Mega Thread on Buddhism

Kasem

Member
Apr 29, 2010
665
52
0
මේකටත් ගිහිල්ල බල්ලන . සෝමාවතිය ගැන නොදන්නා විස්තර ටිකක් ඔතන තියනවා .
http://www.elakiri.com/forum/showthread.php?t=659189

බොහොම ස්තූතියි සහෝ!:yes:
මමත් ඉමේජස් ටික බාගත්තා!
ත්‍රෙඩ් එකට ආක්‍රමණිකයෙක් ඇවිත් වගේ..:rolleyes:
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
බොහොම ස්තූතියි සහෝ!:yes:
මමත් ඉමේජස් ටික බාගත්තා!
ත්‍රෙඩ් එකට ආක්‍රමණිකයෙක් ඇවිත් වගේ..:rolleyes:

ගණන් හඳුනා එපා ඕව සියල්ලම අනිත්‍ය දේවල් . ටික දවසකින් ඕකුන් නැති වෙලා යනවා :dull::dull:
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මට තියන ගැටළුවක් මමත් ඉදිරිපත් කරන්නම් . මම දවසක් දර්ම දේශනාවකට ඇහුව සුරතෙලේට සතුන් ඇති කිරීම පවක් කියල . මම කැමති සුරතල් මසුන් ඇති කරන්න . මේක පවක් වෙයිද ? දේශනාව කරපු සුවමින් වහන්සේ කිව්වේ මලු නෙමි මොනම සතෙක් හැදුවත් පව් කියල . නමුත් අපි මලු ටැංකි පන්සල් වලත් දකිනවා . :shocked::shocked:
පැහැදිලි කරන්න

අපේ ප්‍රශ්න වලට කෞරුවර්හ් උතර දෙන්නේ නැද්ද ?
 
Kasem

Member
Apr 29, 2010
665
52
0
මට තියන ගැටළුවක් මමත් ඉදිරිපත් කරන්නම් . මම දවසක් දර්ම දේශනාවකට ඇහුව සුරතෙලේට සතුන් ඇති කිරීම පවක් කියල . මම කැමති සුරතල් මසුන් ඇති කරන්න . මේක පවක් වෙයිද ? දේශනාව කරපු සුවමින් වහන්සේ කිව්වේ මලු නෙමි මොනම සතෙක් හැදුවත් පව් කියල . නමුත් අපි මලු ටැංකි පන්සල් වලත් දකිනවා . :shocked::shocked:
පැහැදිලි කරන්න

කර්මයට හේතු ප්‍රත්‍ය වෙන්නෙ චේතනාවනෙ..සතෙක්ව දැක්කම කරුණාව, මෛත්‍රිය වගේ චේතනාවක් ඇතිවෙලා..ඒ චේතනාව පෙරටු කොට ගෙන යම් සතෙක්ව රැකබලා ගන්නවානං පවක් ඇතිවෙන් නෑ..නමුත් සතෙක්ව කූඩු කරලා හිර කරලා එමගින් සතුටක් ලබනවානං පවක් ඇතිවෙනවා..:nerd:
 
Kasem

Member
Apr 29, 2010
665
52
0
ගණන් හඳුනා එපා ඕව සියල්ලම අනිත්‍ය දේවල් . ටික දවසකින් ඕකුන් නැති වෙලා යනවා :dull::dull:

ඒ කතාව ඇත්ත....:yes:
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
කර්මයට හේතු ප්‍රත්‍ය වෙන්නෙ චේතනාවනෙ..සතෙක්ව දැක්කම කරුණාව, මෛත්‍රිය වගේ චේතනාවක් ඇතිවෙලා..ඒ චේතනාව පෙරටු කොට ගෙන යම් සතෙක්ව රැකබලා ගන්නවානං පවක් ඇතිවෙන් නෑ..නමුත් සතෙක්ව කූඩු කරලා හිර කරලා එමගින් සතුටක් ලබනවානං පවක් ඇතිවෙනවා..:nerd:

හරි අපි මලු ටැංකියකට මාළු දන්නේ මරාගෙන කන්නවත් උට හිරිහැර කරන්නවත් නෙමෙඉනෙ . ඉතින් එක පවක් වෙනවද ? එතකොට අයි අර සුවමින්වහන්සේ එහෙම කිව්වේ ? මේක මට හරිම ප්‍රශ්නයක් ?
 
Kasem

Member
Apr 29, 2010
665
52
0
කට්ටියටම 8 වෙනිදා සෝමාවතියේ පින්කමට ආරාධනා කරන්න කැමතී, දුර්ලබ අවස්තාවක් මගහැර ගන්න එපා.:yes:
තෙරුවන් සරනයි

45145802.png

සෝමාවතී පින්කම ගැන විස්තර!

