MindS Photography

Apr 8, 2011
569
117
0
හෙළදිව
anatione.jpg
මේවගේ සිංහ කැටයම් කලාතුරකින් තමයි දකින්න ලැබෙන්නේ.:)
මේක කොහේදී ගත්ත ෆොටෝ එකක්ද?
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මේවගේ සිංහ කැටයම් කලාතුරකින් තමයි දකින්න ලැබෙන්නේ.:)
    මේක කොහේදී ගත්ත ෆොටෝ එකක්ද?

    ඔය නුවර දළඳා මාලිගාවෙදි ගත්තු එකක්.. කෞතුගාරයට යන්න තියෙන තැන එලියට යන්න තියෙන දොරෙන් එලියට ගියාම දකුණු අත පැත්තේ තියෙන්නේ...

    ස්තූතියි දිරි ගැන්වීමට සහෝ...
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    thebond.jpg

    මෙයාලා දෙන්න පිටි පස්සෙ කතා කීපයක්ම තියෙනවා.

    මෙයාලා දෙන්න මෙහෙම චන්ඩි වගේ තමන්ගෙ රෑ කෑම අරගත්තට, මෙයාලා කරන හැම දෙයක් දිහාම බලාගෙන ඉන්න දෙන්නෙක් ඉන්නවා. ඒ තමා අපේ ගෙදර පූසෝ දෙන්නා. ඉදලා හිටලා දවසක අපේ දෙන්නා මේ දෙන්නගෙන් එක්කෙනෙකුගේ හරි "රහ" බලන්න පුංචි පුංචි උත්සහයන් දරනවා. ඒත් තාම එක දවසක් වත් සාර්ථක වුනේ නැහැ. මොන කරදර ආවත් මුන් දෙන්නා හැමදාමත් හවසට ඔතනට එනවා. තනියෙන් නෙවෙයි. හැමදාමත් එකට...

    මේ දෙන්නා තාමත් කෙල්ලයි කොල්ලයි වගේ හිටියට එක සැරයක් අම්මා, තාත්තත් වුනා. ඒත් ඇත්තටම සතියකටත් අඩු කාලයකට. පැටවු බිත්තරවලින් එලියට ඇවිත් සතියකට විතර පස්සේ පැටවු තුන් දෙනාම අපේ දෙන්නගෙන් එක්කෙනෙකුගේ බඩට ගියා. උන් පස් දෙනාගේ අවසනාවට මේ දෙන්නා කැදැල්ල හදලා තිබුනේ අපේ උළුවස්සේ බීරළු අස්සේ...

    මේ දෙන්නා ඔය බැහැලා ඉන්න තට්ටුව හැදුවේ අපේ අම්මා. අම්මා හැමදාමත් උදේට හවසට ඔතනට බත් පළතුරු දැම්මා. ඔතනින් සෑහෙන දෙනෙක් තමන්ගේ වේල පිරිමහ ගන්නවා. මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් අම්මා ඕනේ තරම් කන්න බොන්න දීලා ඇති. ඒත් අම්මගේ ජීවිතේ අන්තිම මාසේ පුරාවටම එක බත් ඇටයක් වත් බඩට දා ගන්න බැරි වුනා. ඒ මොනවා වුනත් අපි තාමත් මෙතනට බත් දානවා...

    මේ කතා ඔක්කොම මට මතක් කරලා දීලා, මේ ෆොටෝ එක ගත්තට පස්සේ මේ දෙන්නා ඉගිලිලා ගියා....

    මිනිසත් කමේ උපරිමයත් පහුකරපු අම්මෙක් වෙනුවෙන්.........මගේ ප්‍රණාමය...........!!!!
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    | T H E C H A I N |

    thechain.jpg

    මේක මගේ ෆෝන් එකෙන් ගත්තු පින්තූරයක්... කැළණිය පන්සලේදී මේක ගත්තේ. මට මතක විදිහට මේක තිබුනේ පහන් වැට පැත්තේ බුදුගෙයි බිත්තියේ... පැනොරාමා විදිහට අරගත්තු ෆොටෝ එකක්...
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    ඔය නුවර දළඳා මාලිගාවෙදි ගත්තු එකක්.. කෞතුගාරයට යන්න තියෙන තැන එලියට යන්න තියෙන දොරෙන් එලියට ගියාම දකුණු අත පැත්තේ තියෙන්නේ...

    ස්තූතියි දිරි ගැන්වීමට සහෝ...

    මේවගේ අපට ඇස නොගැටෙන සුන්දර කලාත්මක දේවල් කොච්චර නම් ඇත්ද?
    ඒවගේ දේවල් නිර්මාණශීලිව කැමරාකාචය මත හසුකරගනිමින් අප සමග බෙදාගැනීම ගැන ඔබට අනේකවාරයක් ස්තූතියි සහෝ.:)
    තව තවත් මේවගේ අලුත් නිර්මාණ
    මතුවටත් ඔබගෙන් බලාපොරොත්තුවෙනවා.:yes: