MODA JOKES!!!(Contd...)

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ගෙදරට එන විදිහ...
    මම කලකින් යහළුවෙකුගේ නිවස අසලින් යන අතරතුර එහි ගොඩවීමට සිතී ඔහුට දුරකථන ඇමතුමක් දුණිමි.

    යහළුවා - "හලෝ මචං, කොහොමද?"
    මම - "ඒක නෙවෙයි මම උඹලගෙ ෆැලැට් එක ලඟ ඉන්නේ... ගෙදරට එන විදිහ කියපං"
    යහළුවා - "හරි මචං, ඔතන තියෙන පාක් එකේ කාර් එක දාපං, ඊට පස්සේ 3බී ෆ්ලැට් එකට වරෙන්. දකුණු අතේ වැලමිටින් ලිෆ්ට් එකේ 6 තට්ටුවේ බටන් එක ඔබපං. ඊට පස්සේ දකුණු පැත්තට හැරිලා 2 වෙනි ගේ. බෙල් එක වම් අතේ වැලමිටින් ගහපං... මම ගෙදර ඉන්නවා..

    මම - " ඒක නෙවෙයි... ඇයි මට වැලමිටින් බට්න් ඔබන්න කියන්නේ. ?"
    යහළුවා - "නෑ මචං, බයිට් ට්ක එක අතක, අනෙක් අතේ බෝතලේ වැටුනොත් එහෙම"


    :D:D:D

    00020285.gif




    තව දාපන්
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    Where is your mom ?
    ‍"හෙලෝ.... හෙලෝ...... ආ.... පුතා මම දැන් ගේ ලඟටම ඇවිල්ලා ඉන්නේ අම්මිට කියන්න ගේට්ටුව අරින්න කියලා"
    පුතා - "හා තාත්තී..."
    "හෙලෝ.... හෙලෝ.... පුතා කෝ ඔයා අම්මිට කිව්වේ නැද්ද ගේට්ටුව අරින්න කියලා. ‍මම මේ ගේට්ටුව ලඟ ඉන්නේ"
    පුතා - "මම කිව්වා"
    "ඉතිං"
    පුතා - "මම යනකොට අම්මි ගේ කාමරේ දොර වහලා. මම දොරට තට්ටු කරහම අම්මී ඇහුවා "මොකද කියලා" එතකොට මම කිව්වා "තාත්තී ලඟම එනව කිව්වා ගේට්ටුව ඇරල තියන්න කිව්වා කියලා"
    "ඉතිං.."
    පුතා - "කාඹරේ ඇතුලේ ලොකු කලබලයක් වගේ ඇහුනා... ඊට පස්සේ දඩීං.... ගාලා කව්ද බිම වැටුනා... ඊට පස්සේ ජනේලේ අරින සද්දේ ඇහුනා..."
    "ඊට පස්සේ"
    පුතා - "මම කාමරේ දොර ඇරල බලනකොට අම්මී බිම වැටිලා හිටියා. එයාගේ ඔලුව හොඳටම තුවාල වෙලා එයාට සිහි නැහැ. මම ඇරල තිබුන ජනේලෙන් පහල බැලුවා. කව්ද පිස්සෙක් වතුර අස්කරපු පූල් එකට උඩ තට්ටුවේ ඉඳල පැනලා"

    "ඔහ්! මොන පූල් එකද? මොන උඩ තට්ටුව ද? අපේ ගෙදර පූල් එකක් නැහැනේ. වෙරි සොරි පුතා රෝන්ග් නම්බර් "



    Maxxa Machan
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,240
    113
    Mars
    New Year අවුරුදු චාරිත්‍ර
    තේගිරිස් ගමේම සිටි බයාදුම මිනිසා යැයි කීවොත් නිවැරදිය. හේ ඉතා පාඩුවේ තම පවුලේ අගහිඟකම් සපුරමින් ජීවිතය ගෙන ගියේය.

    පරණ අවරුදු දා පංසලේ ඝාන්ටාරය නාද කර ගැමියන් කැඳවා, ඔවුන්ට අවුරුදු නැකැත් පිළිබඳව දැනුම් දීම හාමුදුරුවන්ගේ සිරිතය.

    සිරිත් පරිදි ඇසුණු ඝාන්ඨා නාදයෙන් කලබල වුන තේගිරිස්ගේ බිරිඳ "තමුසේ විගහින් ගිහින් නැකැත් අහගෙන එනවා" යි පැවසීය.
    තේගිරිස් - "අනේ තමුසේ යනවකෝ... මම ඕවට වැඩිය කැමති නෑනේ.."
    බිරිඳ - "ඔය බලනවකෝ.... මට කොයිතරම් වැඩද ? මේ කැවුම් ටික බැදගන්නත් තියෙනවා. ගිහින් එනවකෝ"

    බිරිඳගේ බලකිරීම නිසාම කමිසයක් ඇඟට දාගත් හෙතම හීං සීරුවේ පංසල වෙත ඇදී... දාන ශාලාවේ බිත්තියට හේත්තුවී හාමුදුරන්ගේ කථාවට ඇහුම්කන්දීගෙන සිට ගෙදර ආවේය.

    අළුත් අවුරුද්ද උදාවිය. ලිප මෙලවීමේ නැකතට දසත රතිඥ්ඥා සද්දෙට දෙකන් බීරිවන තරම්ය. තේගිරිස් දරුවන් දෙදෙනා වත්ත පල්ලෙහාට පිටත් කර යැවුවේ ඔංචිලි පදින ලෙස අණකරමිනි. ලිප මොලවන නැකතට රතිඥ්ඥා පත්තුවන්නට විය.

    තේගිරිස් - "ගලවනවා ඉතිං ඔය චීත්තේ..."
    බිරිඳ - "මොන යකෙක් ගහලද තමුසෙට මේ ‍නැකැත් වෙලාවේ"

    තේගිරිස් - "හාමුදුරුවෝ කිව්වේ එහෙම තමයි යෝදියේ.... මේ සැරේ ලිප මොලවන්න තියෙන්නේ නිර්වස්තරෙන්"
    බිරිඳ - "ම්... ඈ...."
    තේගිරිස් - "ඔව් යෝදියේ රෙද්ද ගලවල ඕක මොලවපං"

    සියල්ල සිරිත් පරිදි සිදුවිය. දින කීපයකට පසු නාන්නට ගිය තේගිරිස්ගේ බිරිඳ ගමේ ගෑනුත් එක්ක
    "මේ සැරේ නැකත තමයි නැකත, යි පැවසීය"
    මෙය අසා සිටි අනෙක් ගෑනු ඇයි මොකද ? වෙනද වගේමනේ. ඇයි උඹ මොකද කලේ.

    "නෑ මම කිව්වේ මට නම් ලැජ්ජාවේ පනගියා"
    පසුව සිදුවූ දේ ඇය විස්තර කලාය. අසාසිටි සියළු දෙනාම බඩවල් අල්ලා ගෙන සිනාසෙන්නට විය.

    සිදුවී තිබුනේ මෙසේය .....

    හාමුදුරුවන් කියා තිබුණේ නිල්වස්ත්‍රයෙන් සැරසී ලිප මොලවන ලෙසය. තේගිරිස් එය අසාගෙන ඇත්තේ නිර්වස්ත්‍රයෙන් සැරසී ලිප මොලවන ලෙසටය.