MG වාහන සහ ඉන්දියාව

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම අනාවැකියක් කියනවා තව අවුරුදු 5කින් හෝ ඊට කලින් Chinese phones ලෝකේ ඇල්ලුවා වගේ Chinese වාහනත් ලෝකේ අල්ලනවා. මම පෞද්ගලිකව Chinese වාහනයක් පාවිච්චි කරන්නේ. දැන් ගොඩක් උන් බනියි මම ඒවාට Bias කියලා, වෙන්න පුළුවන්. නමුත් එහෙම මම එහෙම උනත් උඹලම බලපල්ලා දැනටම MG වාහන TATA එක පරද්දනවා හිටු කියලා ඉන්දියාවේම.(ඔව් MG එංගලන්තේ උනාට Chinese වාහනයක්) MG එකෙන් දාපු Hector එකට Against ඉන්දියාවේම TATA එකෙන් දාපු Harrier එකේ Sales figures බලද්දී පිස්සු හැදෙනවා. MG 30,000ක් විකිනෙද්දී TATA එකට වාහන 15000ක් විකුණගන්න බෑ තමන්ගේම රට ඇතුලේ. ඒ උනාට ඉන්දියන් කාරයොන්ගේ ජාතිආලය බලන්න ඕනේ වාහන දෙක compare කරලා තියෙන reviews වල. MG ZS EV එකත් උන්ගේ විකිනෙනවා. කොටින්ම ඉන්දියාවේ market එකෙන් සෑහෙන ප්‍රමාණයක් උන් අල්ලලා ඉවරයි. Xiaomi එක ඇවිත් Micromax වගේ ඒවාට ෂොට් එක දුන්නා වගේ වැඩක්.

    ඉස්සර අපි Chinese කිව්වේ බොහොම බාල ප්‍රමිතියෙන් යුතු අඩුවට හම්බවෙන ජරාව උනාට දැන් Chinese කියන්නේ අර කොලිටියටම බඩු හදලා ඊට වඩා අඩුවට දෙන ඒවා, මට sure දැන් උනත් එන Chinese වාහනවල ලොවෙත් Tesla වගේ ඒවා තරම් reliability චොර නෑ. ඒ ඉස්සර ආව කෑලි හැලෙන, ඇල්ලුවත් චිරි චිරි ගාන වාහන නෙවේ දැන් තියෙන්නේ. උන් International brands සල්ලි දීල අරගෙන ඒවගේ කොලිටිය තියාගෙන වාහන හදන විදිය දැන් ඉගෙනගන ඉවරයි. දැන් උන් උන්ගේම වාහනවලින් ලෝකේ අල්ලනවා. එංගලන්තේ MG Sales 103%කින් වැඩි උනා අවුරුද්දකින්. නිකමට බලපන් MG වාහන ටික ඉන්දියාවේ විකුණන. දැන් ඉතින් අපේ වාහනවල demand එක පහල යයි කියලා ජපන් වාහන තියෙන එවුන් මැරෙන්න යන්න එපා. මම කියන්නේ දැනට පේන්න තියෙන දේ.


    MG Hector
    1611273897807.png

    MG ZS EV
    1611273949188.png

    MG Gloster
    1611274030686.png

    MG ZS (Facelift)

    1611274248924.png

    මේ තියෙන්නේ උන්ගේ concept car එකක්. මේකත් හදනවලු.
    1611274541710.png
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    අනාවැකි ඕන නෑ චයින බඩු කොහොමත් හොඳයි ඉන්දියන් ජරාවට වඩා..
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අනාවැකි ඕන නෑ චයින බඩු කොහොමත් හොඳයි ඉන්දියන් ජරාවට වඩා..
    අපේ උන්ට මොලේ නෑනේ ශේප් එකේ චිනේ එක්ක ටෝකක් දාලා SAIC හරි Geely හරි plant එකක් මෙහෙ ගහගන්න. ලොවෙත් තව අවුරුදු 5කින් ලෝකේ තියෙන ලොකුම vehicle manufacturersලා වෙනවා. Volkgwagon ගහලා වැඩක් නෑ දැන්.
    TATA දැන් නම් වැඩක් නැහැ . කොහොමත් ඉන්දියාවේ Indian කියන Car Companey වල බහින කලාව
    උන් දැන් Land Rover එක කොපි කරලා බලනවා ඒ ලුක් එකට වාහන හැදුවම මිනිස්සු එයිද කියලා. Mahindra එක Jeep Wrangler කොපි කරලා ගහනවා.

