Moebius - විශේෂඥ්ඥයන්ට පමණයි
2012 වසරේ Golden Lion සම්මානය ලබාගත් kim ki duk විසින් 2013 වසරේදි ඔහුගෙ සිනමා ශෛලය අනුව Moebius චිත්‍රපටය නිර්මානය කොට ප්‍රේක්ෂකයා වෙත එලිදක්වා ඇත. බොහෝ විට ඉතා දරදඬු එහෙත් සෘජු කතා තේමාවන් රැගෙන එන kim ki duk ගෙ චිත්‍රපට තුල ප්‍රන්ශ කලාත්මක සාහිත්‍යයේ ආභාෂයත් බෞද්ධ දර්ශනයේ ආභාෂය දක්නට ලැබෙනව. Black comedy ගනයට යත් Moebius චිත්‍රපටය තුලින් ඇස් රතුකරගෙන සිනාවීමට ප්රේක්ෂයාව පොලඹනව අතර ඒ තුලින් කතාවෙ සැඟවුන අර්ථය නරඹන්නාට සමීප කරයි. මේ ආකාරයේ චිත්‍රපට නැරඹීමට විශාල මානසික එකාග්‍රතාවයක් තිබිය යුතුය. එසේ නොමැතිනම් පලමු මිනිත්තු දහය තුල චිත්‍රපට එපාවිය හැකිය. ලන්කා සිනමා ඉතිහාසය තුල මෙවන් චිත්‍රපට දක්නට නොමැති අතර යම් ප්රමානයකින් හෝ සමීප විය හැක්කෙ සුලඟ එනු පිනිස සහ ඉගිලෙන මාලු වැනි ප්‍රන්ශ සාහිත්‍ය කේන්ද්‍ර කොටගත් නිර්මානවලට පමනයි.මෙවර මෙම චිත්‍රපටයෙ එකදු දෙබසක් හෝ දකින්න නොලැබීම විශේෂ කොට සැලකිය හැකියි. එහෙත් කතාව තිරරචනය තුල ඇති ජවසන්න බව නිසා කතාව ඕනේම අයෙකුට වැටහේ. moebius රසවිඳිය නොහැක. ඒ වෙනුවට චිත්‍රපටයෙ ඇති දර්ශනවල නියම අර්ථය වටහාගැනීම කල යුතුය.
මෙම කතාව ගොඩනැගී ඇත්තෙ මව, පියා සහ පුතුගෙන් යුතු පවුලක් වටා වන අතර කතාව ආරම්භයේදී පියා වෙනත් කාන්තාවක සමග අනියම් සම්බන්ධතාව ගොඩ නගා ගෙන ඇති බවට හෙලිවේ. ඉන් පසුව මව මේ ක්‍රියාවට විරෝධය දක්වන අතර ඒ නිසාම ඇය සැමියාගෙන් පලි ගැනීමට උත්සාහ කරයි. මේ අවස්ථාවේදී පලි ගැනීමට සිතූ කාන්තාව සැමියාගෙ පුරුෂ ලිඟුව කපා දැමීමට මාන බලයි. එහෙත් උත්සාහය වැලකෙන අතර ඉන්පසුව කාන්තාව තම පුතාගෙ පුරුෂ ලිඟුව කපා ආහාරයට ගනියි. ඉන්පසුව මව ගෙදරින් පලායයි.
මේ සිදුවීම නිසා පුතා සමාජයේ විවිධ ආකාරයේ කම්කටොළුවලට මුහුන දෙන අතර කලකට පෙර තම පියාගෙ අනියම් පෙම්වතිය මොහුව තමන් සතු කරගැනීමට මාන බලයි. මේ පුතාට අවෂ්‍යතාව තිබුනට එක ඉටුකරගත නොහැකිවෙයි. එහෙත් අහබු සිදුවීමකින් මේ කාන්තාව සමූහ දූෂනයකට ලක්වෙන අතර පුතාද ඊට සම්බන්ධ වෙන අතර කෙසේ හෝ පුතා මෙයින් ගැලවෙයි. මේ අතර තම පුතාට අත්වූ ඉරණම පිලිබඳ කම්පාවට පත්වෙන පියා තම පුතාට තමන්ගෙ ලිඟුව ලබාදීමට ක්‍රමයක් සොයයි. එහීදී පියා ලිඟුවක් නොමැතිව ඒ සතුට ලබා ගැනීමට ක්‍රමයක් සොයාගනීයි. ඒ තම ශරීරයට දුක් දීමයි. කොටින්ම තම ශරීරය රිදවා ඉන් සතුට ලබා ගැනීමයි. මේ ආකාරයෙන් ඉදිරියට ගලායන කතාව මවගෙ නැවත ආගමනයත් සමග තවත් ජුගුප්සාජනක වේ.
මෙම චිත්‍රපටය විනෝදජනක බවට විවාදයක් නොමැත. එමෙන්ම අධ්‍යක්ෂකවරයා මේ හිරිකිත, බාල චරිතවල ඇති ස්වරූපය මැනවින් ප්රේක්ෂයා වෙත සමීප කරයි. දෙබස් රහිත මෙම චිත්‍රපටයේ දී අධ්යක්ෂකවරාගෙ හැකියාවන් මනාව ඉස්මතුවෙන අතර කතාවේ අවසාන ඉතා සිත්ගන්නා ආකාරයෙන් සිදුවේ. සැබැවින්ම මෙම චිරපටයෙ පුරුෂ ලිඟුව තුලින් ඒ සමග බැඳී තිබෙන රාගය/බැඳීම්/හැඟීම් නිරූපනය වේ. කතාවෙ සම්පූර්න අර්ථය ගලපා ගැනීමටනම් සම්පූර්න චිත්‍රපටයම නැරඹිය යුතුය.
Watch here