මම අදුරන රෙස්ටුරන්ට් එකක් කරන අයිය කෙනෙක් මට කිව්ව ඒ බිස්නස් එකට වෙබ් සයිට් එකක් හදල දෙන්න කියල. ගාන ඇහුවම සල්ලි එපා හදන වැඩේට ඩොමේන් එකටයි හොස්ටින් වලටයි විතරක් සල්ලි දෙන්න කියල කිව්ව.
හා මල්ලි මට හදල පෙන්නන්න කියල කිව්ව. මම සල්ලිත් ගන්නැති එකේ. ඔෆිස් ඇරිල එන ගමන් අදාල තැනට ගිහින් ෆොටෝ ටිකක් ගහන් ඇවිත් සයිට් එක හදල පොරට පෙන්නුව. පොර තැන් කීපයක් වෙනස් කරන්න කියල ඉල්ලුව කරල දුන්න ඉතින්.
දැන් මල්ලී මොකද කරන්න ඕන කියල ඇහුවම මම අර දෙකට සල්ලි ඕන කිව්ව. හරි මල්ලි මම කෝල් එකක් දෙන්නම් කියල පොර තිබ්බ. සතියකට පස්සේ පොර කතා කලා. මම හිතව තිබ්බ ඇම්මට එදාම වැඩේ ඉවර කරයි කියල. මොකද ඔය හදන දවස්වල මට මාර වදයක් දුන්නේ හදිසියි කියල. මමත් නිදි මරන් හදිසි නිසා කරේ.
පොර කතා කරල අහනව කීයක් ඕනෙද කියල. මම කිව්ව අරක ගන්න මෙච්චරයි, මේක ගන්න මෙච්චරයි යනව කියල. හා මල්ලි මම හෙට සල්ලි දෙන්නම් කියල තිබ්බ.
ඒ කෝල් එකේදි මම විස්තර කරල කිව්ව ඔය දේවල් ගැන. පොර මට දවස් දෙකකට විතර පස්සේ කතා කරල කියනව. මල්ලි ඩොමේන් ඒව ඩොලර් එකටත් තියෙනව නේ? හොස්ටින් අවුරුද්දට රු 1000ටත් තියෙනව නේ? ඇයි මේචචර යන්නේ කියල අහනව. 

මලින්ම කියන්න ඕන මම මේ වැඩෙන් සත පහක්වත් මාටිය ගහන්න තුන් හිතකවත් තිබ්බෙ නෑ. තනිකරම කලේ දන්න අදුරන කෙනෙක් නිසා. අතින් කයිට් කරගන්න බැරි නිසා තමයි විය දම් වෙන දේවල් වලට සල්ලි ඉල්ලුවේ. මට මේටික කිව්වම මම ටිකක් අවුල් ගියා නමුත් මම විස්තර කරල කිව්ව ඩොලර් එකට ගත්තට දෙවැනි අවුරුද්දෙ ඉදන් ගාන වැඩියි, බාල හොස්ටින් අවුල් අරව මේව. එහෙමද මල්ලි කියල පොර තිබ්බ.
ඊට පහුවෙනිද මම ඔෆිස් ඉන්න වෙලේ කෝල් කරල පොර කියනව මල්ලි මට බැරිද ඔය දේවල් ගන්න? ඔය දේවල් ටිකක් ඉගෙන ගන්නත් එක්ක හොදයිනේ. අනික මල්ලිටත් කරදරයක් නෑනේ කියල
මම කිව්ව කමක් නෑ පුලුවන්. මම කරල දෙන්න හැදුවේ අයිය ඕව ගැන දන්නැති නිසා කියල. පොර කියනව ඔව් ඔව් මල්ලි මම දන්නව කෝකටත් ඉගෙන ගන්නත් එකක් හොදයිනේ කියල. 
ඒත් පහුවදා ආයි කොල් කරල එන ගමන් මේ පැත්තෙ එන්න කිව්ව. මම ගියාම පොර මට කියලම ඒව කරගත්ත උගේ කාඩ් එකෙන් පේකරල. බලනකොට පොරගේ ඥති වෙන පරිගණක සඟරාව බලන පොඩි එකෙක් කියල තියෙන්නේ මෙච්චර අඩුවට හොස්ටින් තියෙනව ඔච්චර ලොකු ගානක් ගෙවන්න එපා කියල. මම කමක් නෑ කියල කරා
සයිට් එක හොස්ට් කරාට පස්සේ කෝල් කර කර කියනව ස්ලෝ කියල. මම හේතුව කිව්වම එහෙමයි නේ මල්ලි කියල තියෙනව. ආපහු ඩවුන් උනාම ආයි කෝල් කරනව.
මට කියනව බලන්නලු. මම ලොග් වෙලා සපෝට් ටිකට් දදා, හොස්ටින් උන්ට කොල් කර කර නැහෙන්න ඕන. 
පුදුම වදයක් දුන්නේ මේ මනුස්සය.
පොරට මාව ශුවරුත් නෑ පොර හිතන්නේ මම පොරව රවට්ටල සල්ලි ගන්න ගියා කියල.
අනිත් එක පට්ට කුනු ලෝබයෙක්.
මම හිතාගත්ත තවත් ජීවිතේට මේ වගේ ගොංකන්නම් කරන්නෙනෑ කියල. මම සාමාන්‍යයෙන් තදින් කතා කරන, හිත රිදෙන්න කතා කරන කෙනෙක් නෙමේ. වෙන එකෙක්නම් හොදවයින් දෙකක් කියල.

දැන් මාර ඇනයක් වෙලා තියෙන්නේ. සයිට් එක අප්ඩේට් කරන්නත් වෙලා තියෙන්නේ මට.
ගූගල් එකේ පෙන්නන්නෑ කිය කිය මැරෙන්න හදනව. මම කිව්ව කාලයක් යනව කියල. පොර අහන්නෑ පොරට මම ශුවර් නෑ වගේ කා වෙන් තේරෙන්නේ.
මචං මට මේ මනුස්සයෙගෙ හිත රිද්දන්නැතුව මේ කරුමෙන් බේරෙන්න විදියක් කියපන්. මටත් හෙන ස්ට්‍රෙස් මේ මගුල නිසා.

ගූගල් එකේ පෙන්නන්නෑ කිය කිය මැරෙන්න හදනව. මම කිව්ව කාලයක් යනව කියල. පොර අහන්නෑ පොරට මම ශුවර් නෑ වගේ කා වෙන් තේරෙන්නේ. මචං මට මේ මනුස්සයෙගෙ හිත රිද්දන්නැතුව මේ කරුමෙන් බේරෙන්න විදියක් කියපන්. මටත් හෙන ස්ට්‍රෙස් මේ මගුල නිසා.