මැදගම ආදර්ශ විද්‍යාලය අසල මාර්ගයේ කහ ඉර මතදී සිදුවු රිය අනතුරකින් පාසල් ශිෂ්‍යයෙකු තුවාල ලබා උඩුගම මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. තම පියා දැකීමත් සමඟ මාර්ගය දෙපස නොබැලු දරුවා කහ ඉර මතින් ඉතා වේගයෙන් පාර හරහා මාරුවීමට උත්සාහ කළ අවස්ථාවේදී මොරවක දෙස සිට නෙළුව දෙසට ධාවනය වු මෙම වෑන් රථයක් ගැටී තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුවා ප්‍රදේශවාසීන් එක්ව නෙළුව මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩුගම මූලික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
විදේශ ගත වීමට සිටින පුද්ගලයෙකු ඇතුළු පිරිසක් දෙනියායේ සිට කටුනායක ගුවන් තොටුපළ දක්වා රැගෙන යෑමේ දී මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර පාසල ආසන්නයේ පාසලක් ඉදිරියෙන් ඇති බව අඟවන සංඥා පුවරු සවිකර නොමැති නිසා මෙවැනි රිය අනතුරු සිදුවන බව ප්‍රදේශ වාසීන් පවසනවා.
එම අනතුර පාසල ඉදිරිපිට වෙළඳ සැළක සවි කර තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී තිබුණේ මෙලෙසින්.

dennama waradi.