ඔයාලා දන්නව ඇති මේ වෙද්දි Dialog හා Mobitel කියන සමාගම් දෙකෙන්ම අන්ලිමිටඩ් Youtube පැකේජ් එකක් දෙනවා.
මේ ගැන පහුගිය ටිකේ මමත් කිරියේ කට්ටියගේ අදහස් හොයල බැලුවා. ඔන්න ඔහේ කියල මගේ සිම් එක මොබිටෙල් නිසා ඒකට මේ යූටියුබ් පැකේජ් එක දාගත්ත. උබලගෙත් දාගන්න අදහසක් තියෙයිනම් මම කියන්නේ දාගන්න එපා කියන එක
ඇයි?
ඇයි?
- මේකේ උබට හම්බෙන්නේ ,YouTube පැකේජ් එක විතරයි. ඩයලොග් එකේ වගේ අමතර ඩේටා හම්බෙන්නේ නෑ.YouTube බලද්දි දැන්විම් එන එක සාමාන්‍ය දෙයක්නේ. ඒ වගේ දැන්විම් ආවොතින් හරි මොනාහරි ඇප් එකක බැක්ග්‍රවුන්ඩ් ඩේටා යූස් වුනොතින් උබට උබේ නොමල් කනේක්ෂන් එකේ ඩේටා කැපෙනවා.
සමහරවිට උබ නෝමල් කනෙක්ෂන් එකට ඩේටා පැකේජ් එකක් දාගෙන නැත්නම් (මම වගේ) උබට හොදට කැපෙනවා සල්ලි. ඒ නිසා මේ පැකේජ් එකට අමතරව ඩේටා පැකේජ් එකක් දාගන්නත් තව ගානක් දෙන්න ඕන. - රු.249 ට අමතරව තව ටැක්ස් එකකුත් වදිනවා. ඩයලොග් එකේ 248 ටැක්ස් එක්කම.
- උබට HD බලන්න පුලුවන් 25GB වෙනතුරු විතරයි. 25GB කියන්නේ HD විඩියෝ කිපයක් බැලුවම පොඩි ගානක්.