     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    අපේ උන්ට මොලේ නෑනේ ශේප් එකේ චිනේ එක්ක ටෝකක් දාලා SAIC හරි Geely හරි plant එකක් මෙහෙ ගහගන්න. ලොවෙත් තව අවුරුදු 5කින් ලෝකේ තියෙන ලොකුම vehicle manufacturersලා වෙනවා. Volkgwagon ගහලා වැඩක් නෑ දැන්.
    Geely micro ඵකේ assemble නම් කරනවා..
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Geely micro ඵකේ assemble නම් කරනවා..
    ඒ උනාට මෙහෙන් දෙන input එක මදිනේ බන්, වාහන සීට්,සයිලන්සර්, බෆර් වගේ ඒවා විතරයි. ඒකත් ලංකාවේම විකුනන්න. හිතපන් මෙහෙ හොඳ plant එකක් වැටුනානම් ටයර් එකේ ඉඳලා දෙන්න තිබ්බනේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    අපේ උන්ට මොලේ නෑනේ ශේප් එකේ චිනේ එක්ක ටෝකක් දාලා SAIC හරි Geely හරි plant එකක් මෙහෙ ගහගන්න. ලොවෙත් තව අවුරුදු 5කින් ලෝකේ තියෙන ලොකුම vehicle manufacturersලා වෙනවා. Volkgwagon ගහලා වැඩක් නෑ දැන්.

    උන් දැන් Land Rover එක කොපි කරලා බලනවා ඒ ලුක් එකට වාහන හැදුවම මිනිස්සු එයිද කියලා. Mahindra එක Jeep Wrangler කොපි කරලා
    ගහනවාවා.
    Land Rover කොම්පැණි එකත් Tata එකෙන් අරන් කාලා දැම්මා 😀
     
    • Like
    Reactions: waca

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Land Rover කොම්පැණි එකත් Tata එකෙන් අරන් කාලා දැම්මා 😀
    Land Rover Jaguar කොහොමත් ෆක් වෙලා තිබිලා තියෙන්නේ කාලයක් තිස්සේ. මුන් හිතුවා නම තියෙන හින්දා ගේමක් ගහගන්න පුළුවන් වෙයි කියලා, වැඩේ කෙලවුනා. ඉස්සර උන්ගේ market එක closed නිසා TATA වගේ ඒවා නැගගෙන ඇවිත් ලොකු සමාගම් උනා. හැබැයි දැන් උන් international brands එක්ක open market එකේ තරග කරන්න වෙලා ඉන්දියාවේ ඇතුලෙත්. චීන්නු කෙළගෙන කෙළගෙන යනවා උන්ගේ සමාගම් ඔක්කොටම. ඉන්දියාවේ හැදීගෙන ආපු ඔක්කොම Mobile phone brands වලට ෂොට් එක දුන්න. උන්ගේ Startup වල වැඩියෙන්ම Invest කරලා තියෙන්නේ චීන්නු. අම්බානි කාරයා විතරයි ඔලුව උස්සන් ඉන්නේ. උන් මිඩියාවල සද්දේ දැම්මට චීන්නු උන්ව බෙල්ලෙන්ම අල්ලන් ඉන්නේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    අවුරුදු පහෙන් පහට වාහන මාරු කරන මිනිස්සු ඉන්න රටක නං ඕක වේවි. අවුරුදු පහකට පස්සෙ ඩෑශ්බෝඩ් එකේ සද්ද එන්නැති චීන වාහනයක් මං නං දැකල වත් නෑ 😐
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    අවුරුදු පහෙන් පහට වාහන මාරු කරන මිනිස්සු ඉන්න රටක නං ඕක වේවි. අවුරුදු පහකට පස්සෙ ඩෑශ්බෝඩ් එකේ සද්ද එන්නැති චීන වාහනයක් මං නං දැකල වත් නෑ 😐
    kohomath awurudu 5-7 hoda japan ekath pavichchi karath podi podi sadda enawane.
    mama oya minissu raththaran kiyana Allion ekak pavichchi kare. Eka thana thiyenne nathi ewa nam, avurudu 5 kadi onama ekaka leda enawa.
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    math ahala tiyanawa MG brand eka patta kiyala. drive karala nam na.
    මට තියෙන්නේ ZS එකක්. ඒ ගෙවන ගානට දෙන features, ඉඩකඩ, කොලිටි එක වෙන කිසිම එකකට match කරන්න බෑ මචන්. price cuts තියෙනවා නැත්තේ නෑ (Buttons වල වගේ) හැබැයි Raize වගේ Toyota එකෙන් මේ Asian region එකට ගහපු ප්ලාස්ටික් ගොඩවල් එක්ක බලද්දී මුන් UK export කරන්න ගහන නිසා MG එක අතුල එහෙම සෑහෙන්න සුපිරි. Engine ගහන්නේ GM + SAIC එකෙන් Gear Box එක ගහන්නේ Aisin Japan වල. එතකොට එන්ජින්,ගියර් බොක්ස් කේස් එන්නේ නෑ. අවුරුදු 5ක් warranty තියෙන එකේ මොකක් හරි අවුලක් ආවොත් උන් හදල දෙනවා.
     

