Mega Thread on Buddhism

Kasem

Member
Apr 29, 2010
665
52
0
2600 වන ශ්‍රී සම්බුද්ධජයන්තියට සමගාමීව
EK Buddhist Monastery
සමූහය විසින් ආරම්භ කරන
බුද්ධ ධර්මය පිළිබද සාකච්ඡා කරන EK මණ්ඩපය මෙලෙස දිගහැරෙන වගයි.
:D:D:D

2600copy.jpg

මෙම ත්‍රෙඩ් එක ගැඹුරු දහම් කරුණු සාකච්ඡා කරන ස්ථානයක් බැවින් සංවාදයේ දී මෙම කරුණු සැලකිල්ලට ගන්න.

01. මෙය සංවාදයට විවෘත වන අතර වාද විවාද වලට පැටලෙන්න එපා :no:
02. සෑම අවස්ථාවක දීම තම මතය පමණක් ඉදිරිපත් නොකර මූලාශ්‍ර ද ඉදිරිපත් කරන්න බලන්න :yes:

03. සිංහල ප්‍රධාන භාෂාව වන අතර ඉංග්‍රීසියද භාවිතා කළ හැකිය.:)

04. එළකිරියේ නීති රීති ගැන සැළකිලිමත් වන්න.:)

salayathana+udanaya2.jpg

හරිම අගෙයි මිත්‍රයා...:yes:
"2600 ශ්‍රි සම්බුද්ධ ජයන්තිය" වෙනුවෙන් මේ වගේ වැදගත් හුයක් ආරම්භ කිරීම වෙනුවෙන් ඔබට විශේෂ ස්තූතිය
EK Buddhist Monastery වෙනුවෙන් පිරිනමනවා..

තෙරුවන් සරණයි..!

Kasem

Member
Apr 29, 2010
665
52
0
හරිම අගෙයි මිත්‍රයා...:yes:
"2600 ශ්‍රි සම්බුද්ධ ජයන්තිය" වෙනුවෙන් මේ වගේ වැදගත් හුයක් ආරම්භ කිරීම වෙනුවෙන් ඔබට විශේෂ ස්තූතියEK Buddhist Monastery වෙනුවෙන් පිරිනමනවා..

තෙරුවන් සරණයි..!

ජයවේවා!!
මෙම හූය ගැඹුරු දහම් කරුණු සාකච්ඡාව සදහා යොදාගන්නවානං අනර්ඝයි!:)
 
nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
එල වැඩක්!
සාමාන්ය එදිනෙදා ජීවිතයට සම්බන්ද දහම් ගැටලුවක් ඇහුවට කමක් නැද්ද? :)
 
Kasem

Member
Apr 29, 2010
665
52
0
ත්‍රෙඩ් එකට ආරම්භයක් ගන්න මෙම රූපරාමු වලින් දෙන දහම් පණිවිඩය වටිනවා කියලා හිතුනා..:yes:

Kasem

Member
Apr 29, 2010
665
52
0
එල වැඩක්!
සාමාන්ය එදිනෙදා ජීවිතයට සම්බන්ද දහම් ගැටලුවක් ඇහුවට කමක් නැද්ද? :)

අයියෝ..නදුන් අයියෙ..ඕකත් අහන්න දෙයක්ද..කමක් නෑ..:yes:
 
nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
අයියෝ..නදුන් අයියෙ..ඕකත් අහන්න දෙයක්ද..කමක් නෑ..:yes:

අපි පන්සල් වලට යනකොට caps, සපත්තු ගලවලා යන එක අනිවාර්ය ඇයි? ඒක පවක් වෙන තරමට දරුනු වැරැද්දක් හැටියට සලකන්නෙ ඇයි? :eek:
 
Kasem

Member
Apr 29, 2010
665
52
0
අපි පන්සල් වලට යනකොට caps, සපත්තු ගලවලා යන එක අනිවාර්ය ඇයි? ඒක පවක් වෙන තරමට දරුනු වැරැද්දක් හැටියට සලකන්නෙ ඇයි? :eek:

:eek:මම හිතුවෙ ගැඹුරු ධර්ම කරුණක් ගැන අහාවි කියලා...අවුලක් නෑ..බලමු මේ ගැන කට්ටියගෙ අදහස්..:yes:
 
nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
:eek:මම හිතුවෙ ගැඹුරු ධර්ම කරුණක් ගැන අහාවි කියලා...අවුලක් නෑ..බලමු මේ ගැන කට්ටියගෙ අදහස්..:yes:

hehe.. ඒකනෙ කලින්ම කිව්වෙ "සාමාන්ය එදිනෙදා ජීවිතයට සම්බන්ද දහම් ගැටලුවක්" කියලා ;)
 
Kasem

Member
Apr 29, 2010
665
52
0
hehe.. ඒකනෙ කලින්ම කිව්වෙ "සාමාන්ය එදිනෙදා ජීවිතයට සම්බන්ද දහම් ගැටලුවක්" කියලා ;)

අහ්...මේ ගැන කලිනුත් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා මම දැක්කා..:yes:
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
බුදු දහම අනාත්මවාදයක්. මම කියා කෙනෙක් නැහැ. එහෙම නම් සංසාරයේ ගමන් කරන කෙනා කවුද? එක් ජීවිතයක සිට තවත් එකකට ඇති සම්භන්දය කුමක්ද?
 
  • Like
Reactions: one_genuine

mermaids

Member
Sep 29, 2009
66
8
0
අපි පන්සල් වලට යනකොට caps, සපත්තු ගලවලා යන එක අනිවාර්ය ඇයි? ඒක පවක් වෙන තරමට දරුනු වැරැද්දක් හැටියට සලකන්නෙ ඇයි? :eek:

අනිවාර්යයි කියන වචනය වෙනුවට ගෞරවාන්විතයි කියන වචනය සුදුසුයි.සාමාන්ය ජීවිතය තුලදී අපිට යම් යම් කටයුතු වලදි තැනට සුදුසු විදියට හැසිරිය යුතු වෙලාවන් තියනවා.ඉතින් ඔය කාරනයදී ඇත්තටම පවක් සිදු වෙනවනම් සිදු වෙන්නෙ බුදු රජානන් වහන්සේ කෙරෙහි හෝ ධර්මය කෙරෙහි හෝ ශ්‍රාවක සංගයා කෙරෙහි අපැහිදුනු සිතකින් හෝ දුශ්ට සිතකින් හිතා මතාම ඔය වැනි ආකාරයකට හැසිරුනොත් විතරයි කියල මට නම් හිතෙන්නෙ මොකද චේතනාවම කර්මය යැයි දෙශනාවේ වදාල නිසා.ඕකට හොන්දම උදාහරනෙ තමයි බිම්බිසාර රජතුමාගේ කතාව.

ඒ වගේම සමහරක් පිරිස් පන්සලට එන්නෙ වෙන අරමුනකින්, අපි කියමු කෙල්ලෙක් බලන්න කියල:), ඉතින් ඒ වගේ සිද්දීන් වලදි ඒ පුද්ගලයින්ගෙ මෝහය නිස, මෝහ අරමුනේ හිත පැවැත් වීම නිසා සිතින් අකුසල් වෙන්න පුලුවන්.

ඇත්තටම බුදු රජානන්වහන්සෙ කියන්නෙ ලෝකෙට පහල උනු අසිරිමත්ම මනුශ්ය රත්නයක්.ඉතින් උන් වහන්සේට කා තුල හරි යම් භක්තියක් ඇතිවුනොත් එයාට නිතැතින්ම සිතුවිල්ලක් එනව මම මගේ ශාස්තෘන් වහ්න්සේට ගෞරව ඇති බැවින් මේසෙ හැසිරීම තමඉ සුදුසු කියල.එහෙම කෙනෙක්ට කුසලුත් වැඩෙනව ඒ වගේම එවන් අය දකින කෙනෙක්ටත් එයා ගැන පැහැදීමක් එනව, ඒක එයාට ලාබයක්.

අපි සෑම විටම දක්ශ වෙන්න ඕන සමාජය හා නොගැටී නුවනින් යුක්තව කුසල් රැස් කරන්න. ඉතින් මේක මගේ අදහස පමනයි.:yes:
තෙරුවන් සරනයි
 
  • Like
Reactions: nadun07

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
හොඳ ත්‍රෙඩ් එකක් සහෝ...:yes::yes:අපේ සහයෝගයත් දෙන්නම් පුළුවන් විදියට.:yes::yes:
තෙරුවන් සරණයි..:)
 
mermaids

Member
Sep 29, 2009
66
8
0
බුදු දහම අනාත්මවාදයක්. මම කියා කෙනෙක් නැහැ. එහෙම නම් සංසාරයේ ගමන් කරන කෙනා කවුද? එක් ජීවිතයක සිට තවත් එකකට ඇති සම්භන්දය කුමක්ද?

