යාගොඩමුල්ලේ අනතුරෙන් තවත් අයෙක් මියයයි (UPDATE) ( නිෂාන් ද සිල්වා ) 2015-09-10 11:37:54 Views - 5543
මිනුවන්ගොඩ යාගොඩමුල්ල ප‍්‍රදේශයේ අද පෙරවරුවේ සිදුවු රිය අනතුරෙන් ජිවිතක්‍ෂයට පත්වු ජනාධිපති ආරක්‍ෂකයින්ගේ සංඛ්‍යාව 05ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
අනතුරෙන් සිද්ධිය වු ස්ථානයේදීම සිව් දෙනෙකු ජිවිතක්‍ෂයට පත්වු බවයි පොලිසිය පැවසුවේ. බරපතල තුවාල ලබා ගම්පහ මහරෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් පොලිස් නිලධාරියෙකු අද පස්වරුවේ ජිවිතක්‍ෂයට පත්වුණා.
අනතුරෙන් තුවාල ලැබු කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පස් දෙනෙකු තවදුරටත් ගම්පහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.
අනතුර සිදුවුණේ බස් රථයක් සහ ජනාධිපති ආරක්ෂක අංශයේ සෙබළුන් ගමන් ගත් ඩිෆෙන්ඩර් වර්ගයේ ජිප් රථයක් එකිනෙක ගැටීමෙන්.
ඒ, ඔවුන් මලගෙදරක යමින් සිටියදියි. අනතුර සිදුවන අවස්ථාවේ එම ප‍්‍රදේශයට වර්ෂාව ඇද හැලෙමින් තිබුණා.
අධික වේගයෙන් පැමිණි ඩිෆෙන්ඩර් රථය වංගුවක් ආශ‍්‍රිත ප‍්‍රදේශයේ දී බස් රථයක් පසුකර යාමට උත්සහ දරා ඇති අතර ඒ අවස්ථාවේ අනෙක් පසින් ඉදිරියෙන් පැමිණි තවත් බස් රථයක ගැටී මෙම අනතුර සිදුවුණා.
- See more at: http://nethfm.com/article/82276#sthash.VvpbYjEs.dpuf