වැඩසටහන පටන් ගන්නේ මැයි 8 වෙනිදා සවස 7ට. එතන ඉඳලා රෑ 12.30 වෙනකල් වන්දනාව සහ විශේෂ ධර්ම දේශනාව පැවැත්වෙනවා. එතැන් සිට හිමිදිරි 6 වෙනකල් පිරිත් සජ්ජායනාව. ඊට පස්සේ පැවැත්වෙන කිරිපිඬු පූජාවෙන් වැඩසටහන අවසන් වෙනවා. උදේ 8 වෙනකොට සියළු වැඩකටයුතු අවසන් කරන්නයි බලාපොරොත්තුව.

සෝමාවතියට ළඟාවෙන්න පුළුවන් ප්‍රධාන මාර්ග තුනක් තියෙනවා.

1. පොළොන්නරුව ඉස්පිරිතාල හන්දියෙන් සෝමාවතිය දක්වා වැටී ඇති මාර්ගය

2. පොළොන්නරුවෙන් සෝමාවතිය එකේ ඇළ (උතුරු ඇළ) පාර

3. හිඟුරක්ගොඩ හරහා සෝමාවතිය පාර

මේ සියළුම මාර්ග පුලතිසිගම ආසන්නයේ දී එක්වෙලා අවසානයේ සියළුම වාහන එකම මාර්ගයක් ඔස්සේ තමයි සෝමාවතිය බලා යන්නේ. මේ සියළුම මාර්ග වලින් ආසන්න වශයෙන් දුර කි.මී. 38 - 43 අතර ප්‍රමාණයක්. මේ මාර්ග වාහනයක් ගමන් කළහැකි තත්ත්වයට පත්කිරීමට අපි අදාළ පාර්‍ෂවයන් හා එක්වෙලා ලොකු උත්සහයක් ගත්තා.

ඇතිවිය වාහන තදබදයන් පාලනය කිරීමට වගේම වාහන නවතා තැබීමේ පහසුකම් සැලසීම සම්බන්ධයෙන් පොලීසියේ සහය ඇතිව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා.

මෙදිනට ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් විවිධ ආකාරයේ ප්‍රවාහන සැලසුම් ක්‍රියාත්මක වෙනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් කොළඹ කොටුව/ පානදුර/ ගාල්ල/ මාතර/ අකුරැස්ස/ තංගල්ල/ කෑගල්ල/ මහනුවර/ බදුල්ල/ ගම්පහ/ ඇඹිලිපිටිය යන නගර වලින් 8 වෙනිදා උදෑසන සෝමාවතී පුදබිම දක්වා බස්‍ රථ ධාවනයේ යෙදවීමට කටයුතු යොදලා තියෙනවා. පිටත්වන වේලාවන් දැනගැනීම සහ ආසන වෙන්කිරීම් අදාළ ඩිපෝව අමතා සිදු කළ හැකියි. ඒ පිළිබඳ වැඩි විස්තර නාරාහේන්පිට ලංගම ප්‍රධාන කාර්‍යාලයෙන් ලබාගන්න පුළුවන්.
Tel: 0112581120-9 / 0117706000

ඒ වගේම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් චාරිකා පදනම යටතේ කණ්ඩායම් සඳහා කිලෝමීටරයට රු.55 බැගින් වන විදියට බස් රථ වෙන්කරවා ගන්න පුළුවන්. මේ සඳහාත් ආසන්නම ඩිපෝව හා සම්බන්ධ විය යුතුයි.

පෞද්ගලික වාහන වලින් පොළොන්නරුව පමණක් දක්වා පැමිණෙන සැදැහැවතුන් පොළොන්නරුව 'ඉස්පිරිතාල හන්දිය' සිට විනාඩි 30කට පමණ වරක් සෝමාවතිය බලා ධාවනය වන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ විශේෂ බස් සේවාව හා සම්බන්ධ වෙන්න පුළුවන්. මේ සේවාව 8-9 දෙදින පුර ක්‍රියාත්මක වෙනවා.

මීට අමතරව ළඟම තියෙන මහමෙව්නා අසපුව හා සම්බන්ධ වීමෙනුත් විකල්ප ප්‍රවාහන ක්‍රම පිළිබඳ දැනගන්න හැකි වේවි.
 
Kasem

Member
Apr 29, 2010
665
52
0
සෝමාවතිය ඝන වන මැද පිහිටි පුද බිමක්. ඒ වෙත යන මාර්ගය ද වැටී තියෙන්නේ මිනිස් වාසයෙන් තොර වනාන්තර මැද්දෙන්. වල් අලි සහ වල් ඌරන් ගහණයි. විශේෂයෙන් මෙම සතුන් හට ආහාර පාන දැමීමෙන්, උසුළු විසුළු කිරීමෙන් වලකින්න කියලා අපි වන්දනාවේ එන සැදැහැවතුන් ගෙන් ඉල්ලනවා. අපි ඔවුන්ගේ නිවහනට පිවිසෙන ආගන්තුකයන් පමණයි. එය සෑම විටම සිහියේ තබාගෙන, තමන් පැමිණි කාරණය සිහි කරමින්, බුදුගුණ මෙනෙහි කරමින් වන්දනාවේ යෙදෙන්න කියලා අපි කාරුණිකව ඉල්ලා සිටිනවා.