බුදු දහම තුල තමයි අනාත්මවාදය තියෙන්නෙ. ඔතනදි අය්යෙ ඇත්තටම අපි තෙරුම් ගන්න ඕන කරුනු දෙකක් තියනව.
වරක් සමුද්දි තෙරුන් බුදු රජානන් වහන්සේගෙන් අසනව භාග්යවතුන් වහන්ස සත්වයා සත්වයා කියන්නෙ මොන අර්ත ඇතිවද? කුමන තේරුමකින්ද කියල. ඒ මොහොතේ බුදු රජානන් වහන්සේ පිලිතුරු දෙනව "පින්වත් භික්ෂුව යම් තැනක ඇස තිබේ නම් රූපය තිබේනම් චක්කු වින්ඥානය ඇදද එතන සත්වයා කියන පැනවීම තිබේ. ඔය විදියට ආයතන හය කෙරෙහිම විස්තරයක් කරන්ව" ඉතින් අපිට පැහැදිලි සත්වයා කියන දේ පවතින්නෙ ආත්මවාදය තුල සිටි විට හා අනාත්මවාදය තේරුම් නොගත් නිසා බව.එහෙම කේනා තමඉ සන්සාරේ අයිත් අයිත් යන්නේ.
මම කියා දෙයක් නැති බව අවබෝද කල කෙනා තමයි සන්සාරේ යන්නේ නැත්තෙ(රහතන් වහන්සේ).ඉතින් මේක අනාත්මයි කියල අවබෝද නොකරන තුරු සත්වයා සන්සාරේ කියලයි බුදු රජානන්වහන්සේ දෙසනා කරේ.

එක් ජීවිතයක සිට අනිත් ජීවිතයකට මේ සත්වයා රැගෙන යන්නේ භවයයි එනම් විපාක වින්දින්න කර්ම සකස් වීමයි කියලඉ බුදු රජානන් වහන්සේ දෙශනා කරේ(භව පච්චයා ජාතී). කර්ම විපාකයට අනුව එයාගේ වින්ඥානයත් නාමරූපයත් හටගන්නව ඒකම තමයි ඉපදීම කියලඉ දෙශනා කරේ.
 
  • Like
Reactions: AncientGlory

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
50
Kottawa

අනාත්මවාදයක් තියෙනවා කිව්වාම "ආත්මයක් නැහැ" කියන එක එනවා..එතකොට ඒක අන්තයකට වැටෙන්වා.. බුදුපියාණන්වහන්සේ දේශණාකලේ.. ඇත කියාත් ගන්න එපා නැත කියාත ගන්න එපා... "හරයක් නැහැ කියන එක ගන්න" .. ඒ කිව්වේ අසාරත්වය දකින්නයි.

සත්ව = පංචකාම වස්තූන්ට ජන්දරාගෙන් බැඳිලා මම මගේ කියලා බදා ගන්න නිසා සත්ව වෙනවා

මින් බණ අසා ධර්මාවබෝධයෙන් පස්සේ සත්ව කියන එක අඩුවෙලා "පුද්ගල" (අට්ඨ පුරිස පුග්ගලා) කියන තත්වයට පත්වෙලා "අරිහත්වයෙන්" 100% සත්ව භාවයෙන් මිදෙනවා.

-------------

"මම" කියන්නෙ දෘෂ්ඨියක් .. උදාහරණයක් කියනවා නම් අපි රත්‍රන් මාලයක් දාගෙන කෙනෙක්ගෙන් අහනවා මේක ලස්සනයිද කියලා.. අනෙක් කෙනා කියනවා.. ෂා... හරි ලස්සනයිනෙ කියලා.. අපේ හිතේ තියෙන්වා ඒක රත්‍රන් මාලයක් සහා ලස්සනයි කියලා.. ඊට පස්සේ කෙනෙක් (අපි හිතමු රන්කරුවෙක් කියලා) ... ඔප්පු කරල පෙන්නනවා මාලේ රත්‍රන් නෙමෙයි .. ඒක ඉමිටේෂන් එකක් කියල... දැන් කවුරුහරි මාලේ ලස්සනයි කිව්වොත් මොකක් හිතෙයිද... ලස්සනයි කියලා හිතෙයි ඒත් අර රත්‍රන් කියන හැඟීම දෘෂ්ඨිය නැහැ ...

