කෘෂිකර්ම අමාත්‍යාංශයේ බීජ සහතික කිරීමේ ඒකකය හා එක්ව සංවිධානය කළ දේශීය බීජ සැපයුම් ඒකක සහ රෝපණ ද්‍රව්‍ය සැපයුම් කරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනේ සමාරම්භක උළෙල අමතමින් කෘෂිකර්ම සංවර්ධන අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ අද ගොවිතැනට තිබෙන උනන්දුව කෙතරම්ද යත් අද තරුණ තරුණයින් ෆේස්බුක් තුලින් පවා කතා කරන්නේ ගොවිතැන ගැන බව හෙළිවීමෙන් පෙනීයන බවයි.
එතුමා සිදුකල කතාව පහතින්
"ජනාධිපතිතුමාගේ දිවි නැගුම වැඩසටහනත් එක්ක තමන්ගේ ගෙවත්ත වගා කරගන්න හැමෝම යොමුවෙලා. දැන් ඔය තරුණ තරුණියන් එකතු වෙලා බලන ෆේස් බුක් එකේ, කථා වෙන්නෙත් ගොවිතැන ගැන තමයි.
ඉස්සර තරුණ තරුණියෝ ෆේස් බුක් එකට දැම්මේ තමන් ගියපු විනෝද ගමනක්. එහෙම නැත්නම් පි‍්‍රය සම්භාෂණයක දී, උත්සවයක දී, ගත්ත ඡායාරූප. එහෙමත් නැත්නම් එක එක පැත්තට කැරකිල ගන්න තමන්ගේම ඡායාරූප ටිකක්.
ඒත් අද තත්ත්වය හුඟක් වෙනස් වෙලා. මේ ළඟදි මමත් ඔය ෆේස්බුක් වෙබ් අඩවියට ගියා.
අපිත් පරිගණකයක් ළඟට ගියහම බලනවා ඉතින් මේ වයෙ මොනවද වෙන්නෙ කියලා.
දැන් හුඟක් තරුණ තරුණියන්ගේ ෆේස් බුක් ගිණුම් වලට දාල තියෙන්නේ තමන්ගේ ගෙවත්ත වගා කරපු හැටි. තමන්ගේ වගාවෙන් ලබපු සරු අස්වැන්නේ ඡායාරූප.
ගොඩක් අය ඒ ඡායාරූප ෆේස් බුක් එකට එකතු කරල තිබුණෙ ලොකු අභිමානයකින්. ඒ ඡායාරූප ගැන අනෙක් යහළුවන්ට විස්තර කරල තියෙන විදියෙන්ම ඒක පැහැදිලි වෙනවා.
මේක හොඳ ප්‍රවණතාවයක්. තරුණ තරුණියන් ගොවිකමට ආකර්ෂණය වීම මේ රටේ අනාගතය පිළිබඳව සුබවාදීව හිතන්න ඉඩ ඉතිරි කරනවා."
පව් හැබැයි ඉතින්.......එහෙම ඇත්තටම දාන අයත් ඇති. ඒත් ෆේස්බුක් එකේ ගොවිතැන ගැන කියපු ගමන් මතක් වෙන්නෙ barn buddy නෙ.

Last edited:
amathiya innawada danne na FB