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    //මේක විවෘත මනසක් සහ කොමන් සෙන්ස් තියෙන උන් පමනක් කියවත්වා
    ලංකාවේ ටැක්ස් එක එන්නේ ඇන්ජින් දාරිතාවට. දැන් 1000cc වාහනේකට ටැක්ස් එක ලක්ශ 30ක් යැයි සිතමු. එතකොට ඔයා ලක්ශ 90ක වාහනයක් ගන්නකොට වාහනේට මිලදී ගත් මිලෙන් 66% ගෙවලා වාහනේට. වාහනේට ගෙවනවා කියන්නේ ඒකේ මැටීරියල් වලට සහ ඒකේ කොලිටි එකටනේ ගෙවන්නේ. ඔයා 50කට එකක් ගත්තා කියමු එතකොට වාහනේට වැටෙන්නේ 40% යි. ඉතින් ටැක්ස් එක නියතයක් සහ වාහනේ මිල විචල්‍ය වෙනකොට වඩාම ලාබදායි වැඩි මිල කාර්. දැන් ඒ ගනන් වලට ගන්න බෑ කියයි. ඒක නෙමේ මගෙ පොයින්ට් එක. හිතන්න අනික් ඒවට සාපේක්ශව ඕක ඔය ගානකට දෙනකොට චීනෙන් ඕක පටවන ගාන අන්න ඒ ගානට අනුව තමා ඔය වාහනේ මැටීරියල් කොලිටි එක එන්නේ... තවත් සරලව කිව්වොත් ප්ලාස්ටික් බේසමටයි රත්තරං බේසමටයි, බේසං වලට පොදුවේ කෝටියක ටැක්ස් එකක් ගැහුවොත් ඔය කරලා තියෙන්නේ කෝටියක් සහ රුපියල් දෙසීයක් දීලා ප්ලාස්ටික් බේසම ගත්ත එක. ගත්තට පස්සේ ප්ලාස්ටික් බේසම කැඩෙනකොට අවප්‍රමාන වෙන්නේ ඒකේ ටැක්ස් එකෙන් නෙමේ බේසමේ මුලු මිලෙන්. රත්තරං එක ගත්තනම් ආයෝජනෙන් වැඩි කොටසක් ඔයාගෙ අත් දෙක මත කොහොම කැඩුනත්.

    MG (මොරිස් ගරාජ් ) කියන බ්‍රෑන්ඩ් එක මැරිලම යනවා මීට දශක ගානකට කලින්. අන්තිමට සයික් කියන අමු චයිනා කොම්පැනිය ඒක අරන් saic වාහන වලට බැජ් එක එල්ලනවා. එතනින් එහාට ඕකේ ඇති MGයක් නෑ. හරියට ගීලි වල මයික්‍රෝ බැජ් ගැහුව වගේ
    ඔයාලා දැන්ම කුලප්පු වෙන්න එපා. කැට තියලා කියනවා ඕකේ මාකට් එකට තව වසර කිහිපයකින් වෙන්නේ චෙරි කිව් කිව් එකට මයික්‍රො පැන්ඩා එකටත් අන්ත චාටර් වැඩක්..

