Moebius - විශේෂඥ්ඥයන්ට පමණයි

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,643
    2,429
    113
    Moebius - විශේෂඥ්ඥයන්ට පමණයි

    20130619001178_0.jpg


    2012 වසරේ Golden Lion සම්මානය ලබාගත් kim ki duk විසින් 2013 වසරේදි ඔහුගෙ සිනමා ශෛලය අනුව Moebius චිත්‍රපටය නිර්මානය කොට ප්‍රේක්ෂකයා වෙත එලිදක්වා ඇත. බොහෝ විට ඉතා දරදඬු එහෙත් සෘජු කතා තේමාවන් රැගෙන එන kim ki duk ගෙ චිත්‍රපට තුල ප්‍රන්ශ කලාත්මක සාහිත්‍යයේ ආභාෂයත් බෞද්ධ දර්ශනයේ ආභාෂය දක්නට ලැබෙනව. Black comedy ගනයට යත් Moebius චිත්‍රපටය තුලින් ඇස් රතුකරගෙන සිනාවීමට ප්‍රේක්ෂයාව පොලඹනව අතර ඒ තුලින් කතාවෙ සැඟවුන අර්ථය නරඹන්නාට සමීප කරයි. මේ ආකාරයේ චිත්‍රපට නැරඹීමට විශාල මානසික එකාග්‍රතාවයක් තිබිය යුතුය. එසේ නොමැතිනම් පලමු මිනිත්තු දහය තුල චිත්‍රපට එපාවිය හැකිය. ලන්කා සිනමා ඉතිහාසය තුල මෙවන් චිත්‍රපට දක්නට නොමැති අතර යම් ප්‍රමානයකින් හෝ සමීප විය හැක්කෙ සුලඟ එනු පිනිස සහ ඉගිලෙන මාලු වැනි ප්‍රන්ශ සාහිත්‍ය කේන්ද්‍ර කොටගත් නිර්මානවලට පමනයි.මෙවර මෙම චිත්‍රපටයෙ එකදු දෙබසක් හෝ දකින්න නොලැබීම විශේෂ කොට සැලකිය හැකියි. එහෙත් කතාව තිරරචනය තුල ඇති ජවසන්න බව නිසා කතාව ඕනේම අයෙකුට වැටහේ. moebius රසවිඳිය නොහැක. ඒ වෙනුවට චිත්‍රපටයෙ ඇති දර්ශනවල නියම අර්ථය වටහාගැනීම කල යුතුය.


    MoebiusFeat.png




    මෙම කතාව ගොඩනැගී ඇත්තෙ මව, පියා සහ පුතුගෙන් යුතු පවුලක් වටා වන අතර කතාව ආරම්භයේදී පියා වෙනත් කාන්තාවක සමග අනියම් සම්බන්ධතාව ගොඩ නගා ගෙන ඇති බවට හෙලිවේ. ඉන් පසුව මව මේ ක්‍රියාවට විරෝධය දක්වන අතර ඒ නිසාම ඇය සැමියාගෙන් පලි ගැනීමට උත්සාහ කරයි. මේ අවස්ථාවේදී පලි ගැනීමට සිතූ කාන්තාව සැමියාගෙ පුරුෂ ලිඟුව කපා දැමීමට මාන බලයි. එහෙත් උත්සාහය වැලකෙන අතර ඉන්පසුව කාන්තාව තම පුතාගෙ පුරුෂ ලිඟුව කපා ආහාරයට ගනියි. ඉන්පසුව මව ගෙදරින් පලායයි.

    මේ සිදුවීම නිසා පුතා සමාජයේ විවිධ ආකාරයේ කම්කටොළුවලට මුහුන දෙන අතර කලකට පෙර තම පියාගෙ අනියම් පෙම්වතිය මොහුව තමන් සතු කරගැනීමට මාන බලයි. මේ පුතාට අවෂ්‍යතාව තිබුනට එක ඉටුකරගත නොහැකිවෙයි. එහෙත් අහබු සිදුවීමකින් මේ කාන්තාව සමූහ දූෂනයකට ලක්වෙන අතර පුතාද ඊට සම්බන්ධ වෙන අතර කෙසේ හෝ පුතා මෙයින් ගැලවෙයි. මේ අතර තම පුතාට අත්වූ ඉරණම පිලිබඳ කම්පාවට පත්වෙන පියා තම පුතාට තමන්ගෙ ලිඟුව ලබාදීමට ක්‍රමයක් සොයයි. එහීදී පියා ලිඟුවක් නොමැතිව ඒ සතුට ලබා ගැනීමට ක්‍රමයක් සොයාගනීයි. ඒ තම ශරීරයට දුක් දීමයි. කොටින්ම තම ශරීරය රිදවා ඉන් සතුට ලබා ගැනීමයි. මේ ආකාරයෙන් ඉදිරියට ගලායන කතාව මවගෙ නැවත ආගමනයත් සමග තවත් ජුගුප්සාජනක වේ.

