me kurulla mokekda?

bhat

Member
Jun 30, 2007
2
0
1
Galapagos0721OBird.jpg


http://www.ilankelman.org/galapagos/Galapagos0721OBird.jpg
 

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,333
    113
    ow feigate ගෑනු සතෙක් ඉන්දියාවෙ උඩ පැත්තෙ ඉන්නවා උන්.:yes:

    Possibly a Christmas Island FrigateBird. An adult male with a distinct white belly patch.
    Normally does not migrate as far as SriLanka but this one did.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ආනවිලුන්දාවේ අත්භූත පක්ශියා කවුද?
    ===============================


    මේ පහත ඡායාරූප උපුටා ගත්තෙ ලංකාවේ ප්‍රවෘත්ති පලකරන පිටු කිහිපයකින්. ඊයේ දවසෙදි මේ ප්‍රවෘත්තිය පලකරලා තිබ්බෙ
    "ආනවිලුන්දාවට අත්භූත පක්ශියෙක් පැමිණෙයි, ලංකාවේදි මින් පෙර නොදුටු පක්ශියා" වගේ මාතෘකා යටතේ. ඇත්තටම මේ
    පක්ශියා අත්භූත නැහැ. මේ පක්ශි විශේෂය හඳුන්වන්නේ ෆ්‍රිගෙට් බර්ඩ් කියලා. ෆ්‍රෙගටිඩේ නැමැති කුලයට අයත්වන ෆ්‍රිගෙට් බර්ඩ්
    විශේෂ පහක් ලෝකේ ජීවත් වෙනවා. මේ පහෙන් පහත ඡායාරූප වල ඉන්නෙ 'ක්‍රිස්මස් ෆ්‍රිගෙට් බර්ඩ්' (Christmas frigate bird)
    විද්‍යාත්මකව Fregata andrewsi විශේෂය.

    දැන් ඊයේ දිනයෙදි පලවුන පුවත් වල තිබ්බෙ වනජීවි නිළධාරීන් පවා සඳහන් කරලා තියෙන්නෙ ලංකාවෙන් මින්පෙර වාර්තා නොවුන
    පක්ශි විශේෂයක් කියලා. මේ කතාව මෙහෙම්මම වනජීවී නිළධාරීන් කියලා තියෙනවනම් (ලංකාවේ කිසිම පුවත්පතක පලවන තොරතුරු
    මූලාශ්‍ර කිහිපයකින් තහවුරු කරගන්නා තෙක් අසත්‍ය තොරතුරු ලෙස මම උපකල්පනය කරනවා) ඒක සම්පූර්ණයෙන් වැරදි කතාවක්.
    ක්‍රිස්මස් ⁣ෆ්‍රිගේට්ස්ලා ⁣ලංකාවෙන් ඕන තරම් වාර්තා වෙනවා. ලංකාවේ පක්ශී අධ්‍යනය කරන්නන්ගෙන් ඇහුවොත් මේ පිළිබඳව සාක්ශි
    වාර්තා සටහන් ලබා ගන්න පුළුවන්.

    මේ පින්තූරේ ඉන්න ෆ්‍රිගෙට් නොමේරූ පක්ශියෙක්. සාමාන්‍යයෙන් මේ පක්ශි විශේෂයේ ද්වීලිංගිකත්වය (පිරිමි ගැහැණු වෙනස) අධ්‍යනයෙන්
    සොයා ගැනීමට පුළුවන් වෙන්නෙ වසර තුනක් පමණ වැඩුණු පසු. එතකම් කුමන ලිංගයට අයත්ද කියන්න ටිකක් අපහසුයි. සම්පූර්ණයෙන්
    වැඩුණු පසු පිරිමි සත්වයා කළු පැහැයෙනුත් රතු පැහැති ගෙල පවතින වායව මල්ලත් (gular sac) සමඟ දකින්න පුළුවන්. ගැහැණු
    සත්වයා සුදු සහ කළු වර්ණයෙන් තමයි දකින්න පුළුවන් වෙන්නෙ.

    ෆ්‍රිගෙට්ස්ලා කියන්නෙ පක්ශින් අතරින් ඉතාමත් ශූර පියාසරන්නන්. ෆ්‍රිගේට්ස්ලා පියාසරන විටදි ඔවුන්ටම ආවේණික හැඩයක් පවතිනවා.
    gliding, soaring, manoeuvring, hovering ආදී පියාසැරි උපක්‍රම සියල්ලේම ඉතාමත් දැකුම්කළු ලෙස හැසිරීමට ⁣ෆ්‍රිගෙට්ස්ලට
    හැකියාව තියෙනවා. සම්පූර්ණයෙන් වැඩුණු ක්‍රිස්මස් ෆ්‍රිගේට් කෙනෙකුගෙ පියාපත් දෙකෙලවර අතර දුර( wingspan) අඩි 7 ඉක්මවනවා.

    ක්‍රිස්මස් ෆ්‍රිගේට්ලට නම ලැබෙන්නෙ ඔවුන් ඉන්දියානු සාගරයේ ඈතින් පිහටන ක්‍රිස්මස් දූපත් වාසීන් නිසා. IUCN වර්ගීකරණය යටතේ
    අතිශය අන්තරායකාරී (Critically endanhgred) තත්වයට නම් කර තිබෙන ෆ්‍රිගේට්ස්ලා ඉක්මනින්ම වඳව යන්න පුළුවන් විශේෂයක්.

    අත්භූත පක්ශියාගෙ තොරතුරු තමයි මේ. ක්‍රිස්මස් දූපත්වාසීන් ලංකාවට එනවා. ඉතින් ඔවුන්ව අපිට දැකගන්න දුර්ලභ අවස්ථාවක් ලැබිලා
    තියෙනවා. මෙහෙම අමුතු පක්ශියෙක් දැක්ක ගමන් අල්ලන්න යන්න එපා දරුණුම තුවාල නැත්තන්. ඔවුන් මෙරටට ලඟාවන්නෙ දීර්ඝ
    පියාසැරියකින් පසුව. මේ පියැසැරිය නිමා කරන විට ඉතාමත් දුර්වල තත්වයෙන් ඔවුන් හිටියත් ඉක්මනින්ම නැවත යථා තත්වයට පත්වෙන්න
    ස්වාභාවික හැකියාව තියෙනවා. අැල්ලුවම වෙන්නෙ stress response එකක් ඇතිවෙලා මරණයට පත්වෙන්න පවා හැකිවීම.
    (මේ අවස්ථාවේ ඇල්ලුවේ සාධාරණ හේතුවකටද නැද්ද කියන්න මම දන්නෙ නෑ, සමහරවිට පක්ශියා තුවාල වෙලා ඉන්න ඇති)


    පරිණාමික දිනපොත