    UAE වල ඕකට උන දේ මම කියන්නම් (දැන් රෙද්ද උස්සන් එන්න එපා ඔහෙ ගනන් වලට මෙහෙ වාහන නෑ කියලා. මෙහෙත් වාහන නිකන් දෙන්නෑ. කියන කාරනාව තේරුම් ගන්න) uae extremely වාහන භාවිතා කරන රටක්. කොටින්ම හුගක් වෙලාවට අපි ගේ ඇතුලේ පාකින් එකට දාන්නෙත් නෑ වාහන ඒ තරම් දුවනවා. මෙහෙ හවාල්, චෙවි සහ ඔය mg වාහන ලෝන්ච් කලා 2014/5 වගෙ කාලේ ලොකූ ප්‍රමෝශන් එකක් දීලා. බ්‍රෑන්ඩ්නිව් නිසාත් ලක්ශ 30කට පමන අව්රුදු 5ක් ගෙවන්න සීරෝ ඩවුන් පේමන්ට් මිඩ් සයිස් suv ලැබුන නිසාත් මිනිස්සු ඕව ගත්තා. අද පාරේ දුවන ඒවගෙන් එකක් හොයාගන්න නෑ හෙඩ් ලයිට් කහ වෙලා ප්ලාස්ටික් කෑලි කර නොවුන එකක්. විකුනන්න දානකොට පකිස්තාන් කාරයෝ ගහන්නේ පරාට දෙකේ ගාන ඔෆර් එක.
    ලංකාවේ මෙහෙම ලොකු ටැක්ස් එකක් නොතිබ්බනම් සහ මද්‍යම පන්තිකයාගේ ආදායම ආදායමක් කියන්න පුලුවන් රටවල මට්ටමට තිබ්බනම් ඕක වසර 5ක ලෝන් එකට බ්‍රෑන්ඩ් නිව් අරන් වසර 5ක් පැදලා අහක දාලා ස්ක්‍රැප් කරන්න නියම ඔප්ශන් එකක්. ඒකයි ඕක සමහර රටවල විකිනෙන්නේ.. ලංකාවේ අපි තාම 2010 යේ වාහනත් අලුත් වාහන කියලා හිතන රටක්
    ආයෙත් කියන්නේ කලබල වෙලා වාහන ගන්න එපා. ලංකාව කියන්නේ වාහන මිල අදික රටක්. හොදට හිතලා බුද්දිමත්ම තීරන අරන් වාහන ගන්න//

    සයික් mg jac dfsc චෑං චූං කංකුක් ආදී චීන අටමගල ගන්න එපා කියන හේතුව.. ගිහාන්ගේ පෝස්ට් එකේ කතා උන ටික මෙතන දැම්මා
    මේක වලංගු වෙන්නේ ලංකාව වගේ ඉහල ටැක්ස් එකක් තියෙන රටකදි බ්‍රෑන්ඩ් නිව් ගන්නකොට
    ඉන්දියන් මරුති සුසුකි රෙකමන්ඩ් කලේ උන් ඒවගේ බැරි වැඩ කරන්න යන්නැතුව "ඉතාම සරලව" හදල එවනවා. ඒ නිසා මරුටිය පවතිනවා චීන එලාම් ඔරලෝසු හදන උන් අමුනලා එවන ඉලෙක්ට්‍රොනික් වැඩි වාහන වලට වඩා




    srs -

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    kohomath awurudu 5-7 hoda japan ekath pavichchi karath podi podi sadda enawane.
    mama oya minissu raththaran kiyana Allion ekak pavichchi kare. Eka thana thiyenne nathi ewa nam, avurudu 5 kadi onama ekaka leda enawa.

    ඕක තවත් කාරණයක් - ඇලියන් වගේ වාහන ජනප්‍රිය වෙලා තියෙන්නෙ ඕන තරම් ජන්ක් යාඩ් පාට්ස් තියෙන හින්ද. මොනම චීන වාහනයකටවත් නෑ ඒක.

    බ්‍රෑන්ඩ් නිව් ජපන් වාහනයක් සහ බ්‍රෑන්ඩ් නිව් චීන වාහනයක් අතර අවුරුදු පහකින් තියෙන කන්ඩිශන් එකේ පැහැදිලි වෙනසක් තියෙනව ලංකාවෙ ඇසෙම්බල් කරන ඒවගෙ ඕක තවත් වැඩියි. ලංකාවට ආපු චීන වාහනවලින් හොඳම එක කියල මං හිතන්නෙ Geely Emgrand EC7 එක - ඒකෙ වුණත් exhaust pipe එක අවුරුදු පහක් මලකඩ නොකා තියෙන්නෑ (ලංකාවෙන් දාන්නෙ)