිලි අන්තර්ජාලයට මුදා හැරෙනවා. මේ හේතුවෙන් S.H.I.E.L.D. ත්‍රස්ත සංවිධානයක් ලෙස සටහන් වෙනවා. එහි ගොඩක් සාමාජිකයින් අත්අඩංගුවට පත්වෙනවා. නමුත් Phil Coulson ඇතුළු ඔහුගේ කණ්ඩායම නිර්භීතව ක්‍රියා කරමින් HYDRA එරෙහිව සටන ඉදිරියටම ගෙන ගිය. අවසානයේ HYDRA හි John Garrett ගේ සැලසුම් විනාශ කොට සටනින් Coulson ඇතුළු ඔහුගේ කණ්ඩායම ජය ගන්නවා. මේ හේතුවෙන් Nick Fury, S.H.I.E.L.D.හි අධ්‍යක්ෂක තනතුර Phil Coulson හට පිරිනමනවා. ඉන් පසු මේ දක්වා Coulson වැඩසටහනක් අරම්භාකරනවා ලොව සිටින Inhuman ල සොයා .
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    HYDRA


    12219553_535394856619292_5600279778256452814_n.jpg


    ප්‍රාරම්භකරු - It අදහන්නන්
    වත්මන් නායකයා - Grant Ward/ Gideon Malick
    හිටපු නායකයින් - Wolfgang von Strucker, Alexander Pierce, Daniel Whitehall, Arnim Zola, Johann Schmidt
    සාමාජිකයින් - Grant Ward, Stern, Brock Rumlow, Jack Rollins, Mitchell Carson, Julien Beckers
    හිටපු ප්‍රධාන සාමාජිකයින් - Winter Soldier, Agent 33, Jemma Simmons (රහසිගත), Bobbi Morse (රහසිගත), Kebo, Werner von Strucker
    රථ - Valkyrie, HYDRA Uber Tank, HYDRA Armored Personnel Carrier, HYDRA Mini Tank
    මූලස්ථානය - Alps (විනාශ වී ඇත)
    අනුබද්ධ සංවිධාන - Schutzstaffel (විනාශ වී ඇත)
    චිත්‍රපට - Captain America: The First Avenger, The Avengers (සදහන් කිරීමක්), Captain America: The Winter Soldier, Avengers: Age of Ultron, Ant-Man, Captain America: Civil War (2016)
    TV - Agents of S.H.I.E.L.D., Agent Carter


    වසර දහසකට පමණ පෙර Kree විසින් පෘතුවියේ සිටි මිනිසුන් Inhumans බවට පත් කල අතර එක් Inhuman කෙනෙක් ඉතා බලවත් ලෙස නිර්මාණය විය. පසුව අනික් Inhumans විසින් ඔහුව වෙනත් ග්‍රහලෝකකට පිටමන් කරයි.කෙසේ නමුත් Inhuman පිරිවර සමග රහස් සංවිධානයක් ඔවුන්ගේ නායකයා නැවත පෘථිවියට ගෙන්වා ගැනීමට උත්සහ කරන අතර ඒ සදහා වසර ගණනාවක සිට මෙම රහස් සංවිධානය Monolith එක හරහා ඔහු සිටින ග්‍රහලෝකයට මිනිසුන් යවයි. නමුත් කිසිම් කෙනෙකුට අපසු නැවත ඒමට නොහැකි විය. මෙම සංවිධනයේ ලාංජනය කාලෙන් කාලෙට වෙනස් විය. එහි නම HYDRA විය.1939 දී දෙවන ලෝක යුද සමයේ නාසි හමුදාවට විශේෂ ආයුධ සැපයීමේ ආයතනයක් ලෙසද මෙම සංවිධානය දැනට පවතින ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස හදුන්වයි. මෙය එවකට Adolf Hitler ට අනුබද්ධ ආයතනයක් විය. 1943 දී එවකට HYDRA හි නායකයා වූ Johann Schmidt ට Hitler ඔහුගේ හමුදාව සපයනවා ඇමෙරිකානු නරගවල් වලට පහර දීමට. නමුත් ඔහුගේ සැලසුම අසාර්ථක කිරමට Captain America ඇතුළු පිරිස සමත් විය. දෙවන ලෝක යුද්දෙන් පසුව 1945 දී HYDRA හි නායකත්වය Arnim Zola හට හිමි වූ අතර මේ කාලයේදී ඔහු Captain America ගේ සගයෙකු වන James Barnes මතකය මකා දමා Super Soldier Serum එන්නත් කර Winter Soldie බවට පත් කරයි. ඉන් පසු වසර ඇමෙරිකාව සමග සීතල යුද්ධයක් පැවති HYDRA හි නායකත්වය 1990 දී Daniel Whitehall හට හිමි විය. පසුව පිලිවෙලින් Alexander Pierce ත් Wolfgang von Strucker ත් නායකත්වය හිමි වූ අතර මෑතකදී Avengers විසින් Sokovia හි පිහිටි HYDRA ස්ථානයකට පහර දී Wolfgang von Strucker ව අල්ල ගත් නමුත් පසුව Ultron විසින් ඔහුව ඝාතනය කිරීමත් සමග HYDRA සංවිධානය අඩපන විය. මෙම අඩපන වූ HYDRA හි නව නායකත්වය ගැනීමට Grant Ward තීරණය කර බිදවැටුණු HYDRA නැවත ගොඩ ගැනීමට උත්සහ කරයි.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Avengers


