සිය ගුද මාර්ගය තුළ ජංගම දුරකථන සඟවාගෙන සිටි කළුතර බන්ධනාගාරයේ රැඳවූවන් සිව් දෙනෙකු බන්ධනාගාර අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි අධිකාරි එමිල් රංජිත් ළමාහේවගේ මහතා ප්‍රකාශ කළේ පසුගිය දින කිහිපය තුළ සිදු කළ පරීක්ෂණවලදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. අදාළ පිරිස නාගොඩ මහ රෝහලේදී එක්ස් කිරණ පරීක්ෂාවකට ලක් කෙරුණා. ඒ ඔවුන්ට ඇතිව තිබූ රෝගී තත්ත්වයන් හේතුවෙන්. එහිදී ශරීර අභ්‍යන්තරයේ දුරකථන සඟවාගෙන සිටි එම පිරිස බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බවයි අධිකාරිවරයා වැඩිදුරටත් කියා සිටියේ.