    680x478




    මෙම චිත්‍රපටය විනෝදජනක බවට විවාදයක් නොමැත. එමෙන්ම අධ්‍යක්ෂකවරයා මේ හිරිකිත, බාල චරිතවල ඇති ස්වරූපය මැනවින් ප්‍රේක්ෂයා වෙත සමීප කරයි. දෙබස් රහිත මෙම චිත්‍රපටයේ දී අධ්‍යක්ෂකවරාගෙ හැකියාවන් මනාව ඉස්මතුවෙන අතර කතාවේ අවසාන ඉතා සිත්ගන්නා ආකාරයෙන් සිදුවේ. සැබැවින්ම මෙම චිරපටයෙ පුරුෂ ලිඟුව තුලින් ඒ සමග බැඳී තිබෙන රාගය/බැඳීම්/හැඟීම් නිරූපනය වේ. කතාවෙ සම්පූර්න අර්ථය ගලපා ගැනීමටනම් සම්පූර්න චිත්‍රපටයම නැරඹිය යුතුය.:P

    Watch here

     
    • Like
    Reactions: akilar25

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    තොපි කොහොමද සොන්නලුනේ මේවා බලන්නේ

    :(

    අනේ මන්ද බන්

    මානස්ත් අව්ල් වෙනවා බන් මේවා බලල


    මම නං බලන්නේ මචන් නෝමල් ෆන් ඒවා විතරය්

    සීරියස් ඒවා බලන්නේ නැ බන්


    ඔලුව කුරොලු කරගන්න ඕනේ නැනේ බන්
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,953
    1
    9,753
    113
    Gampaha
    යම් ප්‍රමානයකින් හෝ සමීප විය හැක්කෙ සුලඟ එනු පිනිස සහ ඉගිලෙන මාලු වැනි
    :rofl::lol::lol::rofl: da Faq??
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,643
    2,429
    113
    තොපි කොහොමද සොන්නලුනේ මේවා බලන්නේ

    :(

    අනේ මන්ද බන්

    මානස්ත් අව්ල් වෙනවා බන් මේවා බලල


    මම නං බලන්නේ මචන් නෝමල් ෆන් ඒවා විතරය්

    සීරියස් ඒවා බලන්නේ නැ බන්


    ඔලුව කුරොලු කරගන්න ඕනේ නැනේ බන්

    ළාමක ටින් ටින්ලට මොන සම්භාව්‍ය සිනමාවද?:P
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne



    :(:(:(:(:(


    අපි සෙට් එකක් සෙට් වෙලා කතා කරන වෙලාවක ඉගිලෙන මාළුවෝ හරියටම බලපු එකෙක් කිවා බන් උට තේරුණා විදියට කතාව
    මම නං බැලුවේ නැ

    එක ගබුරුම අරුතක් තියෙන ෆිල්මෙකක් බන්
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ළාමක ටින් ටින්ලට මොන සම්භාව්‍ය සිනමාවද?:P



    :dull::dull::dull::dull::dull::dull::dull::dull:


    ඔකේ මචන්... :):):):):):)


    මම කැමති නැ මචන් ඕව ඔලුවට ගෙන තවත් ඔලුව විකාර කරගන්න
    වැඩ පිරිලා කරගන්න බැරි තරමට. එක්සැම් පාඩන් අස්ය්න්මන්ට්ස්

    මචන් ඕව අතර තුර ටීවී එක බලනවනන් අපි එක කරන වෙලාවේ මනසට සුවයක් නේද දෙන්න ඕන

    මෙහෙම වැඩ දෙන්න ඕනේ නැනේ ඔය්ය්
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,643
    2,429
    113
    :(:(:(:(:(


