මේවගේ සිංහ කැටයම් කලාතුරකින් තමයි දකින්න ලැබෙන්නේ.

මේවගේ සිංහ කැටයම් කලාතුරකින් තමයි දකින්න ලැබෙන්නේ.
මේක කොහේදී ගත්ත ෆොටෝ එකක්ද?
![]()
මෙයාලා දෙන්න පිටි පස්සෙ කතා කීපයක්ම තියෙනවා.
මෙයාලා දෙන්න මෙහෙම චන්ඩි වගේ තමන්ගෙ රෑ කෑම අරගත්තට, මෙයාලා කරන හැම දෙයක් දිහාම බලාගෙන ඉන්න දෙන්නෙක් ඉන්නවා. ඒ තමා අපේ ගෙදර පූසෝ දෙන්නා. ඉදලා හිටලා දවසක අපේ දෙන්නා මේ දෙන්නගෙන් එක්කෙනෙකුගේ හරි "රහ" බලන්න පුංචි පුංචි උත්සහයන් දරනවා. ඒත් තාම එක දවසක් වත් සාර්ථක වුනේ නැහැ. මොන කරදර ආවත් මුන් දෙන්නා හැමදාමත් හවසට ඔතනට එනවා. තනියෙන් නෙවෙයි. හැමදාමත් එකට...
මේ දෙන්නා තාමත් කෙල්ලයි කොල්ලයි වගේ හිටියට එක සැරයක් අම්මා, තාත්තත් වුනා. ඒත් ඇත්තටම සතියකටත් අඩු කාලයකට. පැටවු බිත්තරවලින් එලියට ඇවිත් සතියකට විතර පස්සේ පැටවු තුන් දෙනාම අපේ දෙන්නගෙන් එක්කෙනෙකුගේ බඩට ගියා. උන් පස් දෙනාගේ අවසනාවට මේ දෙන්නා කැදැල්ල හදලා තිබුනේ අපේ උළුවස්සේ බීරළු අස්සේ...
මේ දෙන්නා ඔය බැහැලා ඉන්න තට්ටුව හැදුවේ අපේ අම්මා. අම්මා හැමදාමත් උදේට හවසට ඔතනට බත් පළතුරු දැම්මා. ඔතනින් සෑහෙන දෙනෙක් තමන්ගේ වේල පිරිමහ ගන්නවා. මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් අම්මා ඕනේ තරම් කන්න බොන්න දීලා ඇති. ඒත් අම්මගේ ජීවිතේ අන්තිම මාසේ පුරාවටම එක බත් ඇටයක් වත් බඩට දා ගන්න බැරි වුනා. ඒ මොනවා වුනත් අපි තාමත් මෙතනට බත් දානවා...
මේ කතා ඔක්කොම මට මතක් කරලා දීලා, මේ ෆොටෝ එක ගත්තට පස්සේ මේ දෙන්නා ඉගිලිලා ගියා....
Excellent Rep+ Macho camera eka details poddak kiyapanko balanna
මිනිසත් කමේ උපරිමයත් පහුකරපු අම්මෙක් වෙනුවෙන්.........මගේ ප්රණාමය...........!!!!

ඔය නුවර දළඳා මාලිගාවෙදි ගත්තු එකක්.. කෞතුගාරයට යන්න තියෙන තැන එලියට යන්න තියෙන දොරෙන් එලියට ගියාම දකුණු අත පැත්තේ තියෙන්නේ...
ස්තූතියි දිරි ගැන්වීමට සහෝ...

