ඕකෙ EFI, carburetor moddle 2ක් තියෙනව. තව ඉන්දියන් එකකුත් තියෙනව. මම හිතන්නෙ අඩු ගානට තියෙන්නෙ ඉන්දියන් මොඩ්ලුයි, කාබ් මොඩලුයි. කාබ් අාපුව ගොඩක් brand new තියෙන්නෙ. දන්න තරමින් මේවයෙ කාබ් එක ටියුන් කරන්න ටිකක් අමාරුයි (හොඳ බාස්ල අඩුයි), මාකට් එකත් අඩුයි. EFI එකනං හොඳයි. ඔප්ෂන් එහෙමත් වැඩියි. ගන්නවනම් EFI එකක්ම ගන්න.
ගන්න කොට අනිවා බලන්න දිරුම් තියෙනවද කියල. තව හරියට idling හිටිනවද කියල බලන්න (idling speed අඩු වැඩි වෙනවද, වාහනේ දෙදරන ගානට slow වෙනවද වගේ වෙනස්කම්) මොකද ck2 efi එකට idling අවුල common ලෙඩක් වගේම එ්ක හොඳකරන්න throttle body අලුතින් දාන්න වෙනව. කවදාවත් වාහනේක වටිනාකම බොඩිකිට් එකෙන්නම් බලන්න එපා.
ගන්න කොට පොතත් එක්ක චැසි නම්බර් හොදට බලන්න. මොකද අපි නිකම්ම ck2 කිව්වට වර්ග හෙන ගොඩක් තියෙනව. එ්කයි ලක්ෂ15 ඉදන් 25 විතර වෙනකල් ලොකු මිල පරාසයක් තියෙන්නෙ. ඉතින් අපේ අයියල ඉන්දියන් එකකට චැසි නම්බර් කොටල වැඩි ගානට දෙන්නත් පුලුවන්.