The Matrix විවරණය - 4
Matrix මුල් චිත්‍රපටය 1999 දි තමයි තිරගත වෙන්නෙ. මේ වෙනකොට අවුරුදු 20 ක් ගෙවුනත් තාමත් කතා කරන්න ඕන තරම් දේවල් තියෙනව. පහුගිය කොටස් තුනෙන් දීර්ඝව විස්තර කලේ Matrix කතාවෙ ඇත්තටම මොකක්ද වෙන්නෙ කියන දේ ගැන. මේ අන්තිම කොටසෙන් ඉතුරුවුන ගැටලු විසඳගමු.
Neo විසින් Matrix එකෙන් පිට යන්ත්‍ර පාලනය කරන්නෙ කොහොමද ?
යන්ත්‍රවල/රොබෝලගෙ ඔක්කොගෙම මනසවල් එකිනෙකට බැඳිල තනි විඥානයක් (singular consciousness) විදිහට ක්‍රියාත්මක වෙනව කියල තමයි කියන්නෙ. The Source කියන්නෙ මේ පද්ධතියෙ මූලික කේතය. මේ යන්ත්‍ර ඔක්කොම වයර් වලින් සම්බන්ධ වෙලා නෑනෙ. මේ තනි විඥානය නැත්නම් සිත wireless signal එකක් හරහා තමයි සම්බන්ධ වෙන්නෙ. Architect හම්බෙන්න source එකට ඇතුලුවුනාට පස්සෙ Neo ත් මේ wireless connection එකට සම්බන්ධ වෙනව. එතකොට Neo ට wireless විදිහට Matrix එක පාලනය කරන්න පුලුවන් වෙනව.
Agent Smith හඳුනාගනිමු
ඇත්තටම Agent Smith කියන්නෙ Matrix පාලනය කරන Agent පරිගණක වැඩසටහන් (programs) වල ප්‍රධානිය. Neo පළවෙනි චිත්‍රපටයෙ Smith program එක කේතය ඇතුලතින් විනාශ කරනවනෙ. නමුත් ඇත්තටම Smith කොටස්වල කැඩිල විසිරීමක් වෙන්නෙ. මේ කොටස් එකතුවෙලා නැවත හැදෙන Smith දෝෂ සහගත ස්වයං ක්‍රියාකාරී වයිරස් program එකක් විදිහට තමයි ක්‍රියා කරන්නෙ. Smith ට අනෙක් programs අවශෝෂණය කරගෙන තමන්ගෙම කොපි බවට පත්කරල පැතිරෙන්න පුලුවන්. කොහොම වුනත් Smith වයිරස් එකක් වෙන්නෙ කොහොමද කියන එක විස්තරාත්මකව සඳහන් වෙන්නෙ නෑ. අනිත් කාරනේ Bane ගෙ ශරීරයට Smith program එක ඇතුලු වෙන්නෙ කොහොමද කියන එක. මිනිසෙකුගෙ මනසෙ පිළිබිඹුවක් Matrix program එකක් හැටියට හදන්න පුලුවන් නම් ඒකෙ අනිත් පැත්තත් වෙන්න පුලුවන්නෙ. මිනිසෙකුගෙ මනසට සමානව ක්‍රියා කරන Smith program එක Bane ගෙ ශරීරයට ඇතුලුවෙලා පාලනය කරනව. මේක possession එකක් ඒ කියන්නෙ භූතයෙක් වැහීමක් වගේ එකක් කියල තමයි කියන්නෙ.
යන්ත්‍ර සමඟ ගිවිසුම
කොහොම නමුත් මේ නොහිතපු විදිහට ඇතිවුන Smith වයිරස් එක නිසා Neo ට ලොකු වාසියක් ලැබෙනව. Smith කියන්නෙ Matrix එකට වගේම යන්ත්‍රවලටත් තර්ජනයක්. Neo පොළව මතුපිටට ඇවිල්ල යන්ත්‍ර සමඟ ගිවිසුමකට එනව. මෙතනදි Neo කතාකරනව පෙන්නන්නෙ යන්ත්‍රවල ප්‍රධාන අතුරු මුහුණත (interface) හැටියට ක්‍රියා කරන Deus Ex Machina එකත් එක්ක. ගිවිසුමට අනුව Neo විසින් Smith පරාද කරන්න යන්ත්‍රවලට උදව්කලොත් යන්ත්‍ර Zion නගරය විනාශ නොකර සටන් විරාමයකට එළඹෙන්න ඕන. දැන් Smith එක්ක සටන් කරන්න ආපහු Neo ව ප්‍රධාන පරිගණක සැකසුමට (mainframe) සම්බන්ධ කරනව.
අන්තිම සටන සහ හොඳම සැලසුම
මේ Smith වගේ දෝෂ සහගත programs සහ Matrix එකට අනවශ්‍ය යල්පැනපු programs සියල්ල The Source එකට වාර්තා කරන්න ඕන මකා දැමීම ඒ කියන්නෙ delete කිරීම සඳහා. නමුත් Smith එහෙම කරන්නෙ නෑනෙ. යන්ත්‍රවලට Smith වයිරස් එක විනාශ කරන්න නම් එයාව The Source එක තියෙන mainframe එකට සම්බන්ධ කරන්න ඕන. Neo ට Smith ව පරාද කරන්න බෑ. මේ දෙන්නටම එක වගේ බලයක් තියෙනව. Neo කරන්නෙ Smith ට පරාදවෙලා එයාව අවශෝෂණය කරගෙන කොපියක් හදන්න ඉඩදෙනව. මේ Smith ගෙ Neo කොපිය කෙලින්ම mainframe එකට සම්බන්ධවෙලා ඉන්න නිසා Deus Ex Machina ට Smith ව delete කරල දාන්න පුලුවන් වෙනව. හරිම සිම්පල් ප්ලෑන් එකක්. එතකොට Neo ට මොකද වෙන්නෙ. මේ ගැන නම් චිත්‍රපටවලදි විස්තර කරන්නෙ නෑ. The Matrix Online game එකේදි Neo ට මොකද වුනේ කියන එක විස්තර කරනව. නමුත් ඒක චිත්‍රපටවලින් පිට නිසා ඒ ගැන විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඉතිං කොටස් හතරකින් සවිස්තරාත්මක විදිහට Matrix එක ගැන කතා කලත් තව මඟහැරුණු දේවල් ඕන තරම් තියෙනව. මේ ලිපිමාලාව අදින් අවසන් වෙනව. ස්තූතියි කියවපු ප්‍රතිචාර දක්වපු හැමෝටම. (scifi.stackexchange.com සංවාද සහ matrix.fandom.com ලිපි ඇසුරිනි.)
- Sudam Dineetha Kaluarachchi