

එත් ඒක හෙන වැරදි දෙයක් බන්..ගැහැණු දොස්තරලා අඩු කමට කියල පිරිමි වෛද්‍ය කෙනෙක්ට පෙන්නන එක සාදාරනය කරන්න බැහැ..ඒ මිනිස්සු ඒවා ගැන අධ්‍යනය කරලා, ඕව සාමාන්‍ය දේවල් බවට පත් වෙලා තමයි තියෙන්නේ..නමුත් ඒ මනුස්සය රහත් වෙලා නැහැනේ...
අනික එහෙම වෙලාවට ඒ කාන්තාවගේ ස්වාමියා වගේම කාන්තාවත් අපහසුතාවෙට පත් වෙනවා..නමුත් කරන්න දෙයක් නැති කමට එක ඉවසන්න වෙනවා..ඒ වෙලාවේදී ඔය කාන්තාවගේ නිරුවත ලොකු දෙයක් නෙමෙයි තමයි, දරුවෙක් ලැබෙන මොහොතක..නමුත් එහෙම ඇදුම් ගලවන්න වෙන තව අසනීප තියෙනවා නේ...
මම නම් කියන්නේ කාන්තා වෛද්‍යවරියන් තව ඒ ඒ විෂයන් සම්බන්දයෙන් ඇති කරවන්න ඕනේ...කාන්තා වෛද්‍යවරියන් අඩුයි කියල පිරිමි ඩොක්ටර් කෙනෙක් බලන එක සාදාරනය කරන්න බැහැ..
මට ප්‍රශ්නේ තියෙන්නේ ඇයි මිනිස්සු ඒ ගැන කතා කරන්නේ නැත්තේ කියලා...
දැන් නිකමට හිතපන්, මුර ගේට්ටුවක කාන්තාවක් පරීක්ෂා කරන්නේ කාන්තාවක්..ඔතන පිරිමි කෙනෙක් හිටියොත් මොනවා නොකියයිද? ඒ උනත් පිරිමි ඩොක්ටර් කෙනෙක් ට එක අදාළ වෙන්නේ නැහැ...
දැන් ගොඩක් උන් කියයි මුරට ඉන්න එකා වගේද ඩොක්ටර්, ඒ මිනිස්සු අරකයි මේකයි කියල..ඒ උනත් ඇත්ත කතාව ඕක නෙමෙයිනේ..ගැහැණු වෛද්‍යවරු අඩු නිසා නේ පිරිමි කෙනෙක්ට පෙන්නන්නේ..ගැහැණු වෛද්‍යවරු ඕනේ තරම් හිටියනම් කොයි මනුස්ස්යෙක්වත් තමන්ගේ ගෑනිව පිරිමි ඩොකෙක් ගාවට ගෙනියයිද?
ඉතින් ඔතන මුල තියෙනේ ගැහැණු වයිද්යවරු අඩු කම...මම නම් දකින්නේ එතන ලොකු වැරද්දක් තියෙනවා කියල...