    12247018_536833999808711_7886493617434396214_n.png


    ප්‍රාරම්භකරු - Nick Fury
    වත්මන් නායකයා - Steve Rogers (Captain America)
    සාමාජිකයින් - Steve Rogers (Captain America), Natasha Romanoff (Black Widow), Sam Wilson (Falcon), James Rhodes (War Machine), Wanda Maximoff (Scarlet Witch), Vision
    හිටපු ප්‍රධාන සාමාජිකයින් - Tony Stark (Iron Man), Bruce Banner (Hulk), Clint Barton (Hawkeye), Thor, Pietro Maximoff (Quicksilver)
    රථ - Avengers Quinjet
    මූලස්ථානය - New Avengers Facility, Avengers Tower (පෙර), S.H.I.E.L.D. Helicarrier (පෙර)
    අනුබද්ධ සංවිධාන - S.H.I.E.L.D.
    චිත්‍රපට - The Avengers, Iron Man 3 (සදහන් කිරීමක්), Thor: The Dark World (සදහන් කිරීමක්), Captain America: The Winter Soldier (සදහන් කිරීමක්), Avengers: Age of Ultron, Ant-Man, Captain America: Civil War (2016), Avengers: Infinity War (2018 - 2019)
    TV - Agents of S.H.I.E.L.D.(සදහන් කිරීමක්)


    මෙය හිටපු S.H.I.E.L.D. අධ්‍යක්ෂක Nick Fury ගේ Avengers Initiative වල ප්‍රතිපලයක් ලෙස බිහි වූවකි. තමාගේ රටේ හමුදාවට පාලනය කල නොහැකි ප්‍රහාර හා බලපෑම් වලින් ආරක්ෂා කරගැනීම සදහා ආරම්භ කරන මෙය හට Captain America, Iron Man,Thor, Hulk, Hawkeye සහ Black Widow සම්බන්ධ විය. ලොවට තර්ජනයක් වූ පිටසක්වල ජීවින්ගෙන්, Ultron සහ HYDRA ට එරෙහිව සටන් කිරීමට මොවුන්ට හැකි විය. මෑත කාලයේදී මේ සදහා අලුතෙන් Falcon, War Machine, Scarlet Witch, Quicksilver හා Vision සම්බන්ද වන අතර ඉදිරියේදී Ant-Man සහ Winter Soldier සම්බන්ධ වීමට නියමිතය.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Stark Industries