තමුන්ගේ මෙන්ම අන් අයගේ ආරක්‍ෂාව ගැන ද නිතර සිතන්න ඕනි. භූමියේ මෙන්ම මඟ දෙපස සපයා ඇති අවවාද/උපදෙස් ඉක්මවා නොයාමට බුද්ධිමත් ඔබ වගබලා ගනියි කියල අපි අපේක්‍ෂා කරනවා. පොලීසියේ, හමුදාවේ සහ සිවිල් ආරක්‍ෂක බලකායේ අති විශාල නිලධාරීන් පිරිසක් භූමිය තුළ, අවට මෙන්ම මඟ දෙපස ආරක්‍ෂාව සඳහා යොදවා තිබෙනවා.

වල් අලින්ගේ පැමිණීම වැළැක්වීමට භූමිය වටා විදුලි වැටක් ක්‍රියාත්මක වෙනවා. ඒ ගැනත් සැළකිලිමත් වෙන්න කියලා අපි මතක් කරනවා. මුළු භූමියම ෆ්ලෑෂ් ලයිට් වලින් ආලෝකමත් කර තියෙනවා වන සතුන්ගේ පැමිණීම හැකිතාක් අවම කිරීමට, ආරක්‍ෂක විදුලි වැටට අමතරව.

සොබාදහමට හානි නොවන අයුරින් කටයුතු කිරීමට සෑම විටම කල්පනාකාරී වෙන්න ඕන. ප්ලාස්ටික්/පොලිතින් භාවිතය අවම කරන්න කියලා අපි වන්දනාවේ එන පරිසර හිතකාමී සැදැහැවතුන්ගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා. සියළු අපද්‍රව්‍ය සපයා ඇති කසළ බඳුන් තුළ පමණක් ම දමන්නත්, වියළි වනාන්තර තුළ ගින්දර භාවිතයේ දී අතිශය සැලකිළිමත් වන ලෙසත් අපි මතක් කරනවා.

වැඩසටහන අතරතුර හා ඊට පසු දින භූමිය පිරිසිදු කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් අපි සූදානම් කරල තියෙනවා රාජ්‍ය හා පෞද්ගලික අංශවල සහය ඇතිව. ස්වේච්ඡා සංවිධාන වලට මෙන්ම වන්දනාවේ පැමිණෙන පින් කැමති සැදැහැවතුන්ටත් වැඩසටහනට පසු දින (9) සංවිධායක කමිටුව හා සම්බන්ධ වෙලා භූමිය පිරිසිදු කිරීමේ කටයුතු වලට දායක වෙන්න පුළුවන්.

භූමිය කටු පඳුරු/ගොඩැලි සහිතයි. වාඩිවීම සඳහා පැදුරක් රැගෙන යාම වඩාත් යෝග්‍යයි කියලා අපි හිතනවා. ඉටිරෙදි ප්‍රමාණවත් වෙන එකක් නැහැ. මේක කිසිදු ආවරණයක් රහිත භූමියක්. පිට්ටකියක් මැද පැදුරක් එළාගෙන වාඩිවුනා වගේ. හෙවනකට කියල ගහල් කොළක්වත් නැහැ. දවල් ඉඳලා පහුවදා එළිවෙනකල් ඉන්න තියෙන නිසා කුඩයක් රැගෙන යාම නුවණට හුරු වේවි.
8 වෙනිදට කලින් සෝමාවතියට පැමිණෙන සැදැහැවතුන්ට තම ආහාරපාන සහ නවාතැන් තමන් විසින්ම සපයා ගැනීමට සිද්ධ වෙනවා. පුජාභූමිය තුළ මෙම කිසිදු පහසුකමක් සැපයෙන්නේ නැහැ. පහසුකම් අවමයි. නමුත් අවශ්‍ය තරම් ජලය සැපයීමට අපි කටයුතු සම්පාදනය කරල තියෙනවා. 9 දින පමණක් උදෑසන ආහාර සියළු දෙනාට ලබාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කරල තියෙනවා. වතුර හා තේ පැන් දන්සැල් 8 වෙනිදා සවස ඉඳල ක්‍රියාත්මක වෙනවා පහුවෙනිදා උදෑසන දක්වා.

