MCC ගිවිසුමට අත්සන් තැබේ

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    MCC ගිවිසුමට අත්සන් තැබේ

    ඇමරිකාවට අක්කර දොලොස් ලක්ෂයක් කුනු කොල්ලයට දෙන අර ගිවිසුමට අත්සන් කරන්න ගෝටා තීරනය කරලා.මේක අත්සන් කරන්න යනකොට කෑගහපු බලු ගොම්මන්පිල මේකට පක්ෂයි.විමලුත් කමක් නෑලු.:lol::lol:
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    ඇමරිකාවට අක්කර දොලොස් ලක්ෂයක් කුනු කොල්ලයට දෙන අර ගිවිසුමට අත්සන් කරන්න ගෝටා තීරනය කරලා.මේක අත්සන් කරන්න යනකොට කෑගහපු බලු ගොම්මන්පිල මේකට පක්ෂයි.විමලුත් කමක් නෑලු.:lol::lol:

    70% hondai bro
    ..:yes::yes:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඇමෙරිකා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම හරහා ඉදිරිපත් කර ඇති ප්‍රවාහන ව්‍යාපෘතියට විරුද්ධ නොවන බවත් ඒ සඳහා අදාළ ප්‍රධාන මුදලෙන් සියයට 70ක් වෙන්කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.

    පෙරේදා (07දා) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

    එසේම ඇමෙරිකාවෙන් ලැබෙන සෑම දෙයකටම විරුද්ධවීමේ කුහකකමක් හෝ මෝඩ කමක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.

    "එම ගිවිසුම සම්බන්ධයෙන් අපේ ස්ථාවරය ඉතාම පැහැදිලියි. අප හැමදාමත් ඒක කිව්වා. ඒ තමයි MCC ගිවිසුම තුළ ව්‍යාපෘති දෙකක් තියෙනවා. ප්‍රවාහන ව්‍යාපෘතිය සහ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය. වැඩි මුදලක් වෙන් වන්නේ ප්‍රවාහන ව්‍යාපෘතියට. එනම් 70%ක මුදලක් වෙන් වන්නේ ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා. 30% අඩු මුදලක් තමයි ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා වෙන් වන්නේ.

    ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා අපේ කිසිදු විරෝධතාවක් නැහැ. ඇමරිකාවෙන් එන හැම දෙයටම විරුද්ධ වන කුහකකමක් හෝ මෝඩ කමක් නැහැ. රටට හානියක් වන දේට විතරයි අප විරුද්ධ වෙන්නේ. ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. අපි ඉල්ලුවා ප්‍රවාහන ව්‍යාපෘතිය විතරක් කරමු කියලා.

    නමුත් ඇමරිකාව කියනවා කරනවා නම් දෙකම කරමු එකක් විතරක් කරන්න අපට බැහැ කියලා. ඒකෙන්ම පේනවා ඇමරිකාව ප්‍රවාහන ව්‍යාපෘතියටත් සල්ලි දෙන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය කර ගැනීමේ යටි අරමුණින් කියන එක.

    ඇමෙරිකාව යෝජනා කරන ආකාරයේ සමස්තය කරන්න අප සූදානම් නැහැ. නමුත් ප්‍රවාහන ව්‍යාපෘතිය පමණක් කරන්න අපේ කිසිම විරෝදයකුත් නැහැ.

    Q 70%ක් ‍ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා වෙන් වෙනවා නම් ඉතිරි 30% සඳහා වෙනත් ව්‍යාපෘතියක් කිරීම සඳහා ඔබතුමන්ලා යෝජනාවක් ගෙන ආවේ නැද්ද ?

    A ඇමරිකාව කියනවා නම් ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය කිරීම අත්‍යවශ්‍යයි අනිත් මුදලුත් ලබාදීම සඳහා කියලා අප වෙනත් ව්‍යාපෘතියක් යෝජනා කිරීමෙන් වැඩක් නැහැ.

    Q ඔය යෝජනා දෙකම නැතුව යන්නට බැරිද ?