    12249992_537713406387437_2170879369336853679_n.jpg


    ප්‍රාරම්භකරු - Howard Stark
    වත්මන් නායකයා - Pepper Potts
    හිටපු නායකයින් - Tony Stark, Obadiah Stane, Howard Stark
    සාමාජිකයින් - Pepper Potts, Happy Hogan, Bambi Arbogast, William Ginter Riva, Jesse, Natalie Rushman, Samantha Carlisle, Maria Hill
    හිටපු ප්‍රධාන සාමාජිකයින් - Obadiah Stane, Anton Vanko
    මූලස්ථානය - Stark Industries Headquarters, Stark Tower
    අනුබද්ධ සංවිධාන - S.H.I.E.L.D., United States Armed Forces
    චිත්‍රපට - Iron Man, The Incredible Hulk, Iron Man 2, Thor (සදහන් කිරීමක්), Captain America: The First Avenger, The Avengers, Iron Man 3 , Captain America: The Winter Soldier, Avengers: Age of Ultron, Ant-Man (සදහන් කිරීමක්).
    One-Shot - The Consultant
    TV - Agents of S.H.I.E.L.D.(සදහන් කිරීමක්), Agent Carter


    1939 Howard Stark විසින් ආරම්භ කල මෙය තාක්ෂණික ආයුධ නිෂ්පාදනය කිරීමේ සමාගමක් ලෙස හැදින් වේ. එවකට පවතී දෙවන ලෝක යුද්දේ සදහා ඇමෙරිකානු හමුදාවට යුධ සැපයු ප්‍රධාන සමාගමක් ලෙස මෙය හැදින් වේ. එමෙන්ම Captain America නිර්මාණය කිරීමට යොදා ගත් Super Soldier Serum නිර්මාණය කිරීමටද මෙම සමාගම උදව් විය. 1991 දී Howard ගේ මිය යාමත් සමග මෙහි හිමිකාරත්වය Tony Stark හා Obadiah Stane හට හිමි විය. පසුව මෙම සමාගමේ තනි හිමිකාරත්වය වයස 21 දී Tony හට හිමි විය. 2011 දී Tony ඔහුගේ ජිවිතයේ අස්ථිරත්වය මත මෙහි හිමිකාරත්වය ඔහුගේ පෙම්වතිය වන Pepper Potts හට පිරිනැමිය. ඇය මේ වන තෙක් Stark Industries හි CEO ලෙස කටයුතු කරයි.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Strategic Scientific Reserve


    12341283_547136132111831_8809755070597448641_n.png


    ප්‍රාරම්භකරු - Franklin D. Roosevelt
    හිටපු නායකයින් - Chester Phillips
    හිටපු ප්‍රධාන සාමාජිකයින් - Abraham Erskine, Peggy Carter, Howard Stark, Steve Rogers, Roger Dooley, Jack Thompson, Daniel Sousa, John Flynn
    මූලස්ථානය - Strategic Scientific Reserve Headquarters, London
    අනුබද්ධ සංවිධාන - United States Government
    චිත්‍රපට - Captain America : The First Avenger, Captain America : The Winter Soldier (සදහන් වීමක්)
    One-Shot - Agent Carter
    TV - Agent Carter, Agents of S.H.I.E.L.D.


    දෙවන ලෝක යුද්ධය සදහා ඇමෙරිකාව මැදිහත් නොවී රහසිගතව යම් සංවිධානයක් හරහා Adolf Hitler ට එරෙහිව කටයුතු කිරීමට 1940 දී එවකට ඇමෙරිකානු ජනාධිපති Franklin D. Roosevelt ගේ නියමයකින් S.S.R. නොහොත් Strategic Scientific Reserve සංවිධානය ආරම්භ කෙරුණී. ඉන් පසු HYDRA නාසි විශේෂ ආයුධ අංශයට එරෙහිව Captain America සමග එක්වී සටන් කර ජය ලැබූ අතර දෙවන ලෝක යුද්දෙන් පසු සෝවියට් Leviathan සමගද ගැටුමක් ඇති විය. කාලයත් සමග මෙම සංවිධානය S.H.I.E.L.D. සංවිධානය සමග එකට අනුබද්ධ විය.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Ten Rings


    12295339_541048099387301_3329623209952265814_n.png


    වත්මන් නායකයා - Mandarin
    සාමාජිකයින් - Raza, Jackson Norriss, Abu Bakar, Cordo Gaines, Omar
    හිටපු ප්‍රධාන සාමාජිකයින් - Raza Hamidmi Al-Wazar, Ahmed, Richard Frampton
    රථ - AM General M-35, Toyota Truck, M1 Abrams
    මූලස්ථානය - ඇෆ්ගනිස්ථානය
    චිත්‍රපට - Iron Man, Iron Man 2, Iron Man 3 (සදහන් කිරීමක්), Ant-Man
    One Shot - All Hail the King