වැඩසටහන පැවැත්වෙන කාලසටහන අනුව සෝමාවතී භූමිය තුළ නවාතැන් පහසුකම් අවශ්‍ය වන්නේ නැහැ. රෑ එළිවෙනකල් වැඩසටහන පැවැත්වෙන නිසා. කිසිම කෙනෙකුට නැවැතැන් පහසුකම් ලබාදීමට භූමිය තුළ ප්‍රමාණවත් පහසුකම් නැහැ. විශ්‍රාම ශාලා වැනි නවාතැන් පහසුකම් කොහෙත්ම අපේක්‍ෂා කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා.

ස්ත්‍රී-පුරුෂ දෙපක්‍ෂය සඳහාම වැසිකිළි/කැසිකිළි පහසුකම් භූමිය පුරා පනවලා තියෙනවා.

~ මේ උතුම් වන්දනා ගමනට සූදානම් වන සැදැහැවතුන්ට අවසාන වශයෙන් පොදුවේ කිවයුතු කාරණා තියෙනව ද?

ඔව්. හැම කෙනාම පිඟානක්, කෝප්පයක්, පැදුරක්, ටෝච් එකක් වගේ දේවල් සූදානම් කරගන්න කියලා අපි මතක් කරනවා. සෝමාවතියේ තියෙන්නේ අවම පහසුකම් බව අපි යළි යළිත් සිහිපත් කරනවා.

ඒ නිසා වැඩි සැප පහසුව අපේක්‍ෂා නොකරන තරමටම ඔබට පහසුවෙන් මේ අසිරිමත් පුණ්‍ය කටයුත්ත හා සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැති වුනොත් ආපු වෙලාවෙ ඉඳලා නොලැබුනු පහසුකම් ගැන තැවි තැවී ඉඳලා මේ දුර්ලභව ලැබුනු අවස්ථාවෙන් උපරිම පින් රැස්කර නොගෙන හිස් අතින්ම ගෙදර යාවි. සතුරෙකුටවත් එහෙම වෙන්න දෙන්න එපා. මෙවන් අවස්ථා අතිශයින්ම දුර්ලභයි. ජීවිතයට එක් වරක් පමණක් ලැබෙන අවස්ථාවක්. ඒ නිසා අවුරුද්දේ දවස් 365න් 364ක්ම ලැබෙන පහසුකම් එක දවසකට අමතක කරල මේ උතුම් පුණ්‍ය කටයුත්ත හා සතුටු සිතින්, සැදැහැ සිතින් එක්වෙලා ධාතු වන්දනාවේ මහත් වූ ආනිසංස සිහි කරමින් උතුම් බුද්ධ පූජාව හා සම්බන්ධ වෙලා සියළු පුණ්‍යකර්මයන් සතුටු සිතින් අනුමෝදන් වෙලා අමාමහ නිවන පිණිසම වූ අප්‍රමාණ කුසල් රැස්කර ගැනීමට 8 වෙනිදට සෝමාවතියට එන්න කියල අපි සියළු දෙනාටම පුණ්‍යාරාධනාවක් කරනවා.

උප්‍රටා ගැනීම - http://dhammamedicine.blogspot.com/2010/05/8.html

වැඩි විස්තර,

0112413025 / 0113140777 / 0714335859
[FONT=&quot][email protected] / [email protected] [/FONT]

Last edited:

AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
හරි අපි මලු ටැංකියකට මාළු දන්නේ මරාගෙන කන්නවත් උට හිරිහැර කරන්නවත් නෙමෙඉනෙ . ඉතින් එක පවක් වෙනවද ? එතකොට අයි අර සුවමින්වහන්සේ එහෙම කිව්වේ ? මේක මට හරිම ප්‍රශ්නයක් ?

අපි මාලුවාට උගේ Natural habitat එකේ ඉන්න දෙන්නෙ නැතුව ගෙවල් වල පොකුණු වල හිර කරගෙන සිටීමේ ක්‍රියාවලියකට අනුබල දෙනවා නේද මාලු ඇති කිරීමෙන්? එනිසා හාමුදුරුවෝ කියපු දෙය නිවැරදි බවක් මට නම් හැඟෙනවා.
 
Kasem

Member
Apr 29, 2010
665
52
0
හරි අපි මලු ටැංකියකට මාළු දන්නේ මරාගෙන කන්නවත් උට හිරිහැර කරන්නවත් නෙමෙඉනෙ . ඉතින් එක පවක් වෙනවද ? එතකොට අයි අර සුවමින්වහන්සේ එහෙම කිව්වේ ? මේක මට හරිම ප්‍රශ්නයක් ?

හිරිහැර කිරීමේ චේතනාව ඇතිවන අවස්ථාත් තියනවා..එසේ ඇති නොවන අවස්ථාත් තියනවා..ඒ ඒ අවස්ථාවන් වල ඇතිවන චේතනාව අනුව තමයි කර්මය ගොඩනැගෙන්නෙ..
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
හිරිහැර කිරීමේ චේතනාව ඇතිවන අවස්ථාත් තියනවා..එසේ ඇති නොවන අවස්ථාත් තියනවා..ඒ ඒ අවස්ථාවන් වල ඇතිවන චේතනාව අනුව තමයි කර්මය ගොඩනැගෙන්නෙ..

