උනහපුලුවාට උගේ දරුවා මැණිකක් කියනවනේ.. ඒ වගේ තමා ආදරණීය මිතුරණි මා ලියූ මගේ අදහස් මට වටිනවා..
ඒ අදහස් කොහේ ගියත් කවුරු කොපි කරගත්තත් මට ගැටළුවක් නෑ.. ඒ නිසයි මෙතුවක් ඒ ගැන කතා නොකලේ...
නමුත් මුද්‍රිත මාධ්‍යයකදී මෙසේ පළවීමෙන් හිතට දැනෙන වේදනාව මෙතරම් යැයි කියා නිමකල නොහැක... කෙසේ නමුත්.. එය මාගේ අනුදැනුමකින් තොරව පලවිය.. මෙහිදී මා පත්වූ අසරණභාවට මට කීමට ඇත්තේ එළකිරියන්ටම පමණි... එනිසා මා මේසේ ත්‍රෙඩ් එකක් මගින් පල කරන ලදී....
එහිදී.. සියලු වාදබේද අතැරදමා සියලු ජාති බේද අතැර දමා එක මවකගේ දරුවන් මෙන් ඔබ සියලු දෙනාම මා වෙනුවෙන් මාව රැක බලාගත් ආකාරය හා මාව දිරිමත් කල ආකාරය හදවතෙහි ගැඹුරුම තැනෙහි තැන්පත් විය... පින් ඔබ සියලු දෙනාටම...
එමෙන්ම මෙවන් අවස්ථාවකදී සිය පුද්ගලික දැන හැදුනුම්කම්, පුද්ගලික හිතවත්කම් යොදා ගනිමින් මා වෙනුවෙන් බොහෝ දෙනෙක් කොන්දේසි විරහිතව පෙනී සිටීමද ලොකු ශක්තියක් බව කිව යුතුමය...
මෙම වෙබ් අඩෙවියෙහි ප්‍රධානියා ලෙස GTRZ සහෝදරයාත් මොඩ් ලෙස tintin123 සහෝදරයාත් තම සහෝදරයෙකුට විපතක් වූ විටක පිහිට වන්නා සේ පුද්ගලිකවම මැදිහත් වී මා ලගින් සිටිමින් දක්වන ලද සහායට හදවතින්ම ස්තූතිය පුදකරමි...
අදාල ලිපිය පලකරනු ලැබූ කතෘතුමන් මා අමතනලද අතර ඔහුගෙන් සිදුවූ වරද පිළිබදවත් එය නිවැරදි කරනුලබන බවත් පැවසීය.. ඔහුගේ පුවත් පතට ලිපි පලකිරීමට අවස්ථාවක් පවා ලබා දීමට ඔහු කැමැත්ත පලකලද මා එය සුහදව ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර ඔහුට අවැසිනම් එළකිරියේ අපේ ගී විචාර නූල වෙත පැමිණ අපේ අවසරයෙන් තොරතුරු ලබා ගන්නා ලෙස මා දැන්වීමි.
ඔහු කරනු ලැබූ වැරැද්ද ඔහු තේරුම් ගත්තේ නම්.. පුද්ගලිකවම මා හට ඔහු සිදුවූ වරද පිලිබද කරුණු දැක්වීනම්... තව දුරටත් මේ පිළිබදව ගැටීම මිනිසත් භාවයේ නාමයෙන් මට කල නොහැක්කකි.. එනිසා මා ඔවුන්ගෙන් ඉල්ලීමක් කලෙමි. අදාල ගැටළුව විසදූ බව ඔවුන්ගේ එෆ්බී පේජ් එකෙත්... මේ ත්‍රෙඩ් එකෙත් පල කරනලෙස මා ඉල්ලා සිටියෙමි...
ඔබ මේ වැරැද්ද නිවැරදි කරනු ඇතැයි අපේක්ෂා කරමින්.. මා නිහඩවෙමි...
ආදරණීය එළකිරි කොල්ලනේ එළකිරිය වෙනුවෙන්, මා වෙනුවෙන් ඔබ නැගීසිටීමෙන් අපේ එළකිරියේ අපේ හඩ කොතරම් ප්‍රබලදැයි ඔබටම වැටහෙන්නට ඇතැයි මා සිතමි..
පින් ඔබ සියලු දෙනාටම.. -සස්ලිට්-
ප.ලි. - කරුණාකර ඔබ එෆ් බී පේජ් එක අපට බෑන් කරපු එක ලිෆ්ට් කරන්න.
සස්ලිට් සහෝදරයට සහ එළකිරියේ සියලුම දෙනාට ජය වේවා!!!!!