    අවුරුදු 100 කට වඩා පැරණි අතීතයක් ඇති ලෝක සාමය විනාශ කිරීමට උත්සහ ගන්නා ත්‍රස්තවාදී සංවිධානයක් වන මෙහි Mandarin විසින් නායකත්වය දරයි. ඇෆ්ගනිස්ථානයේදී Tony Stark පැහැර ගැනීමකට ලක් කල මෙම සංවිධානය එක අවස්ථාවකදී Pym Technologies නිර්මාණය කල Yellowjacket Suit එක මිලදී ගැනීමටද උත්සහ කළහ.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Hammer Industries


    12342445_547942535364524_2799510267448755954_n.jpg


    ප්‍රාරම්භකරු - Justin Hammer
    වර්තමාන නායක - Justin Hammer
    අනුබද්ධ සංවිධාන - United States Armed Forces
    චිත්‍රපට - Iron Man 2


    ආයුධ නිෂ්පාදනය කරන සමාගමක් වන මෙය Tony Stark, Iron Man වීමෙන් පසු සහ ඇමෙරිකානු රජය Stark Industries කෙරෙහි සම්පුර්න විශ්වාසය දින ගැනීමත් සමග Iron Man armor ආදේශකයක් නිර්මාණය කිරීමට මෙම සංවිධානය උත්සහ කල නමුත් ඉන් සියල්ල අසාර්ථක විය.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Pym Technologies


    12274656_541697515989026_8919296007098671298_n.png


    ප්‍රාරම්භකරු - Hank Pym
    වත්මන් නායකයා - Hank Pym
    හිටපු නායකයින් - Darren Cross
    සාමාජිකයින් - Hope van Dyne
    මූලස්ථානය - Treasure Island, San Francisco
    චිත්‍රපට - Ant-Man
    TV - Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්)


    Hank Pym S.H.I.E.L.D. තුලින් ඉවත් වූ කාලයේ ඔහුගේ බිරිද මිය යාමෙන් පසුව ආරම්භ කල මෙය තාක්ෂණික විද්‍යාව පිලිබදව පරේෂණ සිදු කල ආයතනයකි. ඒ අතර ප්‍රධන වශයෙන් nanotechnology සහ මනුෂ්‍ය පරිණාමනය පිලිබදව අධ්‍යනය කෙරුණු අතර Yellowjacket Suit එක නිර්මාණය කිරීමටද මෙයට හැකි විය.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    A.I.M.


    12376720_547902892035155_2862601600170140375_n.png


    ප්‍රාරම්භකරු - Aldrich Killian
    හිටපු ප්‍රධාන සාමාජිකයින් - Ellen Brandt, Eric Savin, Maya Hansen, Trevor Slattery
    අනුබද්ධ සංවිධාන - United States Government
    චිත්‍රපට - Iron Man 3


    Advanced Idea Mechanics නොහත් A.I.M. විද්‍යාත්මක පරේෂණ හා සංවර්ධන සිදු කිරීම් කෙරෙන සමාගමක් ලෙස ඇමෙරිකානු රජයද අනුමැතිය ඇතිව 1990 දශකයේ Aldrich Killian විසින් ආරම්භ කරන ලදී. මෙම සමගම මගින් Extremis Soldiers නිර්මාණය කිරීමටද සමත් වූ අතර Killian මිය යාමෙන් පසුව මෙහි ක්‍රියා
    කාරිත්වය ඇණ හිටුනි.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Nova Corps


    12347999_547137578778353_4770836079267572908_n.png


    වත්මන් නායක - Irani Rael
    සාමාජිකයින් - Rhomann Dey, Garthan Saal
    මූලස්ථානය - Nova Corps Headquarters, Xandar
    අනුබද්ධ සංවිධාන - Nova Empire
    රථ - Star Blaster
    චිත්‍රපට - Guardians of the Galaxy


    මෙය මන්දාකිණි අතර Nova Empire හි හමුදාමය සංවිධානයක් වන අතර Nova-Prime මගින් මෙම සංවිධානය හසුරවයි. Kyln නම් ග්‍රහලෝකයේ සිරගෙයක්ද මෙම සංවිධානය සතුව පවතී