මේකත් හරියට අර මස් කෑමයි සතුන් මැරීමයි ගැන කතා කරනවා වගේ වැඩක් . අපි ගෙනල්ල ඇති කරත් නැතත් උන් විකුණන ටන්වල ටැංකියේ දාලනේ තියන්නේ අපි අරගෙන එන්නෙත් මරඳ හිතගේනවත් හිරිහැර කරන්ඩ හිතගේනවත් නෙමෙයි . අනේ මන්ද මටනම් තේරෙන්නේ නෑ මොන කරන්ඩද කියල
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
50
Kottawa

පින් ද පවු ද කියලා හිතනවට වඩා හිතන්න හේතු ඵල ආකාරයට .. එතකොට ඉබේම ඔයාට උත්තරය ලැබයි.. හේතුවට අනුවයි ඵලය... ටැංකියේ දාගෙන.. හිටියට ඒකෙ අනුව ඵලය ලැබෙයි.. වෙලාවට කෑම ටික දෙන එක, උංගෙ සුව පහසුව.. වතුර මාරු කිරීම, බෙහෙත් දීම වගේ හේතුවලට වෙනම ඵලය ලැබෙයි..

නිකමට ඔයා හිතන්න ඔයාව කාමරයකට දාලා වහාල.. ඔයාගෙ කක්ක ගොඩට උඩින් කෑම දාල ඒකෙ ඇතුලෙම කන්න .. බොන්න සැල්ස්සුවොත් ඔයාට මොකක් හිතෙයිද ?
 
වැටහුනා වැටහුනා .:D:D මම වැඩේ ඇත ඇරලා දානවා :yes: . මලු ටැංකි එපා . මෙචර ලස්සනට තේරුම් කරට පින්. අපිත් ලොකු දහම් කරුණු ගැන අනිත් යට පැහැදිලි කරට මේ පොඩි දහේ මෙචරකල් මට තේරුම් ගන්ඩ බැරුව හිටියේ :nerd:. ඒ අපි ඕනෑවට් වැඩ දුර හිතන නිසා . දැන් බලනකොට උතරේ මෙචරකල් මගේ ලගමි තිබිල තියන්නේ :lol:. එත් මම කොඉතරම් කරුණු හෙව්වද මේක ගැන .
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
50
Kottawa
වැටහුනා වැටහුනා .:D:D මම වැඩේ ඇත ඇරලා දානවා :yes: . මලු ටැංකි එපා . මෙචර ලස්සනට තේරුම් කරට පින්. අපිත් ලොකු දහම් කරුණු ගැන අනිත් යට පැහැදිලි කරට මේ පොඩි දහේ මෙචරකල් මට තේරුම් ගන්ඩ බැරුව හිටියේ :nerd:. ඒ අපි ඕනෑවට් වැඩ දුර හිතන නිසා . දැන් බලනකොට උතරේ මෙචරකල් මගේ ලගමි තිබිල තියන්නේ :lol:. එත් මම කොඉතරම් කරුණු හෙව්වද මේක ගැන .

:yes: සාදු ! සාදු !! සාදු !!! _/‍‍\_ (බුදුදහම කොතරම් ප්‍රායෝගිකද කියළා හිතෙනවා :) )
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
:yes: සාදු ! සාදු !! සාදු !!! _/‍‍\_ (බුදුදහම කොතරම් ප්‍රායෝගිකද කියළා හිතෙනවා :) )

එකනේන්නම් මට අපේ සර් කෙනෙක් කියපු කතාවක් මතක් වෙන්නව . එයා කිව්වා හැම බුද්ධ දේශනාවක්ම කොහොම හරි අහන්ඩ පුළුවන් උනොත් ඔය එකකි හරි අපිට දර්මය වැටහෙනවා කියල. මොකද හැම දේසනාවක් අවසානයේම කව්රුහරි අඩුම ගැනේ සෝවාන් වෙලාවත් තියන නිසා . සමහරක් අයට එක වචනෙකින් හරි උපමාවකින් හරි දහම අවබෝද වෙලා තියනවා . මෙතනත් ඒ වගේම තමයි . අර කෝප්පේ හිස් කරගන්න කියපු සෙන් කතාව මේකට හොදට ගැලපෙනවා . :yes::yes::yes:

එක නිසා තමි බුදුන්වහන්සේ තමා තුලින්ම දහම අවබෝද කරගන්ඩ කියන්ඩ ඇත්තේ . මට අද හරිම සතුටුයි ! :lol::lol::D:D:D
 
පැහැදිලි කිරීම හොඳයි, හිතන්න දේවල් තියෙනවා.