"මම" කියන්නෙත් ඔය වගේ එකක්..
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
බුදු දහම තුල තමයි අනාත්මවාදය තියෙන්නෙ. ඔතනදි අය්යෙ ඇත්තටම අපි තෙරුම් ගන්න ඕන කරුනු දෙකක් තියනව.
වරක් සමුද්දි තෙරුන් බුදු රජානන් වහන්සේගෙන් අසනව භාග්යවතුන් වහන්ස සත්වයා සත්වයා කියන්නෙ මොන අර්ත ඇතිවද? කුමන තේරුමකින්ද කියල. ඒ මොහොතේ බුදු රජානන් වහන්සේ පිලිතුරු දෙනව "පින්වත් භික්ෂුව යම් තැනක ඇස තිබේ නම් රූපය තිබේනම් චක්කු වින්ඥානය ඇදද එතන සත්වයා කියන පැනවීම තිබේ. ඔය විදියට ආයතන හය කෙරෙහිම විස්තරයක් කරන්ව" ඉතින් අපිට පැහැදිලි සත්වයා කියන දේ පවතින්නෙ ආත්මවාදය තුල සිටි විට හා අනාත්මවාදය තේරුම් නොගත් නිසා බව.එහෙම කේනා තමඉ සන්සාරේ අයිත් අයිත් යන්නේ.
මම කියා දෙයක් නැති බව අවබෝද කල කෙනා තමයි සන්සාරේ යන්නේ නැත්තෙ(රහතන් වහන්සේ).ඉතින් මේක අනාත්මයි කියල අවබෝද නොකරන තුරු සත්වයා සන්සාරේ කියලයි බුදු රජානන්වහන්සේ දෙසනා කරේ.

එක් ජීවිතයක සිට අනිත් ජීවිතයකට මේ සත්වයා රැගෙන යන්නේ භවයයි එනම් විපාක වින්දින්න කර්ම සකස් වීමයි කියලඉ බුදු රජානන් වහන්සේ දෙශනා කරේ(භව පච්චයා ජාතී). කර්ම විපාකයට අනුව එයාගේ වින්ඥානයත් නාමරූපයත් හටගන්නව ඒකම තමයි ඉපදීම කියලඉ දෙශනා කරේ.

ඔබේ මේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි. බොහෝම ස්තුතියි. නමුත් මා පිලිතුර සොයන ප්‍රශ්නය තවත් පැහැදිලි කර තවත් විස්තර දැන ගැනීමට බලාපොරොත්තු වෙනවා.

යමෙක් අනාත්මවාදය තේරුම් ගත්තත් නැතත්, ඔහුට ආත්මයක් නැහැනේ? අන්න එනිසා ගමන් කරන්නේ කුමක්ද සසරේ කියන ප්‍රශ්නය මතු වෙනවා. ගමන් කිරීමට හේතුව නොවේ, ගමන් කරන්නේ කුමක්ද යන්න.

අනිත් කරුන තමා, අප කරන කර්ම භවයට සම්බන්ධ වෙන්නේ කෙසේද යන්න. ඒ කියන්නේ මා අසන්නේ මේ වගේ දෙයක්, මගේ කර්ම එක් රැස් වෙන ස්ථානය කුමක්ද?
 