    අපි සෙට් එකක් සෙට් වෙලා කතා කරන වෙලාවක ඉගිලෙන මාළුවෝ හරියටම බලපු එකෙක් කිවා බන් උට තේරුණා විදියට කතාව
    මම නං බැලුවේ නැ

    එක ගබුරුම අරුතක් තියෙන ෆිල්මෙකක් බන්
    ඒකෙ තියෙන්නෙ ලන්කාවෙ හිරවුන තාරුණ්‍ය ගැන. හැබැයි ෆිල්ම් එකේ තාක්ෂනික පැත්ත අන්තිමයි.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,643
    2,429
    113
    :dull::dull::dull::dull::dull::dull::dull::dull:


    ඔකේ මචන්... :):):):):):)


    මම කැමති නැ මචන් ඕව ඔලුවට ගෙන තවත් ඔලුව විකාර කරගන්න
    වැඩ පිරිලා කරගන්න බැරි තරමට. එක්සැම් පාඩන් අස්ය්න්මන්ට්ස්

    මචන් ඕව අතර තුර ටීවී එක බලනවනන් අපි එක කරන වෙලාවේ මනසට සුවයක් නේද දෙන්න ඕන

    මෙහෙම වැඩ දෙන්න ඕනේ නැනේ ඔය්ය්

    මම කින්ඩියට වගේ කිව්වෙ. ඔලුවට ආතල් දෙන එක කරන්න ඕන සීමාවක් තියෙනව. මොකද ජීවත්වෙනව කියන්නෙ ආතල් එකක්ම නෙමෙයි. ඕනවට වැඩිය ආතල් එක ගැන වදවෙන අය ආතල් කැඩුනම කෙලින්ම සාරි පොට පාවිච්චි කරන්නෙ.

    සමබර වුනොත් පැවැත්මක් තියෙනව. චිත්‍රපටියෙ බලල ඒකෙ තියෙන දේ හොඳනම් බාරගන්නත් එපානම් අහක් කරන්නත් හයියක් තියෙන්න ඕන. එහෙම නැතුව තමන් අකමැති හැම එකම එපා කියන එක විසඳුමක් නෙමෙයි. මනසට සුවයක් දෙන්න ටීවී බැලුවට වැඩක් නැහැ. සමාජ යතාර්ථය තේරුම්ගන්න තරමට තමයි මානසික සුවය ලැබෙන්නෙ.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne

    මම කින්ඩියට වගේ කිව්වෙ. ඔලුවට ආතල් දෙන එක කරන්න ඕන සීමාවක් තියෙනව. මොකද ජීවත්වෙනව කියන්නෙ ආතල් එකක්ම නෙමෙයි. ඕනවට වැඩිය ආතල් එක ගැන වදවෙන අය ආතල් කැඩුනම කෙලින්ම සාරි පොට පාවිච්චි කරන්නෙ.

    සමබර වුනොත් පැවැත්මක් තියෙනව. චිත්‍රපටියෙ බලල ඒකෙ තියෙන දේ හොඳනම් බාරගන්නත් එපානම් අහක් කරන්නත් හයියක් තියෙන්න ඕන. එහෙම නැතුව තමන් අකමැති හැම එකම එපා කියන එක විසඳුමක් නෙමෙයි. මනසට සුවයක් දෙන්න ටීවී බැලුවට වැඩක් නැහැ. සමාජ යතාර්ථය තේරුම්ගන්න තරමට තමයි මානසික සුවය ලැබෙන්නෙ.



    :):):):):):)



    උබ කියන දේ ඇත්ත මචන්


    හැබය් යතාර්තේ තේරුම් ගන්න නං ITN එක බලලා ඒ ගම්මටම එලියට බැහැලා කඩේක පිලක ගියානං හොදටෝම ඇති :lol::lol::lol::lol::lol::lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,643
    2,429
    113
    :):):):):):)



    උබ කියන දේ ඇත්ත මචන්


    හැබය් යතාර්තේ තේරුම් ගන්න නං ITN එක බලලා ඒ ගම්මටම එලියට බැහැලා කඩේක පිලක ගියානං හොදටෝම ඇති :lol::lol::lol::lol::lol::lol:
    ඒ ටිකෙන් මොනවද කරන්න පුලුවන්