නමුත් මගේ ප්‍රශ්නය තව පැහැදිලි කල යුතුයි වගේ හිතෙනවා. දැන් ගිනි කූරේ උදහරණය ගත්තොත්, ඇත්තටම ගින්දර හටගන්නේ කොහොමද, කියන එකත් ඊට බලපාන හේතු පැවතියේ කොහොමද කොහේද කියන එක පැහැදිලියෙ නේද? ගිනිකූරේ තිබෙනවා රසායනික ශක්තිය, එය තාපය හා ආලෝකය බවට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාවලියට අපි ඝර්ශණය මගින් මග පාදනවා. දැල්ල අපට පේන්නේ බාගෙට දහනය වෙන කාබන් අංශු නිසනේ නේද?

අන්න ඒ වගේ ගින්දර හට ගැනීමේ ස්වභාවය වෙන විදිහ පැහැදිලියි. ඒ විදිහට කර්ම පුදගලයාට මතු විපාක ඇති කිරීමට ස්වභාවයක් ඉතිරි කරන්නේ කෙසේද කොහේද මොන ස්වරූපයෙන්ද යන්න ගැන තමා ප්‍රශ්නය.

මෙය ඉතා ගැඹුරු බව ඇත්තකි. තේරුම් ගැනීමට තමා මා උත්සාහ කරන්නේ. ඔබේ උත්සාහයට පින්.

යාළුවා මෙය භෞතික දෙයක් නොවන නිසා ඔබ සිතනා අකාරයට මෙය පවතින ස්ථානයක්වත් පවතින ස්භාවයක්වත් පෙන්වා දිය නොහැක.
ඊට හේතුව නම් භෞතික විද්‍යාවට එවන්නක් හසු නොවන නිසාත්, විද්‍යාව තවමත් ඒ තරමට දියුණු නොවන ප්‍රථමික මට්ටමක නිසාත් බව කිවයුතුය.

ගිනිකූරේ තිබෙන රසායනික ශක්තියභෞතික දෙයක් නිසා එය පෙන්විය හැකැ. කර්මය ශක්තිය භෞතික දෙයක් නොවන නිසා එය පෙන්විය නොහැකැ.

ඔබේ ප්‍රශ්නය වන්නේ කර්ම පුද්ගලයාට මතු විපාක ඇති කිරීමට ස්වභාවයක් ඉතිරි කරන්නේ කෙසේද? කොහේද? මොනස්වරූපයෙන්ද? යන්න ගැනයි.
මෙයට පිලිතුරක් දීමට කලින් මට දැන්ගැනීමට අවශ්‍යයි ඔබ කර්මය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ඔබ අදහස් කරන ආකාරයට කර්මය කුමන ස්භාවයකින් යුක්තද? එය නිර්මාණය වන්නේ කෙසේද? එය පවතින්නේ කොහෙද? යන්න පිලිබදව ඔබේ මතය.
එවිට
කර්ම පුද්ගලයාට මතු විපාක ඇතිකරන ස්වභාවය.එය විපාක දෙනතුරු පවතින ස්ථානය පිලිබද ඔබට පැහැදිලි වන ලෙස පිලිතුරක් දිය හැක.
 