බොහොම වටිනා ප්‍රශ්න දෙකක් අය්යේ

1.මේ සන්සාරේ ගමන් කරන්නේ කුමක්ද?
අපි යම් දෙයක් ගමන් කරන්නේ යැයි ගත්තොත් එතන යම්කිසි නිත්ය දෙයක් නැතහොත් ආත්මයක් වැනි වු යමක පැනවීමක් එනව.නමුත් මෙහිදි වෙන්නෙ හෙතු ඵල දහමක ක්‍රියාවක්. ගමන් කරන්වා කියල ඇත්තටම අදහස් කරන්නේ ඉපදි ඉපදි යනව කියන එකනේ.ඒ කියන්නේ අපි මෙහෙන් චුත වෙනකොට අපිට කර්මානුරූපව කයක් සහ හිතක් යන දෙකම වෙන තැනක හැදිල.හිතත් කයත් දෙකම එකට තමයි ඇතිවෙන්නෙ.මේ දේ සිදුවෙන කාලයක් පනවන්න බැහ.මෙහෙ මැරෙනවාත් එක්කම එහෙ ඉපදිල.අතරමැදි ගන්දබ්බයෙක්වත් මුකුත් නැහැ.ඉතින් මොකක් හරි දෙයක් ගමන් කරනව කියන දෙය නෙවේ ඇත්තටම වෙන්නෙ හේතු ඵල දහමකට අනුව ඉපදීම සකස් වෙවී යන එක.
ඉතින් මේ ගමන නවත්තන්න නම් ඉපදීමට හේතුවඉ නැති කරන්න ඕන.ඔය ඉපදිච්ච සත්වයා තුල තමයි මම කියන දෘශ්ටිය හට ගන්නේ.
හැබැයි මෙතන පටල ගන්න එපා නිත්ය වුනු සිතක් නෙවේ සන්සාරේ දිගටම ඇතිවෙන්නෙ. මේ සිතත් හේතුන්ගෙන් හට ගත් දෙයක් නිස ඒකෙත් හටගැනීමයි, පැවතීමයි, නැතිවීමයි කියන දෙය වෙනව.
මේ සිත නිරුද්ද වෙනකන් එයා සනසාරේ ගමන් කරනව ඒ කියන්නෙ හේතුන් පෝශනය වීමෙන් ඉපදි ඉපදි යනව.

2.කර්ම භවයට සම්භන්දවීම හා කර්ම එක් රැස් වීම.

ඇත්තටම මෙතන තැනක් හෝ ස්තානයක් අපි පනවන්න ගියොත් ආයිත් අපි නිත්ය දෙයක් තමයි නේද ඒ හිතල තියෙන්නේ.ඉතින් ස්ථානයක නෙවේ මේක සිද්ද වෙන්නේ එතනත් හේතුන් හැදි හැදි පැවතීමක් තමයි සිදු වෙන්නෙ. මේ පටිච්ච සමුප්පදය කියන ක්‍රියාවලිය හැම වෙලේම අපි තුල ක්‍රියාත්මකයි.
ඒ වගේම දේශනාවේ සන්දහන් වෙනව ආශ්‍රව කියල උපකෙලෙස් ගැන. මේක එකතු වෙන තැනක් එහෙම පනවන්න බැහැ.නමුත් මේක හරියට ෆොටෝ කොපි මැශින් එකකට වගේ දෙයකට සමාන කරන්න පුලුවන් බව ස්වාමින්වහන්සේ නමක් දේශනා කරා. ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් කරාම ඒකට අනුරූප විපාකය ඒත් සමගම අපට රැස් වෙනව කියල. හරියට අපි ෆොටෝ කොපියක් ගහල එලියට දානකට ඒ හා සමාන කොපි එකක් හරි කීපයක් හැරි ඇතුලට එනව කියල. ඉතින් යම් මොහොතක ඒවාට සුදුසු විදියට පරිසරය සකස් උනාම අර ඇතුලට ගියපු කොපිය එලියට එනව.එතකට කියනව කර්ම විපාක දෙනව කියල.ඉතින් මේ කර්මයයි ආශ්‍රවයයි කියන දේ වෙනස මම ස්වාමින් වහන්සේ නමකගෙන් අහගන්න ඉන්නෙ.
උදා හරනයකට හිතන්න මුගලන් මහ රහතන් වහන්සේ මවු පියා මරපු විපාකය එක් කවරක් නෙවේ බොහෝ වර පල දුන්න.ඒකයි කොපි කීපයක් හැදෙන්න පුලුවන් කිව්වෙ.කරමය එක් රැස් වෙන්වා කියල අපිට හිතෙන්නෙ ඒක භෞතික ස්වරූපයෙන් හිතන්න ගියොත් කියලයි මට හිතෙන්නෙ.හරියට අපි පින් පව් කොහෙද තියෙන්නෙ කියල හිතන්න යනව වගේ.

බුදු රජානන් වහන්සේ මෙහෙමත් දෙශනා කරල තියනවා"කම්ම විෂයෝ අචින්ත්යෝ- මේ කරම විෂය නියමාකාරව දන්නේ උන් වහන්සේ බවත් අපට ඒය සිතා අවසන් කල නොහැකි බවත්".
 
