මේ ත්‍රෙඩ් එකට මූලික මහාචාර්යතුමාගේ අත්දැකීම ඔයා ආයේ කියවල එන්න. එතැනදී එතුමා කියන්නේ විදේශයේ අධ්‍යාපනය හදාරලත් ඒ අධ්‍යාපනය ඔස්සේ තමන්ගේ මව් රටට ඇවිල්ලා ඒ දැනුම රටේ සංවර්ධනය වෙනුවෙන් භාවිතා කරන්න ගිහින් මේ කාලකන්නි දේශපාලනය නිසා අවුරුදු 10ක් දුක් විඳලා අවසානේ කලකිරීම මත රටින් පිටවෙන්න සිදු උන එක ගැන. නැතුව හම්බ කිරීම කියන දේ පදනම් කරගෙන නෙමෙයි. ඒ කතාවේ කොහෙද කොරෝනා අදාලත්වයක්. කොරෝනා වලට පස්සේ කියපු කතාවකුත් නෙමෙයි ඒ.රටට වෙලා තියෙන දේ නෙමේ මෙතන ප්‍රස්නේ වෙන රටවල් වලට යන එක
රට මොකෝ මුහුදෙන් යට වෙන්න යනවා නම් කමක් නැ
මේ කොරෝන වසංගතේ ලංකාවේ නෙමේ මුළු ලෝකෙටම බලපාල තියෙන්නේ
හැම රටක්ම වැටිලා තමා තියෙන්නේ
ලංකාව වගේ පොඩි රටවල් වලට ගොඩක් අමාරුව තේරෙනවා
මේකට රට පැනල හරි යන්නේ නැ වෙන ග්‍රහලෝකයක් හොයා ගනින්
රටට අවංකව වැඩ කරන්න උවමනාව තියෙන ඕනා තරම් අය ඉන්නවා. ඒ වෙනුවෙන් එයාල කැප වෙන්න සුදානම්. හැබැයි ඒ දේවල් ඒ මිනිස්සුන්ට තනියම කරන්න පුළුවන් කමක් නෑ. ඒ මිනිස්සුන්ට සහයෝගය අවශ්‍යයි. ඒ සහයෝගය දෙනවට වඩා අනිත් උන් බලන්නේ තමන්ට වෙන වාසිය මොකක්ද කියන එක විතරයි. දැන් මෙතන දේශපාලකයෝ උනත් රට වෙනුවෙන්ද පෙනී ඉඳලා තියෙන්නේ ??? දේශපාලනෙයන් තොරව මේ සිස්ටම් එක හරිගස්සන්න පුළුවන් විදිය ඔයා කියන්නකෝ බලන්න මචන්. හැමදේම තීරණය වෙන්නේ රටේ දේශපාලනය මත තමා. පවතින දේශපාලනය රට පෙරට තියන් වැඩ කරනවානම් මෙච්චර මිනිස්සුන්ට කලකිරෙන්න, කතා කරන්න දේවල් නෑ. අපිට හැමදාම කතා කරන්න වෙලා තියෙන්නේ රට අගාදයට යන එක ගැන විතරයි. මිනිස්සු බැරිම තැන අඩුම තමන්ගේ මානසික නිදහස වෙනුවෙන් හරි කියල මේ රට අත් හැරලා යන්නේ කරලා කරලා බැරිම තැන. නැතුව ආත්මාර්ථකාමී කම හන්දම නෙමෙයි.
math kalayak rata hitiya. e unata itin lankawa wage tamange kiyala feeling ekak enne na. 