මට තියන ගැටළුවක් මමත් ඉදිරිපත් කරන්නම් . මම දවසක් දර්ම දේශනාවකට ඇහුව සුරතෙලේට සතුන් ඇති කිරීම පවක් කියල . මම කැමති සුරතල් මසුන් ඇති කරන්න . මේක පවක් වෙයිද ? දේශනාව කරපු සුවමින් වහන්සේ කිව්වේ මලු නෙමි මොනම සතෙක් හැදුවත් පව් කියල . නමුත් අපි මලු ටැංකි පන්සල් වලත් දකිනවා . :shocked::shocked:
පැහැදිලි කරන්න
තරමක් කාර්යබහුලව සිටියත්,කෙටි උත්තරයක් හරි ලියන්න හිතුනා.විසිතුරු සතුන් හෙවත් සුරතල් සතුන් ගැන කතා කලොත් ඒ බහුතරය ඔවුන්ගේ නියම පරිසරයෙන් ගති ස්වාභාවයන් සපුරාම හෝ අඩු වැඩියෙන් කෘතීමව වෙනස් කරන ලද ජීව කොටසක් නේ.:Dමෙතනදී අපි කරුනු දෙකක් ගැන ඉතාම සැළකිල්ලෙන් හිතන්න ඕන.
1-මේ ජීවීන් අපි නැවත ඔවුන්ගේ ස්වභාවික පරිසරයට-ජීවන ක්‍රමයට මුදා හැරියොත් ඔවුන්ට ජීවත් වෙන්න බෑ.ඒ අනුව (කවුරුන් ඒ මුල් වෙනස කලත්)අපිට හැකි තරමින් එවැනි සතුන්ට හැකි උපරිමයෙන් කරුනාවෙන් රැකබලා ගැනීම වරදක් වේද?
2-සමහර සතුන් යම් සීමිත පරිසරයක(කූඩුවක-ටැංකියක..වගේ..)හදන්න වෙලා තියෙන්නෙත් ඔවුන් ලෙඩ දුක් වලින්,සතුරන්ගෙන් ඉතාම අනාරක්‍ෂිත නිසා.එවැනි පරිසරයක (කූඩු කිරීම)හැදීම වරදක් වේද?
මේ කරුනට අදාළව තවත් සැලකිය යුතු උත්තර කීපයක් ලැබිලා තියනවා:D
මගේ නිගමනය නම්,මට කැපවීමක් සහිතව,කරුනාවෙන් (මිනිස් පරිසරයට හැඩගැස්වූ ජීවීන් මිස වනසතුන් නොවේ)සතෙක් හදාගන්න පුලුවන් නම් ඒක යහපත් වැඩක් කියන එකයි.(යහපත හෝ පින)
මේ ගැන සාවාද්‍යව හිතුවොත් දරුවො හැදීමත් පැහැදිලි පවක් කියන තැනට එන්න පුලුවන්;)
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
තොත්තබබා;7419226 said:
යාළුවා මෙය භෞතික දෙයක් නොවන නිසා ඔබ සිතනා අකාරයට මෙය පවතින ස්ථානයක්වත් පවතින ස්භාවයක්වත් පෙන්වා දිය නොහැක.
ඊට හේතුව නම් භෞතික විද්‍යාවට එවන්නක් හසු නොවන නිසාත්, විද්‍යාව තවමත් ඒ තරමට දියුණු නොවන ප්‍රථමික මට්ටමක නිසාත් බව කිවයුතුය.

ගිනිකූරේ තිබෙන රසායනික ශක්තියභෞතික දෙයක් නිසා එය පෙන්විය හැකැ. කර්මය ශක්තිය භෞතික දෙයක් නොවන නිසා එය පෙන්විය නොහැකැ.

ඔබේ ප්‍රශ්නය වන්නේ කර්ම පුද්ගලයාට මතු විපාක ඇති කිරීමට ස්වභාවයක් ඉතිරි කරන්නේ කෙසේද? කොහේද? මොනස්වරූපයෙන්ද? යන්න ගැනයි.
මෙයට පිලිතුරක් දීමට කලින් මට දැන්ගැනීමට අවශ්‍යයි ඔබ කර්මය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ඔබ අදහස් කරන ආකාරයට කර්මය කුමන ස්භාවයකින් යුක්තද? එය නිර්මාණය වන්නේ කෙසේද? එය පවතින්නේ කොහෙද? යන්න පිලිබදව ඔබේ මතය.
එවිට
කර්ම පුද්ගලයාට මතු විපාක ඇතිකරන ස්වභාවය.එය විපාක දෙනතුරු පවතින ස්ථානය පිලිබද ඔබට පැහැදිලි වන ලෙස පිලිතුරක් දිය හැක.

කර්මය ලෙස මා අදහස් කරන්නේ චේතනාව. (චේතනාහං භික්කවේ කම්මං වදමි ). ඉන් පසු එම චේතනාව මුල් කරගෙන කරන ක්‍රියාව.

කර්ම රැස් වෙනවා කියද්දි මා ඇත්තටම කතා කලේ එම ක්‍රියාවන්ගේ ඵලයන් ගැන හෝ ඔබ කිවුවා වගේ එම ක්‍රියා වලින් ඇති කරන, ඉතිරි කරන ස්වභාවයක් ගැන.
 
