ලොකු හදිසියක් උදව්වක් ඕනේ

sa34

Junior member
  • Sep 23, 2024
    98
    31
    18
    මට හදිසි තීරණයක් ගන්න වෙලා තියෙනවා. මගේ අනාගතේ සම්බන්ධෙන්.මට වයස 23යි.

    මට දැන් HND (sliate) mechanical engineering ඇවිත් තියෙනවා. (අවුරුදු4)
    මේකට රෙජිස්ටර් වෙන්න තියෙනවා අනිද්දා (27)
    1)මට මේ කෝස් එක හොදද නරකද කියන්නකෝ. ලංකාවේ job අඩුයිද?
    පිලිගැනීම අඩුයිද?
    2)මගේ වයසත් එක්ක කරන්න පුලුවන් හොදම දේ මොකක්ද?
    3)මේක කරලා hnd එකෙන් විතරක් ගල්ෆ් හරි යන්න පුලුවන්ද හොද පඩියකට?

    මට තව option එකක් තියනවා student loan එකෙන් financial mathematics and applied statistics කරන්න sliit එකේ.(4 years) මේ ෆීල්ඩ් එක ගැනත් කියන්න.

    මම hnd register උනොත් loan ekata disqualified වෙනවා.

    මගෙ වයසත් එක්ක ගන්න පුලුවන් හොදම තිරනේ මොකක්ද හොද පඩියක් අරන් සැපේ ඉන්න නම්.

    @dilann
    @tharakaf
    @RealityOfX
    @SudaW
    @Ashan052
    @shenat
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,993
    15,480
    113
    New Zealand
    hnd 4 YEARS? :rolleyes: :rolleyes: :rolleyes:

    Open uni එකේ මැකැනිකල් කරපන්කෝ. ඉන්ටනල් ඩිග්‍රියක් දෙන්නේ. අවුරුදු 4 යද්දි කෙලින්ම උපාධියක් දෙන්නේ. දැන් ප්‍රයිවට් කැම්පස්වලිනුත් ඩීග්‍රි කරපු උන් ඕනි තරම් එලියට එනවා. ටෙක් කෝස් , nvqදැන් ගණන් ගන්නෙ නෑ බන්

    උබට පොඩී ජොබ් එකක් කරන ගමන් මේක කරන්න පුලුවන්. කෝස් මැටිරියල්, ලෙක්ච රෙකෝඩින් හැම එකක්ම LMSඑකට දානවා.

    https://ou.ac.lk/programme/bachelor-of-science-honours-in-engineering-mechanical-engineering/
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    Slit eke oka witarada mcn tiyenne. Okanm itin direct job market ekak na danna widihata. Actuarial science pattata nam hodai.

    Hariyata path ekak natm karanna epa. HND oya course eka gana danne nam na hoyala balanna tawa hodata. Bump
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,405
    166,795
    113
    එකමත් එක රටක
    HND හොදයි මම හිතන්නේ .

    කෝකටත් පහුගිය අවුරුදු වල , ඕවා කරපු උන් දැන් කොහෙද ඉන්න කියලා පොඩ්ඩක් හොයල බලන්න .
     
    • Like
    Reactions: sa34

    sa34

    Junior member
  • Sep 23, 2024
    98
    31
    18
    hnd 4 YEARS? :rolleyes: :rolleyes: :rolleyes:

    Open uni එකේ මැකැනිකල් කරපන්කෝ. ඉන්ටනල් ඩිග්‍රියක් දෙන්නේ. අවුරුදු 4 යද්දි කෙලින්ම උපාධියක් දෙන්නේ. දැන් ප්‍රයිවට් කැම්පස්වලිනුත් ඩීග්‍රි කරපු උන් ඕනි තරම් එලියට එනවා. ටෙක් කෝස් , nvqදැන් ගණන් ගන්නෙ නෑ බන්

    උබට පොඩී ජොබ් එකක් කරන ගමන් මේක කරන්න පුලුවන්. කෝස් මැටිරියල්, ලෙක්ච රෙකෝඩින් හැම එකක්ම LMSඑකට දානවා.
    ඔපන් එක කරන්න ගොඩක් කල් යනවා කිව්වනේ අහන අහන අය.
    Slit eke oka witarada mcn tiyenne. Okanm itin direct job market ekak na danna widihata. Actuarial science pattata nam hodai.