Last edited:
  • Like
Reactions: one_genuine
අපි පන්සල් වලට යනකොට caps, සපත්තු ගලවලා යන එක අනිවාර්ය ඇයි? ඒක පවක් වෙන තරමට දරුනු වැරැද්දක් හැටියට සලකන්නෙ ඇයි? :eek:

අනිවාර්යයි කියන වචනය වෙනුවට ගෞරවාන්විතයි කියන වචනය සුදුසුයි.සාමාන්ය ජීවිතය තුලදී අපිට යම් යම් කටයුතු වලදි තැනට සුදුසු විදියට හැසිරිය යුතු වෙලාවන් තියනවා.ඉතින් ඔය කාරනයදී ඇත්තටම පවක් සිදු වෙනවනම් සිදු වෙන්නෙ බුදු රජානන් වහන්සේ කෙරෙහි හෝ ධර්මය කෙරෙහි හෝ ශ්‍රාවක සංගයා කෙරෙහි අපැහිදුනු සිතකින් හෝ දුශ්ට සිතකින් හිතා මතාම ඔය වැනි ආකාරයකට හැසිරුනොත් විතරයි කියල මට නම් හිතෙන්නෙ මොකද චේතනාවම කර්මය යැයි දෙශනාවේ වදාල නිසා.ඕකට හොන්දම උදාහරනෙ තමයි බිම්බිසාර රජතුමාගේ කතාව.

ඒ වගේම සමහරක් පිරිස් පන්සලට එන්නෙ වෙන අරමුනකින්, අපි කියමු කෙල්ලෙක් බලන්න කියල:), ඉතින් ඒ වගේ සිද්දීන් වලදි ඒ පුද්ගලයින්ගෙ මෝහය නිස, මෝහ අරමුනේ හිත පැවැත් වීම නිසා සිතින් අකුසල් වෙන්න පුලුවන්.

ඇත්තටම බුදු රජානන්වහන්සෙ කියන්නෙ ලෝකෙට පහල උනු අසිරිමත්ම මනුශ්ය රත්නයක්.ඉතින් උන් වහන්සේට කා තුල හරි යම් භක්තියක් ඇතිවුනොත් එයාට නිතැතින්ම සිතුවිල්ලක් එනව මම මගේ ශාස්තෘන් වහ්න්සේට ගෞරව ඇති බැවින් මේසෙ හැසිරීම තමඉ සුදුසු කියල.එහෙම කෙනෙක්ට කුසලුත් වැඩෙනව ඒ වගේම එවන් අය දකින කෙනෙක්ටත් එයා ගැන පැහැදීමක් එනව, ඒක එයාට ලාබයක්.

අපි සෑම විටම දක්ශ වෙන්න ඕන සමාජය හා නොගැටී නුවනින් යුක්තව කුසල් රැස් කරන්න. ඉතින් මේක මගේ අදහස පමනයි.:yes:
තෙරුවන් සරනයි

:yes::yes::yes:
ඔව් අනිවාර්යයි කියන වචනය වෙනුවට ගෞරවාන්විතයි කියන වචනය සුදුසුයි.
අපි පන්සල් වලට යනකොට caps, සපත්තු දාගෙන යනවනම් ඒක තෙරුවන් කෙරෙහි කරන්නාවු අගෞරවයක්.
යම්කෙනෙක්
තෙරුවන් කෙරෙහි අගෞරවයක් ලෙස හැසිරෙනවනම්, ඒක තමයි පවක් විදිහට සලකන්නේ.:)

AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
බොහොම වටිනා ප්‍රශ්න දෙකක් අය්යේ