පුංචි කරුනු කිපයක්.:Dආයෙත් මතක තියාගත යුතුයි වැදගත්ම දේ කර්ම විෂය අචින්ත්‍ය බව.:yes:
චේතනාව කර්මය කියන තැනදී අපි මතක තියාගන්න ඕන මේක සජීවී හැඟීමක් කියන කාරණය.සිහිනෙන් යමක් දැකීම(මිනීමැරීම වුවත්)සිතින් කරන දෙයක් වුනත් ඒක කර්මය නොවේ.මේ සඳහා සජීවි-සප්‍රාණික ක්‍රියාවලියක් තියනවා.ඔන්න ඔය කරුන ඇතුළේ තියන ගැඹුර වටහාගන්න පුලුවන් නම් ඔබට යමක් වටහාගත හැකි වේවි.
මේ කර්ම ශක්තිය ගබඩා වෙන්නේ කෙහේද කියන එකයි ඔබට තියන ලොකුම විචිකිච්චාව නේද?ඒකට උත්තර කීප දෙනෙක්ම දීලා තියනවා.ඒත් ඔබට තවමත් ගැටළුවක් වන්නේ මේ කර්මය(ශක්තිය-ජනන හැකියාව)කවුද? කොහේද?කොතනද තියෙන්නේ කියන කාරණයයි.ඉතිං ...මේ ගැන අර මුලින් කිව්ව අය වගේම
භෞතික යමක් විදිහට ගත්තොත් කවදාවත් ඒක දකින්න බෑ.මමත් පුංචි උදාරණයක් දෙන්න කැමතියි.බලන්න බෝම්බයක ක්‍රියාවලිය.පරිසරයේ වාතය දැඩි පිපිරුමකට ලක් වෙනවා.ගිනි ගන්නවා.අවට තියන දේ කෝටි වාරයක් වේගයෙන් විසි වෙනවා.......දැන් මේකෙ නැවත ප්‍රතික්‍රියාවක් විදිහට ඒ හිස් හිඩැසට ඒ විසිවුන දේම ඇදිලා එනවා.ඒ වගේම වේගයකින්.
මොකද්ද හේතුව?වාතය දැඩි ප්‍රහාරයකට ලක්වෙනවා..හිඩැසක් හැදෙනවා.ඒ හිඩැසට ආයෙත් ඒ සමාන යමක් ඇදෙනවා....මේ ප්‍රතිප්‍රහාරය දුන්නේ කවුද?කලේ කවුද?ඒක මෙච්චරකල් තිබුනේ කොහිද?...අන්න හේතු ඵල දහම.
යම් කර්මයක්ද-ඊට ඵලයක්.මේක කරන-තියන තැනක්-කෙනෙක් ගැන හිතනවා කියන්නේ පැහැදිලි බුදු බණ අනුව උන්මත්තකයෙක් වෙනවා කියන එකයි.;)
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
තරමක් කාර්යබහුලව සිටියත්,කෙටි උත්තරයක් හරි ලියන්න හිතුනා.විසිතුරු සතුන් හෙවත් සුරතල් සතුන් ගැන කතා කලොත් ඒ බහුතරය ඔවුන්ගේ නියම පරිසරයෙන් ගති ස්වාභාවයන් සපුරාම හෝ අඩු වැඩියෙන් කෘතීමව වෙනස් කරන ලද ජීව කොටසක් නේ.:Dමෙතනදී අපි කරුනු දෙකක් ගැන ඉතාම සැළකිල්ලෙන් හිතන්න ඕන.
1-මේ ජීවීන් අපි නැවත ඔවුන්ගේ ස්වභාවික පරිසරයට-ජීවන ක්‍රමයට මුදා හැරියොත් ඔවුන්ට ජීවත් වෙන්න බෑ.ඒ අනුව (කවුරුන් ඒ මුල් වෙනස කලත්)අපිට හැකි තරමින් එවැනි සතුන්ට හැකි උපරිමයෙන් කරුනාවෙන් රැකබලා ගැනීම වරදක් වේද?
2-සමහර සතුන් යම් සීමිත පරිසරයක(කූඩුවක-ටැංකියක..වගේ..)හදන්න වෙලා තියෙන්නෙත් ඔවුන් ලෙඩ දුක් වලින්,සතුරන්ගෙන් ඉතාම අනාරක්‍ෂිත නිසා.එවැනි පරිසරයක (කූඩු කිරීම)හැදීම වරදක් වේද?
මේ කරුනට අදාළව තවත් සැලකිය යුතු උත්තර කීපයක් ලැබිලා තියනවා:D
මගේ නිගමනය නම්,මට කැපවීමක් සහිතව,කරුනාවෙන් (මිනිස් පරිසරයට හැඩගැස්වූ ජීවීන් මිස වනසතුන් නොවේ)සතෙක් හදාගන්න පුලුවන් නම් ඒක යහපත් වැඩක් කියන එකයි.(යහපත හෝ පින)
මේ ගැන සාවාද්‍යව හිතුවොත් දරුවො හැදීමත් පැහැදිලි පවක් කියන තැනට එන්න පුලුවන්;)

ඔන්න ඉතින් මම බොහොම අමාරුවෙන් යම් තෙරනෙකට අවම ඔය අයෙමත් වෙනත් අදහසක් ඉදිරිපත් කරා. ඔය දේවල්ම තමි මමත් හිතාගෙන හිටියේ අපි එහෙම කරට වරදක් නා කියල නමුත් අර කියන විදිහට අපිව හිර කරනවාටත් අපි කැමති නැනේද ? හබි ඔය ඔය කියන දේවල්වල අත්තක් තියනවා කියල මටත් හිතුන . මමත් පිළිගෙන හිටියේ එකම තමයි . මම හිතන්නේ අපි මේ ගැන තව දුරටත් කතා කරොත් හොදි වගේ .