    Hariyata path ekak natm karanna epa. HND oya course eka gana danne nam na hoyala balanna tawa hodata. Bump
    මම student loan එකෙන් දාන හින්දා ඒකටත් z Score එක බලනවා.
    Financial mathematics & applied stats degree එක state uni වලින් දැනට දෙන්නෙ colombo,ruhuna විතරයි.

    තව bsc IT තියනවා
    Supply chain management තියනවා.

    HND හොදයි මම හිතන්නේ .

    කෝකටත් පහුගිය අවුරුදු වල , ඕවා කරපු උන් දැන් කොහෙද ඉන්න කියලා පොඩ්ඩක් හොයල බලන්න .
    හොයනව කවුරුත් නෑනෙ හම්බුනේ. කරපු අය හොයල fb මැසේජ් දැම්මට reply කරන් නෑ
    ------ Post added on Aug 25, 2025 at 11:15 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,993
    15,480
    113
    New Zealand
    ඔපන් එක කරන්න ගොඩක් කල් යනවා කිව්වනේ අහන අහන අය.
    ළගදි කරපු කෙනෙක්ගෙන් අහලා කරපන්. ඉස්සර වගේ දැන් ගොඩක් කල් ඇදෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: sa34

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඔය කරපන් උබ එලියට එනකොට ඔය ඉගෙනගත්‍ත ඒවට ජොබ් මාකට් එකක් නෑ කෝමත් දැන්, අනික ඔය ඉගෙන ගන්න ඒවා ප්‍රඩක්ශන් වල බේසික් පමණයි වෘතිය පරිසරය වෙනස් . ඒ කාලෙට තියන විදියට සෙට් වෙයන් . ඔච්චර ස්ට්‍රෙස් වෙන්න එපා . ඉගෙනගත්ත එකක් අපතේ යන් නෑ. නිකං දෙන අස්පයගේ දත් ගනින්න එපා .

    මතු රැකෙනා ශිල්පයමයි උගත මනා ☝️
     
    • Like
    Reactions: chamira85

    sa34

    Junior member
  • Sep 23, 2024
    98
    31
    18
    ඔය කරපන් උබ එලියට එනකොට ඔය ඉගෙනගත්‍ත ඒවට ජොබ් මාකට් එකක් නෑ කෝමත් දැන්, අනික ඔය ඉගෙන ගන්න ඒවා ප්‍රඩක්ශන් වල බේසික් පමණයි වෘතිය පරිසරය වෙනස් . ඒ කාලෙට තියන විදියට සෙට් වෙයන් . ඔච්චර ස්ට්‍රෙස් වෙන්න එපා . ඉගෙනගත්ත එකක් අපතේ යන් නෑ. නිකං දෙන අස්පයගේ දත් ගනින්න එපා .

    මතු රැකෙනා ශිල්පයමයි උගත මනා ☝️
    Hnd එකකට අවුරුදු 4ක් කියන්නේ වැඩී නේ. ඒ කාලේ degree එකක්ම කරන්න පුලුවන්.

    මට ආසාව තිබ්බේ IT කරන්න ඉස්සර ඉදන්ම. දැන් හැමෝම කරන හින්දා මට මොනව කරන්නද හිතාගන්න බැ
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,248
    4,040
    113
    Oya deken lesiyen ubata job hoyanna puluwan HND eke.eta passe top up degrek karapan .

    Student loan dala oka karana eka nam wadakata athi deyak nam newai wage
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    Hnd එකකට අවුරුදු 4ක් කියන්නේ වැඩී නේ. ඒ කාලේ degree එකක්ම කරන්න පුලුවන්.