1.මේ සන්සාරේ ගමන් කරන්නේ කුමක්ද?
අපි යම් දෙයක් ගමන් කරන්නේ යැයි ගත්තොත් එතන යම්කිසි නිත්ය දෙයක් නැතහොත් ආත්මයක් වැනි වු යමක පැනවීමක් එනව.නමුත් මෙහිදි වෙන්නෙ හෙතු ඵල දහමක ක්‍රියාවක්. ගමන් කරන්වා කියල ඇත්තටම අදහස් කරන්නේ ඉපදි ඉපදි යනව කියන එකනේ.ඒ කියන්නේ අපි මෙහෙන් චුත වෙනකොට අපිට කර්මානුරූපව කයක් සහ හිතක් යන දෙකම වෙන තැනක හැදිල.හිතත් කයත් දෙකම එකට තමයි ඇතිවෙන්නෙ.මේ දේ සිදුවෙන කාලයක් පනවන්න බැහ.මෙහෙ මැරෙනවාත් එක්කම එහෙ ඉපදිල.අතරමැදි ගන්දබ්බයෙක්වත් මුකුත් නැහැ.ඉතින් මොකක් හරි දෙයක් ගමන් කරනව කියන දෙය නෙවේ ඇත්තටම වෙන්නෙ හේතු ඵල දහමකට අනුව ඉපදීම සකස් වෙවී යන එක.
ඉතින් මේ ගමන නවත්තන්න නම් ඉපදීමට හේතුවඉ නැති කරන්න ඕන.ඔය ඉපදිච්ච සත්වයා තුල තමයි මම කියන දෘශ්ටිය හට ගන්නේ.
හැබැයි මෙතන පටල ගන්න එපා නිත්ය වුනු සිතක් නෙවේ සන්සාරේ දිගටම ඇතිවෙන්නෙ. මේ සිතත් හේතුන්ගෙන් හට ගත් දෙයක් නිස ඒකෙත් හටගැනීමයි, පැවතීමයි, නැතිවීමයි කියන දෙය වෙනව.
මේ සිත නිරුද්ද වෙනකන් එයා සනසාරේ ගමන් කරනව ඒ කියන්නෙ හේතුන් පෝශනය වීමෙන් ඉපදි ඉපදි යනව.
බොහොම ස්තුතියි, මා මේ ගැන තව හිතන්නම්..

එතකොට චුති සිත පහලවෙලා ක්ෂණයකින් ම ප්‍රතිසන්ධි සිත පහල වෙන බවක් මෙතනින් කියවෙනවා. නිකම්ම මතු වෙනවා ප්‍රශ්නය, සිත ගැන ඔබ දක්වන අදහස මොකද්ද? සිත කය අතර සම්භන්ධය පැහැදිලි කලොත්?

ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් කරාම ඒකට අනුරූප විපාකය ඒත් සමගම අපට රැස් වෙනව කියල.
රැස් වෙන්නේ කොතනද කියන ප්‍රශ්නය තමා මට තියෙන්නේ. එහෙම නැත්නම් මොන ස්වරූපයෙන්ද? මා කියන පුද්ගලයාට අයත් කර්ම ටික තමා මෙන්න මේ ටික කියලා කොහෙද තියෙන්නේ?

මේ පටිච්ච සමුප්පදය කියන ක්‍රියාවලිය හැම වෙලේම අපි තුල ක්‍රියාත්මකයි.
මේ කතාව හරි,
නමුත් සත්වයෙකුගේ ජීවිත කාලය සහ මරණයත් සමග යම් සුවිශේශී දෙයක් සිදු වෙනවානේ? අන්න එතනදී වෙන දෙය ගැනයි මගේ උනන්දුව. අනික හැම තැනම කියවෙනවා පෙර කල කර්ම කියලා.. ඉතින් පෙර කල කර්ම ගැන කොහේද තියෙන්නේ? යම් සුවිශේශී ආකාරයකට සත්වයාගේ කර්ම ඔහුට සම්බන්ධව තියෙනවා, ඒ කෙසේද යන්න මට පැහැදිලි නැහැ.

කරමය එක් රැස් වෙන්වා කියල අපිට හිතෙන්නෙ ඒක භෞතික ස්වරූපයෙන් හිතන්න ගියොත් කියලයි මට හිතෙන්නෙ.

ඔබ හරි, නමුත් බුදුදහම භෞතික දෙයක් නොවේ කියා බැහැර කිරීම මුලාවක්. මෙහි භෞතික පැත්ත හඳුනා ගැනීම ඉතා වැදගත් බවයි මට සිතෙන්නේ. ඇත්තටම ඔබ භෞතිකමය පැහැදිලි කිරීමක් දුන්නොත් මා ඉතා කැමතියි. යමෙකුගේ පැහැදිලි කිරීම භෞතික නොවූවත් මා පසුව එය භෞතික රාමුවක් තුල ගොඩ නැගීමට උත්සාහ දරන්වා.