    A ඒ අය දෙකම ඕනේ කියනවා නම් අප කියන්නේ මොකුත් එපා කියලයි. එය තමයි අපේ ස්ථාවරය. දෙනවා නම් ප්‍රවාහන ව්‍යාපෘතියේ අරමුදල් විතරක් දෙන්න. සතුටු සිතින් පින් දීලා බාරගන්නට අපි ලැහැස්තියි. නමුත් දෙකම කෙරෙන්නට ඕනෑ කියන ස්ථාවරයේ ඇමෙරිකාව ඉන්නවා නම්, මුකුත් එපා කියන ස්ථාවරයට අපට යන්න සිදු වෙනවා.

    Q ඇමරිකාව කියන්නේ ප්‍රබල රටක්. මේ නිසා ඇමරිකාවත් තරහ කරගන්නට වෙයිද ?

    A අප තරහ කර ගන්නේ නැහැ. අපි විකල්පයක් ඉදිරිපත් කර තියෙනවා. ඉතින් ඒ විකල්පය පිළිගන්නේ නැතුව මේකම ඕනේ කියනවා නම් අපට තේරුම් ගන්නට වෙනවා මෙහි යටි අරමුණක් තියෙනවා කියලා.

    ඇමරිකාව පමණක් නොවෙයි සියලුම බලගතුයැයි සම්මත බටහිර රටවල් කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න එපා කියද්දී තමයි අප කොටි ත්‍රස්තවාදය පරාජය කරලා ඔබයි මමයි භුක්තිවිදින සාමය ලැබිලා තිබෙන්නේ. බටහිර රටවල් තරහවීමේ පිරිවැයක් තියෙනවා.

    බටහිර රටවල් යාළු කරගෙන ඉන්නට පුළුවන්. හැබැයි අපේ රටේ සම්පත් ටික ඔවුන්ට දෙන්න වෙනවා. බෙදුම්වාදීන් ශක්තිමත් කරන්නට වෙනවා. අන්තවාදය දැක්කම අහක බලාගෙන ඉන්න වෙනවා.

    එහෙම කරන එකද හොඳ බටහිර රටවල සිත් රිදිලා හරි අපේ රටේ ජනතාවගේ සිත් සනසන එකද හොඳ කියන ප්‍රශ්නය ජනතාව ඉදිරියේ තියෙද්දි, බටහිර සනසන සජිත් ප්‍රේමදාස මැතිතුමාව ලක්ෂ 13 කට වඩා වැඩියි ඡන්දයකින් පරාජය කරලා ජනතාව සනසන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කිරීමෙන් මේ රටේ ජනතාව කියලා තියෙනවා බටහිර අසතුටු වුණත් කමක් නැහැ අපව සතුටු කරලා තියන්න කියලා.

    http://www.ada.lk/breaking_news/MCC-ගිවිසුමේ-ප්‍රවාහන-ව්‍යාපෘතියට-විරුද්ධ-නෑ---ගම්මන්පිල/11-355483
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Un ka gahuwa misak ubala ka gahuwe nane. ithin ubalata awulak wenna widihak na:D:D:yes::yes:;):D:D:D
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ඇමරිකාවට අක්කර දොලොස් ලක්ෂයක් කුනු කොල්ලයට දෙන අර ගිවිසුමට අත්සන් කරන්න ගෝටා තීරනය කරලා.මේක අත්සන් කරන්න යනකොට කෑගහපු බලු ගොම්මන්පිල මේකට පක්ෂයි.විමලුත් කමක් නෑලු.:lol::lol:


    Ethakota ara GMOA nari ranchuva??
     

    GreenLion

    Member
    Jul 25, 2012
    155
    16
    0
    අත්සන් කරපන්කො බලන්න. මේ රට පර සුද්දන්ට පාවා දෙන්න මේ කොල සිංහයන් එක්ක හම්බ වෙන්නේ නෑ.මුලු ආන්ඩුවම බාවනවා. අපි ආපහු බලේට ලගදිම එනවා.අපි බලේ ගන්නවා.මේ රට ගෝටාගෙන් බේරාගන්නවා.ක්‍රම සහ විධි අපි දන්නවා.:frown::frown:
    🦁🦁🦁🦢🦢🦢🦁🦁🦁