    මට ආසාව තිබ්බේ IT කරන්න ඉස්සර ඉදන්ම. දැන් හැමෝම කරන හින්දා මට මොනව කරන්නද හිතාගන්න බැ
    ඩිග්‍රි ,hnd ඔය ඔක්කම එකයි බාන් . ඔච්චර හිතන්න එපා . එලියට ආවම ඔය ඉගෙනගත්ත සිලබස් එකේ කොටසිකින් ඔයා මුලු ජිවිත කාලෙම රස්සාවක් හරි බිස්නස් එකක් කරයි එම බැලුවම අරක මේක ඉගෙන ගත්‍තා කියලා වෙනසක් නෑ. no one gives fuck about education . වෙන්න ඕනේ වෘත්තීය ජීවිතයට ආවම එන ඕනේම දෙයක් අල්ලන් කරන්න පුලුවන් වෙන ඇනලිටිකල් මෙව්වා එක හදාගන්න එක . සමහරවිට ඕක කරලා උබ කුඹුරු කොටයි . ඔන්න ඕක කරපන් ඕම බල බල මේ ලෝකේ දියුනු උන උන් කරලා නෑ යන මග තමා අවශ්‍ය දේවල් ඉගෙන ගන්නේ . අනික දැන් තාක්ශණය එක්ක ඔය කොලකෑලි නැතුවත් ඉගෙන ගන්න පුලුවන් .
     
    • Like
    Reactions: sa34

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,332
    2,201
    113
    California
    මට ආසාව තිබ්බේ IT කරන්න ඉස්සර ඉදන්ම. දැන් හැමෝම කරන හින්දා මට මොනව කරන්නද හිතාගන්න බැ
    ඉතින් ආස දේ කරන්න?
     
    • Like
    Reactions: Mugen

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    Hnd එකකට අවුරුදු 4ක් කියන්නේ වැඩී නේ. ඒ කාලේ degree එකක්ම කරන්න පුලුවන්.

    මට ආසාව තිබ්බේ IT කරන්න ඉස්සර ඉදන්ම. දැන් හැමෝම කරන හින්දා මට මොනව කරන්නද හිතාගන්න බැ
    Itin slit eke IT degree ekak nadda ?
     
    sa34

    Junior member
  • Sep 23, 2024
    98
    31
    18
    Itin slit eke IT degree ekak nadda ?
    Thiynwa. Dn it karana aya wadine. Anthimata loan ekwath gewaganna bariweida kiyala bayai

    HND හොදයි මම හිතන්නේ .

    කෝකටත් පහුගිය අවුරුදු වල , ඕවා කරපු උන් දැන් කොහෙද ඉන්න කියලා පොඩ්ඩක් හොයල බලන්න .
    3 ½ years kiwwata.4 year ynwalu.
    Man hoyala baladdi jobs nam thiyenawalu. Eth salary adui man hithanne
    ------ Post added on Aug 26, 2025 at 12:39 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,405
    166,795
    113
    එකමත් එක රටක
    3 ½ years kiwwata.4 year ynwalu.
    Man hoyala baladdi jobs nam thiyenawalu. Eth salary adui man hithanne
    ඔය cs වගේ නෙවෙයි . අනිත් Eng field වල මුලින් අඩුයි තමයි. හැබැයි කල් යද්දී වැඩි වෙනව හරියට ගියොත් . උබට ආසාව ඕනෑකම තියනවද නම් ඔය උබ තෝරාගන්න field එකට , පලවෙනි ඩිග්‍රිය ගැන ලොකුවට හිතන්නේ නැතුව පිළිගත්ත හොද තැනකින් කරපං . එතනින් පස්සේ ජොබ් එක කරන ගමන් වැඩිදුර ඉගෙන ගත්තොත් ඕක එච්චර අදාළ වෙන්නේ නෑ ...
     
    • Like
    Reactions: sa34