me kurulla mokekda?

Jun 18, 2014
7
2
0
image_f6bde1d194.jpg

image_7454db57cc.jpg

වනජීවි නිලධාරීන්ට පවා හඳුනා ගත නොහැකි පක්ෂියකු මුතුපන්තිය දුපතේ පියඹා යාමට නොහැකිව රැදි සිටියදී ගම්වාසින් විසින් ආනවිළුන්දාව වන ජීවි කාර්යාලයේ නිලධාරීන්ට බාර දීමට අද (14) කටයුතු කර තිබුණි.

කිසිදු දිනක මෙරටට පැමිණ නැති දුර්ලභ ගණයේ පක්ෂියෙකු බවට තොරතුරු ඇති මෙම සත්වයා අනවිළුන්දාව රම්සා අභය භූමියට ආසන්නයෙන් මුතුපන්තිය දූපතට පැමිණ සිටියදී ගම්වාසීන් විසින් අල්ලා ගෙන වන ජීවී නිලධාරීන්ට බාරදීමට කටයුතු කර ඇත.

මෙම පක්ෂීයාගේ තටු සැළලිහිණියකුට සමාන බවත් එක් තට්ටක් සෙන්ටිමිටර් 109 ක් දිගින් යුතු බවද වන ජීවි නිලධාරීහු පවසති.

ඊයේ (13) වැනිදා රාත්‍රීයේ මෙම පක්ෂයා මුතුපන්තිය දූපතට පැමිණ ඇති අතර පසුව ගම්වාසීන් විසින් මෙම පක්ෂියාව හොයා ගෙන ඇති බව කියයි.

හොට සහ වළිගය දිය කාවෙකුගේ හැඩය ගන්නා මෙම පක්ෂියාගේ පාද රාජාලියෙකුගේ පාද වලට සමාන බව වන ජීවී නිලධාරීහු කියති.
 

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    මේ අර යකාරි එකේ හිටපු ඉගිල්ලෙන්ඩ බැරි ඩයල් එක නේද. :lol::lol: